IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


16 දැරියට අතවර කළ සිසුන් 21 දෙනා රැඳවුම් බාරයට

(කේෂර ගුණතිලක)

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ශිෂ්‍යයන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.

පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මහතාට ඉකුත් හත්වෙනිදා ලද බුද්ධි තොරතුරක් මත තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ එම පාසලේම සහ තවත් පාසලක සිසුන් පිරිසක් සහ ඊට අනුබල දුන් සැකකාරියක තණමල්විල පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවටගෙන තිබිණි.

අතවරයට පත්වූ දැරිය තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයකර ලිංගික අපයෝජනය සිදුකිරීම,බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම,ස්ත්‍රී දූෂණය සහ රංචු ගැසී ස්ත්‍රී දූෂණය සිදුකිරීම යන චෝදනා යටතේ ඉකුත් (11) වෙනිදා මෙම පිරිස අත්අඩංගුවටගෙන ඇත.

මෙම ස්ත්‍රී දූෂණයට අනුබලදීම සම්බන්ධයෙන් තණමල්විල තැපැල් කාර්යාලය පිටුපස පදිංචි 39 හැවිරිදි කාන්තාවක්ද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 



අදහස් (10)

16 දැරියට අතවර කළ සිසුන් 21 දෙනා රැඳවුම් බාරයට

NWS KUMARA Monday, 12 August 2024 05:16 PM

දැන් පාසල්වල ඉන්නේ නරුමයෝ...!

:       0       54

Raviindra Siyambalapitiya Monday, 12 August 2024 05:33 PM

එතකොට හොරෙන් ලියවිලි සකසා පාසලේ බම්බුව රකින්න කටයුතු කළා කියන ගුරු උපදේශක හා විද්‍යාලයේ විදුහල්පති හා විනයතකා කටයුතු කළා කියන කමිටුවේ අයට මොකුත්ම කරන්නේ නැද්ද? ඒක එහෙම නම් කියන්න වෙන්නේ ඉතින් මොකේදැයි දන් වළඳන්නේ? තිබුණු පාත්‍රයේ කොස් ඇට බැද්දේ කියලා තමයි ඊළඟට මෙහෙම අය ළමා නිවාසවල රැඳවීම ඉතාමත් භයානකයි. ඔවුන්ව රැඳවීම කරන්න ඕන පරිවාස දෙපාර්තමේන්තුවේ රැඳවුම් නිවාසවල පමණයි...

:       0       63

fairoos Monday, 12 August 2024 05:43 PM

දැන් නම් ලංකාව හොඳටම පිරිහිලා...

:       0       53

Rata Perata Monday, 12 August 2024 06:27 PM

ළමයි දූෂණය කරලා පාර්ටි දාපු අය හදපු අමන දේශපාලකයෝ කවුද කියලා හොඳට මතක් කරගන්න.

:       4       41

jayantha Monday, 12 August 2024 06:39 PM

ඒ ගෑනු දරුවා අනාත වෙලා අපකීර්තියට පත්වෙලා ... ඊළගට දැන් ඔය පිරිමි ළමයි 21 දෙනාගේත් අනාගතයම අඳුරු වෙනවා මේ වගේ දේවල් පත්තර ටීවීවල ලොකු නිවුස් කරලා ඒ දරුවන්ගේ අනාගතේ විනාශ කරන්න එපා. මේ සියලු දෙනා මේ වගේ දෙයකට යොමුවෙලා තියෙන්නේ සමාජයේ වැඩිහිටියන්ගේම වරදින්... ඒ අම්මා තාත්තාත් තමන්ගේ දුව යන එන තැන් කරන්නේ මොනවාද කියලා සොයලා බලලා නැහැ.. ගෑනු ළමයාට බොන්න දීලා කියලා තිබුණානේ.. එහෙම දුවෙක් බිල ගෙදර එනකොට දෙමාපියන්ට තේරෙන්නේ නැද්ද? පිරිමි ළමයිගේ දෙමාපියනුත් තමන්ගේ පුතාලා මොනවාද කරන්නේ කියලා සොයලා නැහැ.. ගුරුවරු, විදුහල්පතිත් වැරැදියි... දරුවන්ව පුනරුත්ථාපනය කරන්න වෙයි.. වැඩිහිටියන්ට දඬුවම් කරන්න...

:       12       26

GMOAMonday, 12 August 2024 10:15 PM

ඔයාගේ දුවෙක්ට ඔහොම වෙච්චි දවසක ඔයා ඔය දාර්ශනික අදහස් ක්‍රියාත්මක කරන්න. දරුවගේ අනාගතේ නේ පත්තර, ටීවී වල ගියාම හරි නෑනේ. ඔහොම හිතලා ඔයා වැඩිහිටියන්ව හොයාගෙන දඬුවම් දෙන්නකෝ. දැනට ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න දීලා ඔයාගේ අදහස් ටික පරිස්සමෙන් තියාගන්න. ඔය ළමයාගේ හැසිරීම පටිගත කරා කියනවා. දැන් ඒවා එළියට දානවා කියලා බයගැන්නුවාට පස්සේ ඒ ළමයා බීලා ආවත් ඇත්ත කියයිද? මේක මෙතැනින් නතර වෙයි... මේක අවසාන වතාව කියල කී සැරයක් ඒ ළමයා ඒ දේවල් ඉවසන් ඉන්න ඇත්ද? දැන් ඔයා කියන විදිහට ඒ පිරිමි ළමයින්ගේ වැඩිහිටියන්ට දඬුවම් කරාම, ඒ අහිංසක පිරිමි ටික හරි විනීතව හැසිරෙයි නේද? මේ දේවල් මෙහෙම සමාජගත් වෙන හින්දයි අඩුම තරමේ යම් සාධාරණයක් හරි ඒ ළමයාට ඉෂ්ට වෙන්නේ. නැත්තන් වෙන්නේ වැරැද්ද කෙල්ල පිටින් යයි. කොල්ලෝ ටික කිසිම බරක් පතලක් නැතුව තවත් කෙල්ලෝ දුසිම් ගණන් අනාථ කරයි.

:       0       0

සාලිය Monday, 12 August 2024 06:53 PM

මේ දූෂණ සිදුවීම යටපත් කිරීමට උත්සාහ කළ විදුහල්පති ඇතුලු ගුරුදෙගුරුන් අත් අඩංගුවට ගන්නේ නැත්ද?

:       1       46

Banda Monday, 12 August 2024 07:57 PM

මේකට විදුහල්පති සම්බන්ධයි වගේ...

:       0       0

සෙනෙවිරත්න Monday, 12 August 2024 09:09 PM

මේ ළමුන් මැක්ස් වැනි අය විසින් පත්කළ, ළමුන් දූෂණය කර වාර්තා තැබූ අයගෙන් පැවතෙන්නන් මිස ජවිපෙ අය නොවේ.

:       0       0

SK Tuesday, 13 August 2024 09:49 AM

පාසලේ විදුහල්පති, විනය කමිටුව ගැනත් නීතියෙන් බලන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 441 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 105 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 885 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 978 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2761 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1747 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25362 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23405 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site