IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


18 පිරුණු ගමන් ඡන්ද අයිතිය දෙන්න පනතක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දීම සඳහා  ඡන්ද  ලැයිස්තු මාස  04කට වරක් සකස් කිරිම සඳහා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සකස් කළ බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

ඡන්ද ලියාපදිංචි කිරීමේ සංශෝධනයෙන් පසු පෙබරවාරි මාසයේ 01 දින සිට මැයි මස 31 වෙනි දින දක්වාත්, ජූනි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 වෙනිදා දක්වාත්, ඔක්තෝබර් මස 01 දින සිට ජනවාරි මස 31 වෙනි දින දක්වාත් අලුත් ඡන්ද දායකයින්ට ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට  අවස්ථාව ලැබෙන බව ද දිනේ්ෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මෙමගින්  තරුණ පරම්පරාවට ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කරගැනීමේ අවස්ථාව මේ ලැබෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීමෙි විවාදය අරඹමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙි බව කීය.



අදහස් (9)

18 පිරුණු ගමන් ඡන්ද අයිතිය දෙන්න පනතක්

චන්දදාස Thursday, 07 October 2021 10:24 PM

ඡන්ද නාමලේඛන සැකසීමේදී අලුතින් ඇතුළු කරන නම ලේඛනයේ මුලට ඇතුල්වී ගෘහ මූලිකගේ නම පසුව ලියාපදිංචි කිරීම වෙනස්කර ලේඛනයේ නම් වැඩි වයස් මුලින්ම සිටින ලෙස සකසන්න

:       1       0

Nihal Friday, 08 October 2021 03:44 AM

කිරි දරුවාට පවා ඡන්ද අයිතිය දුන්නත් ඔහෙලාට නම් ආයේ කවුරුත් ඡන්දෙ දෙන්නේ නෑ..

:       0       0

Perera Friday, 08 October 2021 04:15 AM

මේ ක්‍රමවේදයෙන් ආණ්ඩුවට සෙතක් වේවිද?

:       0       0

Lalith M Friday, 08 October 2021 06:41 AM

ඕක කලොත් ඊළඟ ඡන්දය උඩින්ම දිනනවා දිනනවාමයි. අපේ ලමයි බලාගෙන ඉන්නේ ඉස්කෝලෙට නොගිහින්ම වැඩිහිටියන් වෙන්න.

:       0       0

Siri Friday, 08 October 2021 07:41 AM

නරකද ඒ ගමන්ම 60 පිරුණු අයට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙන්න පනතකුත් ගෙනාවා නම්...

:       0       0

Bamunuarachchi Friday, 08 October 2021 08:02 AM

18 පිරුනා කියන්නේ චන්දයක් පාවිච්චි කරන්න තරම් බුද්ධිය මුහුකුරා වයසක් නොවෙයි ජෙප්පන්ගේ ගොදුරක්. අවබෝදයක් නැතිව ලේ සැලෙන විප්ලව හොයන වයසක්. ඔවුනට අගතියක් කර ගත්තාට අපිට කමක් නැත ඔවුන් නිසා අපිට විඳවන්න සිදුවෙනවා. එම නිසා චන්ද අයිතිය දෙන්න එපා.

:       2       1

සිසිර Friday, 08 October 2021 09:09 AM

18 පිරුණ ගමන් චන්ද අයිතිය ලැබුනට කෝ ඒක දෙන්න මැතිවරණ....ඒව කල් යනවනේ...හරිනම් අතුරු මැතිවරණ පවා තැබීමෙ යාන්ත්‍රනයක් ඇති කල යුතුය..එතකොට ජනමතය එලියට එනවා.. එතකොට පාලකයන් වැරදි අඩු කර ගන්නවා..

:       0       0

kamal Friday, 08 October 2021 09:56 AM

18 පැන්න ගමන් කොල්ලෝ කෙල්ලන්ට ඕන කරන මූලිකම දේ චන්දේ තමයි .මොන තරම් හොඳ වැඩිහිටි දේශපාලුවෝ රන්චුවක්ද මේ ?

:       0       0

කිරි පුතා Friday, 08 October 2021 10:18 AM

පක්ෂවලට බෙදී ඇට්ටර වෙලා හොඳක්, නරකක් තේරුම් ගන්න බැරුව අසූචි බවට පත්වූ තම පක්ෂයේ නම් සුවඳයි කියන රෝස මලක් වූත්, වෙනත් පක්ෂයක නම් ගඳයි කියන වැඩිහිටියන් සිටින රටක, පාර්ලිමේන්තු යැවිය යුතු මිනිසුන් තෝරගන්න තරුණ දරුවන්ට හොඳ අවස්ථාවක්... රටට හොඳක් වේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 325 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1989 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 786 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 426 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3194 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2340 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site