IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි

(රන්ජන් කටුගම්පොල)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද  (04) නිකුත් කළේය.

වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීමෙන් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් අපහසුතාවට පත් විය හැකි බවත් සඳහන් කරමින් වතු සමාගම් 21ක් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

වතු සමාගම් 21ක් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කම්කරු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 18 වැනිදා විභාග කිරීමට දින නියම කෙරිණි.

 



අදහස් (7)

1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි

දස්තා Thursday, 04 July 2024 11:31 PM

ඔන්න ඕකයි ලංකාවේ හැටි... පොඩි එකා හැමදාම හිඟමනෙ..

:       2       4

Bandara Friday, 05 July 2024 12:49 AM

අයියෝ පෙබරවාරි 18 වෙනකොට ජනාධිපතිවරණෙ ඉවරයි. ආඬවනේ රනිල්?

:       1       2

Siripala Friday, 05 July 2024 05:12 AM

Bis Mouth (Manusha) ගේ නොදැනුවත්කමට බෙහෙත් නෑ

:       0       2

Nimesh Friday, 05 July 2024 06:33 AM

මේක වතු කම්කරුවන් ගැන අනුකම්පාවෙන් හදපු ගැසට් එකක් නෙමෙයි ,රනිල්ගේ ජනාදිපති වියරුවේ තවත්එක් නාටකයක්

:       1       4

රසික Friday, 05 July 2024 06:41 AM

අත්පුඩි ගහපු සියළුම දෙනාට ජයවේවා.

:       0       3

Saman Friday, 05 July 2024 09:26 AM

රනිල් කියන්නේ ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවේ. චන්ද ඔස්තාර් කෙනෙක්. ඒක තමයි මේ වගේ මෝඩ තීරණ ගන්නෙ.රට විකුණල හරි පුටුවට යන්න තමයි බැලුවෙ. 2005 මතක් කරගන්න.දැන් මෙයා පිනට ඉන්න නිසා ලොකු හානියක් නෑ.වඳුරා හිටියට දැලිපිහිය නෑ වගේ.

:       1       5

narath Friday, 05 July 2024 09:50 AM

සමහර වතු සමාගම් තම සැබෑ ලාභය සඟවාගෙන පොළී පිරිවැය, ප්‍රධාන කාර්යාල ගාස්තු විශාල ප්‍රමාණයක්, පැහැදිලිව නිර්වචනය නොකළ පාරිතෝෂික ප්‍රතිපාදන, පාඩුවක් ලෙස පෙන්වීමට වතු ගිණුම්වලට විවිධ අයකිරීම් වැනි අනවශ්‍ය හඳුනා නොගත් ගාස්තු අය කරති. නිසි රාජ්‍ය මැදිහත්වීම් සහ එවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීම සහ නිසි නීති රීති සහ ක්‍රියා පටිපාටි හඳුන්වාදීම මගින් දේවල් විසඳීමට සහ මහජනතාවට හෙළිදරව් කිරීමට උපකාරී වනු ඇත. සහ ඔයිල් පාම් වැනි ලාභදායී බෝග සඳහා නිසි අධීක්ෂණ පදනමක් සහිතව අවසර දීම දිනකට 1700ක් නොව 2000කට වැඩි මුදලක් ගෙවීමට උපකාරී වේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දරුවන්ට දෙන ජනාධිපති ශිෂ්‍යත්ව ගැන නිවේදනයක්
2024 ජුලි මස 07 2 0

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍


කතා කර කර දුම්රිය මගේ ගිය සිසුවිය සහ සිසුවා දුම්රියට හැපෙයි
2024 ජුලි මස 07 58 0

අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ කතා කර කර යමින් සිටි පාසල් ශිෂ්‍යාවක සහ ශිෂයකු අද සවස දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


තරුණිය මරා ළිඳට දාන්න අනුබල දුන්නැයි 6ක් රිමාන්ඩ්
2024 ජුලි මස 07 346 0

තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ තරුණියගේ අතුරුදහන් වී සිටින පෙම්වතාගේ


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය
2024 ජුලි මස 07 477 1

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.


තැපෑල ලෙඩවන ලකුණු
2024 ජුලි මස 07 97 0

ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද(7) මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා(9) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ත


සංචාරක යාත්‍රා පදවන්නෝ දියවැලකට හසු වූ 6කගේ දිවි බේරති
2024 ජුලි මස 07 471 0

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට අසුවී ගසාගෙන ගිය තරුණයන් හය දෙනෙකු සංචාරක යාත්‍රා පදවන්නන් විසින් බේරාගෙන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිල


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 734 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1686 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3578 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site