(රන්ජන් කස්තුරි)
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.
සුරා අපරාධ, මත් ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි 1913 දුරකතන අංකය ඔස්සේ සුරාබදු මෙහෙයුම් මැදිරියට දැන්විය හැකියි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
13 -14 සුරාසැල් නෑ
fairoos Wednesday, 07 April 2021 10:44 AM
වේලාසනින් කියපු එක හොඳයි. දැම්ම අරගන්න ඕනේ... නැතිනම් එදාට බඩු නැතිවෙයි.
ලුම්බිණි Wednesday, 07 April 2021 11:30 AM
බොරු වැඩ. මිනිස්සු කසිප්පු වලට පුරුදු කරන්න.
බද්රානි Wednesday, 07 April 2021 01:26 PM
බාර් හිමියන්ට ඔවුන්ගේ ආදායම තව දෙගුණයකින් වැඩිකර ගැනීමට උපකාර කරන ශ්‍රී ලංකා රජයට ස්තුතියි...!! අනේ, ඇත්තටම මෙහෙමත් මැටි මෝල් පාලකයින් හා ජනතාවක් සිටින රටක්. මගේ මහත්තයට නම් මම කිව්වා, දැන්මම වැඩිපුර බෝතල් ටිකක් ගෙනත් තියා ගන්න කියලා. නැත්නම් අපේ පොකට් එකට තමයි එ්කෙනුත් වැඩි ගානකට තට්ටු වෙන්නේ. මොකද සිංහල අවුරුද්දට අපි සිල් ගන්නවයි, කාලා බීලා ටිකක් සතුටු වෙනවා මිසක්. අපි කාටවත් පේන්න බොරු කරන්නේ මොකටද? ඇත්තෙන් ජීවත් වෙනවා මිසක්...
sunandaWednesday, 07 April 2021 02:25 PM
ඕකට ආණ්ඩුවේ උදවියට බැනලා වැඩක් නැහැ. ඕවාට බැනගන්නට ඕනේ මත්පැන් වලට ඇබ්බැහි වූ බේබද්දන්ටමයි. මොකද, ඕවා කව්රුත් බලෙන් පොවන්නේ නැහැනේ...
wickyFriday, 09 April 2021 03:10 AM
මම ඒත් බැලුව මේ සැරෙ පරක්කු මොකද කියල. බොන මනුස්සයා කීය උනත් බොනවා. කලින් කිවවම අදාල දවස් දෙකටත් හරියන්න කොහොමත් කලින් ගන්නවා. ඒකෙ වෙනසක් නැ. මොකද බොන මනුස්සයා, මොනවා උනත්, කීය උනත් බොනවා බොනවාමයි. ගිනි ගනන් වලට ගන්නවාට වඩා කලින් අරගෙන තියාගන්න එක හොදයි. ( 13, 14 වහල තිබ්බට, ඔවා අනිවාර්යෙන් වැඩි ගානට ගන්න පුලුවන් විදි ඇතිනෙ. ඉතින් 500/- වැඩියෙන් දීල ගන්නවට වඩා, කොහොමත් අදාල ගාන වැය වන නිස කලින් දවසෙ ගත්තම හරි ) ඇබ්බැහිද නැද්ද කියන එක නම් කිසිම අදාලත්වයක් නැ. අන්තිමට වෙන්නෙ දුප්පත් මිනිහට ඔවා වැඩි ගානට ගන්න වෙන එක. ඒ මනුස්සයට තමයි බැරි කලින් අරන් තියාගන්න... බොන එක ගැන සතුටු නැ. ඒත් ඉතින් මිනිස්සු බොනවනේ. ඒක අපිට නවත්වන්නත් බැ.
විපරමා Wednesday, 07 April 2021 01:54 PM
ඔය දවස්වල තැබෑරුම් වහන බව අපි දන්නේ අද, ඊයේ නෙවෙයි. ඒ නිසා කල්තියාම අරන් තියෙන්නේ ...
Prabha Wednesday, 07 April 2021 07:18 PM
නුවර අපි ඒ කාලේ කිව්වේ ඇතිද ධනසිරි නැතිද ධර්මසිරි කියලා
මුණසංහ Thursday, 08 April 2021 01:40 AM
12දාට මේව ළගින් යන්න බැරිවෙයි. පොරේ නිසා. ඊළඟ පොකුර හරි!
wedage Thursday, 08 April 2021 04:40 AM
කලින්ම කියපු එක හොඳයි හොරාට අරක්කු සහ කසිප්පු විකුණන අයට ගබඩා කරලා තියාගන්න පුළුවන් නේ.... සෑම පෝයකටම සහ අවුරුද්දකටම මේ දැන්වීම දානවා නේ
kmal Koyrala Thursday, 08 April 2021 05:14 AM
කොහොමද ඒක. ගල් කාලක් භාගයක් ගන්න ඒවා වහලා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බී 7 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුට්ක්විලා බලපත්‍ර ලත් ස්ථාවලටට එම දිනවල මත්පැන්හල විවෘතව තැබිය හැකියි.