IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

එම කාර්ය මණ්ඩලයෙහි කිහිප දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත අද (25) සවස කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කිරීමේදී ඉන් 10 දෙනෙකු ආසාදිතයින් බව හදුනා ගත් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

අද සවස එම ලියාපදිංචි කිරීමේ කාර්ය මණ්ඩලයෙහි 100 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.

එම කාර්යාලයෙහි තවත් පිරිසක් ගම්පහ රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේ දී පස් දෙනෙකු ආසාදිතයින් බවට තහවුරුවී ඇත.

මේ අතර අද දිනය වනවිට ගතවු පැය 24 තුළ ආසාදිතයින් 13 දෙනෙකු ඇතුලුව කොවිඩ් 19 දෙවන රැල්ලෙන්, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 603 දෙනෙකි.



අදහස් (0)

15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 0 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මැයි රැළි ඇති ප්‍රදේශවල සුරාසැල් හෙට වහයි
2025 අප්‍රේල් මස 30 60 0

මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය


අක්කර දාහක වන වගාවක් හදන්න යයි
2025 අප්‍රේල් මස 30 163 0

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.


මව වෙනුවට පුතා අත්අඩංගුවට ගත්තාට පොලිස් ලොක්කා උසාවි කැඳවයි
2025 අප්‍රේල් මස 30 554 0

වරෙන්තු ලබා සිටි ඇපකාරියක අත්අඩංගුවට ගැනීමට ගොස් ඇය නොමැති නිසා ඇගේ වයස අවුරුදු 08 ක බාලවයස්කාර පාසල් දරුවකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රාත්‍රී කාලයේ රඳව


මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 180 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයෙන් ළමා චිත්‍ර තරඟයක්
2025 අප්‍රේල් මස 30 84 1

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 230 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 66 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1092 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site