IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


15 දැරිය දූෂණ කළැයි විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ බාල වයස්කාර දැරියට ලිංගික අතවර කළැයි ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය, ලුතිනන් කමාන්ඩර්වරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (6) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හතළිස් එක් හැවිරිදි තිදරු පියකු වන වෛද්‍ය දිමුතු ද සිල්වා සහ ත්‍රිරෝද රථ රියැදුරකු වන වෙලේගොඩ ආරච්චිගේ දනුෂ්ක පුෂ්පකුමාර යන අයවලුන්ය.

තම සේවාදායකයා සිද්ධිය වූ ස්ථානයට ගිය බවට සහ අදාළ දැරියගේ ජංගම දුරකතනයේ සඳහන් වන අන්දමට ‘ඩොක්ටර් දිමුතු’ යනු තමන් බවට පිළිගන්නා බව සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තමීර රොද්‍රිගු මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධිය සදාචාරාත්මකව පිළිගත හැකි එකක් නොවන නමුත්, නෛතික තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී ‘අනාචාරය’ යනු අපරාධමය වරදක් නොවන බවත් අධිකරණයට සඳහන් කළ නීතිඥවරයා, තම සේවාදායකයා ශ්‍රී ලංකා නාවික හමුදා රෝහලේත්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේත්, රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේත් සිටින හෘද රෝග පිළිබඳ එකම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා බවත් ප්‍රකාශ කළේය.

මෙරටේ මෙවන් පුරවැසියන් මේ සිද්ධියට යොමු වූයේ ඇයි දැයි යන්න අධිකරණයට හෝ නීතිය ඉදිරියට අදාළම නැති ප්‍රශ්නයක් බවත්, විශේෂයෙන්ම සැකකරුවන්ගේ සමාජීය වගකීම අධිකරණයට අවශ්‍ය නොවන බවත් එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

තම සේවාදායකයා එම තැනැත්තිය සමඟ අදාළ ස්ථානය වෙත ගියේ, ඇය බාල වයස්කාර දැරියක බව නොදැන වන බවත්, එහිදී ඇය බාල වයස්කාරියක බව දැනගැනීමෙන් පසු ඔහු වහාම එම ස්ථානයෙන් ඉවත් වූ බවත් නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අදාළ හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන විමර්ශනය කළහොත් ඒ බව දැනගත හැකිවනු ඇති බවත්, තම සේවාදායකයා පොලිසියට හෝ වගකිව යුතු ස්ථානයකට මේ බව පැමිණිලි නොකිරීම වරදක් බව පිළිගන්නා බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපති එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත එදිරිසිංහ, බලගොඩ ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් මහරුෆ් මොහොමඩ් රිෆාන් සහ පියල් ගමගේ යන සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද එහිදී මහේස්ත්‍රාත්වරිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

සැකකරුවන්ගේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.

තමන් විසින් සිදුකරනු ලැබූ වරද සම්බන්ධයෙන් තම සේවාදායකයන්ට මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට සඳහන් කරමින් ඔවුන්ගේ නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම අපරාධ සිද්ධියට අදාළව දරුවා අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවිය සහ එවැනි අනර්ථකාරී වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීම සඳහා ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරිය එහි අධ්‍යක්ෂ ජනරාල් ඔෂඳ ගුණතිලක මහතාට නියෝගයක් නිකුත් කළාය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයකු හෝ සුදුසු නීති නිලධාරියකු එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද එම නියෝගයෙන් තවදුරටත් දක්වා තිබිණි.

අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (6) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මේ කරුණු ඉදිරිපත් විය.

පැමිණිල්ල වෙනුවෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත, පොලිස් සැරයන් (42373) සමරසිංහ, පොලිස් සැරයන් (44823) සුනන්ද සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙනී සිටියේය.

මෙම විමර්ශනයට අදාළ වෙබ් අඩවිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී තවත් එවැනි වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරු අනාවරණය වූ බවත්, එයින් වෙබ් අඩවි තුනක් සම්බන්ධයෙන් තහනම් කිරීම සඳහා අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මාස්ටි ලංකා ඩොට් කොම්, රෙඩ් රෝස් ලංකා ඩොට් කොම් සහ මසාජ් පබ්ලික් ඩොට් කොම් යන මෙම වෙබ් අඩවි තුන තහනම් කරන ලෙසට නියෝග කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමට අධිකරණ නියෝගයක් ලබාදෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙවැනි අශ්ලීල අනවශ්‍ය ක්‍රියා සිදුවන වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම ගත යුතු ක්‍රියාදාමය එම කොමිෂන් සභා පනතින් දක්වා ඇති බවත්, ඒ අනුව ඒ ඒ රාජ්‍ය ආයතන තමා සතු කර්තව්‍යයන් සිදුකළ යුතු බව අධිකරණයේ මතය බවත් සඳහන් කළ අධිකරණය, ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝග නිකුත් කළ යුතු නොවන බවට ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළ 31 වැනි සැකකරු වන ත්‍රිරෝද රථ රියැදුරා, මෙම සිද්ධියේ 12 වැනි සැකකරු වන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල් ප්‍රභාත් නන්දන යන අයට දැරිය හඳුන්වා දී ඇති බව මෙහිදී ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙහි 32 වැනි සැකකරු වන විශේෂඥ වෛද්‍යවරයාට ‘මහේෂ්’ නමැති අයකු දැරිය සම්බන්ධ කර දී ඇති අතර, සැකකාර වෛද්‍යවරයාගේ කාර් රථයට කොල්ලුපිටිය ප්‍රදේශයේදී දැරිය නංවාගෙන ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි හෝටලයකට ගෙන ගොස් ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම දැරිය කොල්ලුපිටිය ප්‍රදේශයට කාර් රථයකින් ගෙනැවිත් දී ඇත්තේ මොරටුව ලක්ෂපතියේ පදිංචි මෙහි පළමු සැකකරු වන රජීව් ජයනාත් නමැත්තා බවත්, දැරිය මෝටර් රථයට නංවා ගන්නා අවස්ථාවේදී ඇය දැරියක බව වෛද්‍යවරයකුට දැනීමක් නොතිබුණා යැයි කීම පිළිගත නොහැකි කරුණක් බවත් පොලිසිය අධිකරණයට සඳහන් කළේය.

මෙම සැකකාර වෛද්‍යවරයා දැරිය සමඟ කාමරයට යෑමට පෙර එම හෝටලයේ අවන්හල තුළ කෝපි බොමින් සිට ඇති බවත්, ඇය දැරියක බව හඳුනා ගත්තේ කාමරයට ගියාට පසුව යයි කීම පිළිගත නොහැකි බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම වින්දිත දැරිය සම්බන්ධයෙන් අධිකරණය කළ පළමු නිරීක්ෂණයේදීම ඇය බාල වයස්කාර දැරියක බවට හඳුනාගත් බවත්, ඇය සම්බන්ධයෙන් බැලූ බැල්මට එය පෙනෙන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා එම ස්ථානයට ගියත්, ඇය අපයෝජනය නොකළ බව වගකීමෙන් කියා සිටින බවත් ඇය බාල වයස්කාරියක බව හඳුනා ගත්තේ කාමරයට ගිය පසුව බවත්ය.

තම සේවාදායකයා විශේෂඥ වෛද්‍යවරයකු වන අතර, එම තැනැත්තියගේ අපිරිසුදුකම සහ ඇගේ මොළය වර්ධනය වී ඇති ආකාරය සම්බන්ධයෙන් වැටහීමක් ඇති වීමෙන් මෙම තත්ත්වය හඳුනාගෙන ඇති බව ද නීතිඥවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් තම සේවාදායකයා වහාම එම ස්ථානයෙන් පිටත්ව ගිය බවත්, වගකිව යුතු බලධාරියකුට නොදැන්වූයේ ඔහුගේ රැකියාවේ තත්ත්වය සහ සමාජ තත්ත්වය හේතුවෙන් බවත් සඳහන් කළ නීතිඥවරයා, ඔහු රට හැර නොයන බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලීමක් කළේය.

අදාළ දැරිය මෙම සැකකාර වෛද්‍යවරයා නැවත දුටුවොත් හඳුනාගත හැකි බවට සඳහන් කරන බැවින්, ඔහු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන බව එහිදී පොලිසිය සඳහන් කළේය. එහිදී සැකකරුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ප්‍රතික්ෂේප කරන අතර, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වැනි වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් කිරීමට සූදානම්ව සිටින බවය.

ඒ අනුව, මෙම සිද්ධියේ 09, 11 සහ 13 යන සැකකරුවන් සමග මෙම සැකකාර වෛද්‍යවරයාට ද අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අධිකරණය අවසර දුන් අතර, සැකකාර වෛද්‍යවරයාට ලබන 9 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් වන ලෙසත්, අදාළ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් හොඳින් නිදහසේ සිතා පැමිණෙන ලෙසත් මෙහිදී අධිකරණය දැනුම් දුන්නේය.

අනෙක් සැකකරුවන් තිදෙනාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් දැනුම්දීමට අද (7) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ අධිකරණය, මෙහි 31 වැනි සැකකාර ත්‍රිරෝද රථ රියැදුරා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙම සිද්ධියට අදාළව මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු වූ මොහොමඩ් අස්මලී යන අය ඇතුළු සැකකරුවන් 32 දෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

එම සැකකරුවන් අතර චීවරධාරියකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරියකු, මැණික් ව්‍යාපාරිකයකු, නැවක කපිතාන්වරයකු මෙන්ම දේශපාලනඥයකු, කෝටිපති ව්‍යාපාරිකයකු ද ඇතුළු විශේෂ පුද්ගලයන් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.



අදහස් (4)

15 දැරිය දූෂණ කළැයි විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා රිමාන්ඩ්

Raveendra Tuesday, 06 July 2021 04:05 PM

දැන් මේ වැඩේ කරපු ඈයින්ගේ පවුල්වල උදවියට මොනතරම් ලැජ්ජාවක්ද? වැදගත්, වටිනා ගෞරවනීය නිල ඇඳුමට මේ පුද්ගලයා අසූචි පමණක් නොව තමාගේම මුත්‍රාද හලාගෙන ඇත.

:       1       417

Bishan Tuesday, 06 July 2021 04:51 PM

මෙයාට නම් නිදහසක් ලැබෙයි. හමුදාවෙනේ.

:       17       37

amali Tuesday, 06 July 2021 04:56 PM

මේ පුද්ගලයාගේ මුහුණ පෙන්වන්න..!!!

:       19       47

ගගන Tuesday, 06 July 2021 07:55 PM

රෙද්ද අස්සෙත් ගූගල් කොට කොට ඇඩ් හොයන ගමන් යන්නේ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 338 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1429 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1145 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 429 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1126 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 427 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site