IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


19 ආපස්සට හරවන්න දෙන්නේ නෑ

(බිඟුන් මේනක ගමගේ) 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඑන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඊට සුදුසුම ක්‍රමය එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එය ඇතුලත් කර ඊට ජනවරමක් ලබා ගැනීම යැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඒකාධිපතිභාවය නැතිකරන්නට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනආවේ ජනවරමක් අනුව යැයි ද 19 යනු ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනයක් යැයි ද පරණවිතාන මහතා කීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමාසහිතකම් ඇති බව ජාතික හෙළ උරුමය පිළිගන්නා නමුත් එය පාර්ලිමේන්තුව මගින් නිවැරැදි කරනු විනා ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැරවීමට කිසිසේත් ඉඩ දිය යුතු නැතැයි නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම යනු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ ප්‍රතිපලයක් යැයි ද 2015 අගෝස්තුවේ දී මෙරට නිදහස් හා සාධාරණතම මහමැතිවරණය පවත්වන්නට හැකිවූයේ ඒ නිසා යැයි ද පරණවිතාන මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා එක්ව පසුගිය ඔක්තෝම්බරයේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කළ හෙතෙම එය පරාජය කිරීමට හැකිවූයේ ද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම නිසා යැයි ද කීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය ආපස්සට හැරවුවහොත් නැවත රට ගමන් කරනු ඇත්තේ ඒකාධිපතිවාදයකට යැයි ද එය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් නොවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

19 ආපස්සට හරවන්න දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 105 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 662 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 294 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


ශ්‍රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට
2025 අප්‍රේල් මස 08 1041 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.


හිතුමතේ බෙහෙත් ගත් ගැබිනි මව මරුට
2025 අප්‍රේල් මස 08 1325 0

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් ‍තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියග


දේශබන්දුට එරෙහිව කමිටුවක් පත් කරන යෝජනාව මැති සබේ සම්මතයි
2025 අප්‍රේල් මස 08 533 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 711 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 586 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1036 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site