IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


’19 අහෝසි කිරීමට එරෙහිව සියලු කණ්ඩායම් එක වේදිකාවට කැඳවනවා’

(නිමල කොඩිතුවක්කු)

දහනවවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට  ගරු කරන සියලු කණ්ඩායම්වලට එක වේදිකාවකට එන්නැයි සමගි ජන බලවේගය ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28)පැවසීය.

තුනෙන් දෙකේ බලයෙන් ජනතාවට යහපතක් කරනවා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සහ අමාත්‍ය ධුර වැඩිකර ගැනීමට දරන උත්සාහය පිළිබඳ විපක්ෂය කනගාටුවට පත්වන බවද රාජකරුණා මහතා සඳහන් කළේය.

රටත් ජනතාවත් පිළිබඳ සිතා කටයුතු කරනවා වෙනුවට 2015ට පෙර මෙන් එක පවුලක් ඉලක්ක කර ගනිමින් රටේ පාලනය ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.
''වත්මන් රජයට ලැබී තිබෙන තුනෙන් දෙකේ බලය ප්‍රජාතන්ත්‍ර විරෝධී පවුල් පාලනයක් වෙනුවෙන් යොදා ගන්නා ආකාරයක් පේන්න තියෙනවා. මේ අය බලයට පත්වූ වහාම දහනමය අහෝසි කර අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම ගැන කතා කරනවා.

2015ට පෙරත් තුනෙන් දෙකක බලයක් ලබාගෙන කළ ව්‍යවස්ථා සංශෝධනයකින්  කළේ පවුල් පාලනය ශක්තිමත් කිරීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි. අදත් මේ අය ඒ දේම කරනවා.

19 වන සංශෝධනය ඉවත් කිරීම බලපාන ප්‍රදාන කාරණා කිහිපයක් මේ රජයට තියෙනවා. 19 ඉවත් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට යළිත් පාර්ලිමේන්තු වරම් ලබා දීම සඳහායි. පාර්ලිමේන්තු වරම් ලැබුණට පස්සේ ඔහුට මහින්ද රාජපක්ෂ ට පස්සේ තිබෙන බලවත්ම අමාත්‍යංශය ලැබේවි.

ඒත් එක්කම 19 අහෝසිකර අමාත්‍යධුර සීමාවන් ඉවත් කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. දැනටමත් අමාත්‍යධුර නොලැබී සතුටින් ඉන්න අයට කියලා තියෙනවා 19 සංශෝධනය කිරීම තුළින් අමාත්‍ය ධුර ලබා දෙනවා කියලා. ජ්‍යෙෂ්ඨයන් වුණත් මහින්ද රාජපක්ෂ සමග හිටගත්තෙ නැති අයට අමාත්‍ය ධුර ලබා දීලා නැහැ. ඒ අයට දැන් යළිත් කැරට් අලයක් පෙන්වලා තුනෙන් දෙක තහවුරු කරගන්න මේ අය උත්සාහ කරනවා.
ආණ්ඩුවට ලැබුණු තුනෙන් දෙක රටේ යහපත වෙනුවට තමන්ගේ තම පවුලේ උදවියගේත් යහපැවැත්මට යොදාගෙන තිබෙනවා. දේශපාලන භේදයකින් තොරව මෙයට එරෙහිව ඡන්දෙ දෙන්න කියලා අපි සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා.

ස්වාධීන කොමිෂන් සභා අනවශ්‍ය බවට අද මේ අය පෙන්වමින් යනවා. ස්වාධීන කොමිෂන් සභාවල යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් පාර්ලිමේන්තු හමුවට ඉදිරිපත් කරලා ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව 19 මුළුමනින්ම අහෝසි කරන යෝජනාවට අපි විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලුම කණ්ඩායම් වලට මේ සටන වෙනුවෙන් අපිත් එක්ක එක වේදිකාවකට එන්න කියලා අපි යෝජනා කරනවා.

ආර්ථිකය විශාල අර්බුදයට ලක්වෙලා තිබෙන අවස්ථාවක වත්මන් රජය අතුරු අතුරු සම්මත ගිණුම මගින් විශාල ණය මුදලක් ලබා ගන්න කටයුතු කරනවා. ආර්ථිකය කඩාවැටිල රට ණය උගුලක හිර වෙලා තියෙද්දි 19  අහෝසි කරලා තව අමාත්‍යංශ වැඩිකළොත් ඒ වියදම දරා ගන්න වෙන්නෙත් රටේ අහිංසක ජනතාවටයි. මේ අතුරු අතුරු සම්මත ගිණුමෙන් වෙන්කල මුදල් වලින් 36% ක් වෙන් කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ කියන එක ම පවුලේ පිරිසකටයි. මේ ආණ්ඩුව ලබාගන්න මහන්සි වෙච්ච අනිත් ඇමතිවරුන්ට කරන්න තියෙන්නේ උඩ බලාගෙන ඉන්න එක විතරයි.

එක රටක් එක නීතියක් කියාගෙන බලයට ආපු මේ ආණ්ඩුවෙ  පිරිස පුත්තලම ඉස්සන් වගාවක් සඳහා අභය භූමියක අක්කර දෙකකට වඩා නීති විරෝධීව විනාශ කරලා තියෙනවා. ඔක්සිජන් ඕනේ නැහැ කියපු අමාත්‍යවරයෙක් තමයි මේ දිස්ත්‍රික්කයේ නායකත්වය ගෙන කටයුතු කළේ.

කුරුණෑගලට වෙච්ච දේම තමයි අද පුත්තලමටත් වෙන්නේ. ඒ අයගේ පිරිස්වලට නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අනෙක් පැත්තෙන් සිංහරාජ විනාශ කරමින් මාර්ගයක් ඉදි කරමින් යනවා. ඇයි මේවට රටේ නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ කියල අපි මේ රජයෙන් විමසනවා'' යැයි  මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා  කීය.
 



අදහස් (56)

’19 අහෝසි කිරීමට එරෙහිව සියලු කණ්ඩායම් එක වේදිකාවට කැඳවනවා’

Sama Friday, 28 August 2020 08:38 AM

19 නිසා තමයි අගමැතියි, ජනපතියි 2019දී පාස්කු බෝම්බේ පිපිරෙනකම් කඹ ඇද්දේ... ඕක සුද්ද කරන්න තමයි මිනිස්සු ඡන්දේ දුන්නේ.. ඒනිසා රටට යහපතක් වන විදිහට ඔය 19 වෙනස් කරන්න ඕනෑ.

:       3721       5108

බුද්ධිකFriday, 28 August 2020 10:30 AM

ඒක මිසක්, අපි හිතුවේ හිටපු ජනාධිපති ගොනාට අන්දලා නීත්‍යානුකූලව පත්වුණු ආණ්ඩුවක් පැහැර ගන්න ගිහිල්ලා රජයයි ජනාධිපතියි අතර ඇතිවුණු විරසකය නිසා කියලා. අපි ඉතින් ඔයාලා වගේ ඔව්වා දන්නේ නෑනේ.

:       213       366

K PereraFriday, 28 August 2020 06:10 PM

පොදුජන පෙරමුණට ඡන්දෙ දුන්න ජනතාවගෙන් බහුතරයක්ම දන්නේ නැහැ මොකක්ද මේ 19වැනි ව්‍යවස්ථාව කියලා. මොකක්ද මේ 19 කියලා ඇහුවාම එයාලා උඩබිම බලාවි... මොකක්ද මේ 19 කියන්නේ කියලා..?

:       0       0

chithranandaSaturday, 29 August 2020 12:09 AM

බම්බුවේ ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙමෙයි එතන තිබ්බේ. සිරාගේ කුහක ගති නිසා සමගියෙන් වැඩ කරේ නැහැ. මම දකින විදියට පහුගිය ජනවරම ලබපු ආණ්ඩුව හරියට එකතුවෙලා වැඩ කරලා තිබ්බා නම් ඒ ස්වර්ණමය කාලයෙන් රට විශාල පිම්මක් පනින්න තිබ්බා. පෞද්ගලික කෝන්තර නිසා එකිනෙකාට බැණ අඬගහගෙන ඒ ස්වර්ණමය අවස්ථාව විනාශ කළා. ආයෙත් ඒ වගේ අවස්ථාවක් මේ රටට උදාවෙයි කියලා මම හිතන්නේ නැහැ.

:       0       0

Ruby Friday, 28 August 2020 09:19 AM

අපි 19 අහෝසි කරන්න කියලා කණ්ඩායමක් හදලා එකම වේදිකාවට ගොඩවෙනවා රට වෙනුවෙන්...

:       1256       1430

janahithaFriday, 28 August 2020 10:47 AM

අපි එනවා..

:       335       486

සේන Friday, 28 August 2020 09:22 AM

අමන රැළ. මහජනතාව සත්‍ය තේරුම් අරගෙනයි මේ තරම් බලයකින් මේ රජය පත් කරගත්තේ... 19 කියන තොණ්ඩුව විසිකරලා දාලා රටට වැඩක් කරන්න පුලුවන් විදිහට ගරු ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් වෙන්න ඕනෑ. විදෙස් ගැත්තන්ට, ඩයස්පෝරාවෙන් ඩොලර් ලැබෙනවුන්ට, නිවටයින්ට ඕන 19.

:       1313       2532

අහිංසාFriday, 28 August 2020 10:32 AM

ඒක හොඳයි. දැන් වෙන දේවලුත් එක්ක බැලූ බැල්මට පේන්නේ ජනතාව රැවටිලා ඡන්දය දුන්නා වගේනේ...

:       1119       489

අරණායකFriday, 28 August 2020 02:49 PM

එහෙම නැහැ. පොඩ්ඩක් කථා කරලා බලන්නකෝ...!!! බොහෝම ප්‍රබුද්ධ අදහස් තියෙන්නේ.

:       40       0

නවසීලන්තයා Friday, 28 August 2020 09:23 AM

සමගි ජනබලවේගය හෝ වේවා, එජාපය හෝ වේවා... හැම තිස්සේම බලන්නේ බලයට එන්නේ කොහොමද කියන එක විතරයි. ඔය ඔක්කොම කණ්ඩායම්වලට බලය තියෙනකොට රටට මුකුත් කරන්න කිසිම වේදිකාවකට එන්න කිව්වේ නැහැ. රට නැත්තටම නැති කළා. දැන් පොඩ්ඩක් රට හොඳ පැත්තකට යනවා පේනකොට ඒක හරස්කරන්න නම් ඔක්කොම දහන් ගැට දානවා. දැන් මෝඩ මිනිස්සු ඉන්නේ ටික දෙනයි. මිනිස්සුන්ගේ හිත ගන්නනම් වැඩක් කරලා පෙන්නන්න. කාට වුණත් එච්චරයි.

:       890       1546

wimalFriday, 28 August 2020 10:35 AM

ඔව් අප්පා, මේ නඩු ටිකත් අයින් කරගෙන, පැමිණිලි කාරයින්, විත්තිකාරයින් බවට පත්කරලා හරි ට්‍රැක් එකට ගත්තා විතරයි මේ අය වැඩේ කන්න හදනවා.

:       1033       307

janabala asamagi Friday, 28 August 2020 10:52 AM

නැවත බැඳුම්කර, ගම්මිරිස් කොත්තමල්ලි ආණ්ඩුවක් බිහිකරමු.

:       1       195

kamal Friday, 28 August 2020 09:34 AM

නැවතත් රට විනාශ වෙනකම් දඟලන්න ආසනම් ඔබලා නැවත දිනපු වේලාවක ඕවා කරගන්න​. දැන් බහුතරයක් මහජනතාවගේ කැමැත්තට ඉඩදෙන්න​.

:       473       1621

කමල්Friday, 28 August 2020 11:21 AM

අසවු අසවු! දැන් විනාශ වූ රට නැවත ගොඩනගා ඉවරයි. ආයිත් යහපාලුවෝ ගෙනැල්ලා රට නැවත විනාශ කරන්න එපා.

:       91       154

කමල්Friday, 28 August 2020 11:21 AM

අසව් අසව්! දැන් විනාශ වූ රට නැවත ගොඩනගා ඉවරයි. ආයිත් යහපාලුවෝ ගෙනැල්ලා රට නැවත විනාශ කරන්න එපා.

:       188       141

banda Friday, 28 August 2020 09:54 AM

19 වෙනස් කරන්න හදන්නේ රජපවුලේ පාලනය දිගටම පවත්වාගෙන යාමට මිස රටට වැඩක් කිරීමට නොවේ..

:       4767       5546

janabala asamagiFriday, 28 August 2020 10:45 AM

බැසිල් අදාළ නැහැ. 19 කියවලා නැහැ වගේ.. පාලන බලය පැහැදිලි නැහැ. නිලධාරීන් පත්කරන්නේපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය බලඅරගලයකින් ඇරඹුණා. අන්තිමට අරාජික වෙලා බෝම්බ ප්‍රහාර එන බව දැනගෙනත් වළක්වන්න බැරිවුණා. පොලිස්පති අකාර්යක්ෂම, පක්ෂපාතී නොවන බව ජනාධිපති දැනගෙන හිටියත් ඉවත් කරන්න බැරි වුණා. SLMC එකතු කරගෙනද 19 ආරක්ෂා කරන්න යන්නේ?

:       370       794

චන්ද්‍රසේනFriday, 28 August 2020 11:15 AM

ඒ නිසා තමයි ඒ අසාර්ථක ජනාධිපතිට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නත් දීලා, අකාර්යක්ෂම නිලධාරීන්ට උසස්වීම්නුත් දීලා දැන් පරීක්ෂණත් දියාරු කරලා තියෙන්නේ...

:       51       2

sirisena Friday, 28 August 2020 10:48 AM

19 තුළින් නේද බෝම්බ වැදුණේ... එහෙම නේද ළමයා..?

:       211       211

සුමති Friday, 28 August 2020 10:26 AM

ආනේ.. යහපාලනය කාලයේ විනාශ වෙච්ච රට මෙච්චර ඉක්මණට රෙපෙයාර් කරලත් හමාරයිනේ. අපි දැනන් හිටියේත් නැහැ.

:       49       205

janahitha Friday, 28 August 2020 10:39 AM

19 නිසා රට අරාජික වුණා. පාලනය බිඳ වැටුණා. සිරිසේන රවටා ඔහුගේ බලය පැහැර ගැනීමට රාජපක්ෂ විරෝධී ශ්‍රී ලනිප කණ්ඩායම මෝඩයාට අන්ධගෙන... පනතක් රටට වුණු සේවයක් නැත.. ශ්‍රීලනිප රාජපක්ෂ විරෝධීන් සතුටු කිරීමට බව පෙන්වා ඔවුන්ව මුලාකර ජනාධිපති බලතල පවරාගත්තා. අවසානයේදී සිරිසේනට පාඩම් උගන්වන්න ඔවුන්ම පත්කළ ලේකම්වරු පොලිස්පති මගින් දහස් ගණනක් ජීවිත බිල්ලට දෙන්නට පාරකපපු අදූරදර්ශී නඩයට සහාය ලැබෙන්නේ මුස්ලිම් කොන්ග්‍රසය සහ ද්‍රවිඩ පක්ෂ පමණි. 69 ලක්ෂයක් ජනතාවට තේරෙන මෙම අවදානම 19 අවලංගු කොට විනාශ කළයුතුය. බහුතර ජනතාවගේ පැතුම එය වුණත් යල්පැනගිය වයෝවෘද්ධ කැබිනට් එකටඑය කළ හැකි වන්නේ නැහැ. මේ දේශපාලකයා 19 කියවා නැහැ. දැකලත් නැහැ. තේරුම්ගන්න දැනුමකුත් නැහැ.

:       167       167

Raveendra Friday, 28 August 2020 10:40 AM

ඔව් ඔව් එක හොඳයි.. කැඳවන්න කැඳවන්න.. ඒ වගේම පුල්ලි මාස්ටර්ලගේ මෙන්ම බටහිර හාදයින්ගෙන් නුඹලාට ලැබෙන ගතමනාව ගැනත් මිනිසුන්ට දැනගැනුමට ඔය කටවල් ටික මේ වගේම ඇරියොත් ඔක්කොගේම ශරීර කුඩුවලට ගුණයි. එලෙසම මේ ගොයියාගෙන් මෙසේද විමසීමට කැමැත්තෙමු. පුල්ලි මාස්ටර්ලගේ මෙන්ම අර "ඌරු මාංශ අනුභව කරන හිවල් නරින්ගේ" ඡන්ද ගොඩ බලාගෙන නෙවෙයි නේද මේ කෑමොර දෙන්න යන්නේ?

:       337       858

සුරනිමලFriday, 28 August 2020 11:05 AM

රටට, ජනතාවට වඩාත් හිතැති... රට, ජාතිය, ආගම ගැන කතාකරලා, නැති යකෙක් පෙන්නලා මිනිස්සු රවටන අයද, නැත්නම් හරිදේ පෙන්නා දීලා, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් රකින්න කතා කරන අයද?

:       24       1

RaveendraFriday, 28 August 2020 02:14 PM

සුරනිමල මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අයිතිවාසිකම්, මෙන්ම මුලික අයිතිවාසිකම් ගැන තුන්ලෝකෙටම කෑමොර දෙමින් මිනිසුන් රවට්ටපු එක හොඳද?

:       317       5

පොඩිබණ්ඩාFriday, 28 August 2020 02:43 PM

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අපට එපා නම් ඔයා අපට දියකරලා පොවන්නද?

:       0       197

අමරසිරිFriday, 28 August 2020 04:52 PM

රවීන්ද්‍ර මයා වෙත, මෙතැන වැඩිහිටියන් සංවාදයක. ඔබතුමා අර මුල්ලේ ඉන්න සල්ලිවලට කොටන අයත් එක්ක ගිහින් හිටන් ඉන්න...

:       0       0

AnilFriday, 28 August 2020 11:08 AM

මෙයා නම් පහුගිය කාලයේ ලංකාවේ හිටපු කෙනෙක් නොවෙයි වගේ...

:       5       1

RaveendraSaturday, 29 August 2020 05:54 AM

Anil මයා වෙත, ඔබ නිවැරදිය.. අප දැනට දශක 3කට ආසන්න කාලයක් අපගේ මාතෘභූමියෙන් බැහැරව සිටින්නෝය. එලෙසම එම කාලය තුළදී මෙන්ම මේ මොහොතෙත් ලංකා මාතාවගේ දූදරුවන් ඔබත් ඇතුළුව (දියවන්නාව 225 ත් ඇතුළුව) "තුන් වේල කුසගිනි නිවා ගැනුමට" ඍජුවම දායක වන පිරිසෙන් කෙනෙකුවීම හිතට සියුම් ආඩම්බරයකි. මක්නිසාදයත් අප ලංකාමාතවගේ කුසේ ඉපදී නිදහස් අධ්‍යාපනය උපරිමයෙන් ලබා කලගුණ සැලකීම හොඳින් හිතට ගෙන අපගේ ලංකා මාතාවට අවංකව සේවය කර දැනට විදේශවල අපගේ ඥාණය මෙහෙයවා විදේශවලට වහල් සේවය කරමින් අපගේ ලේ, කඳුලු, දහදිය හෙලා විදේශ විනිමය ලංකාමාතාවගේ කුසගිනි නිවීමට උදව් වන්නෝය. අප "අපගේ මාතෘ භූමියට කිසිවිට, කිසිදා ණය නැත".. අපට මොන පක්ෂය බලයට ආවත් කිසිඳු අදාලත්වයක් නොමැත. අවශ්‍ය වන්නේ රටේ ආරක්ෂාව, රටේ දියුණුව මිනිසුන්ගේ දියුණුවයි. අනිල් මයා ඔබ සමහරවිට ඔබ රතු, කොළ හෝ නිල් පාටවලට අදාළ "ගොට්ටෙක් විය හැක" නමුත් අප නම් ඔය එකදු මූසල පාටවල ගොට්ටන් නොවෙන්නෙමු.. අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා..!!

:       0       112

ජයවීරSaturday, 29 August 2020 03:33 PM

Raveendra මයා වෙත. ඔබතුමා කෙතරම් ලේ, කඳුළු, දහඩිය හෙලුවත්, ඔබේ වැනි නොමේරූ, මුග්ධ අදහස් රටක දේශපාලන-ආර්ථික ප්‍රතිපත්ති බවට පත්කරගන්න තරම් කිසිම රටක ජනතාව අවාසනාවන්ත නොවේවා...!!!

:       0       0

de silva Friday, 28 August 2020 10:41 AM

පාස්කු බෝම්බ පිපුරුවේ 19 වැනි ව්‍යවස්ථාව නිසා නොව, රටේ ආරක්ෂක ඇමැති, ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇතුලු පිරිස තම රාජකාරිය හරියට ඉටුකළ නිසා...

:       12       965

kiri battaFriday, 28 August 2020 12:59 PM

රාජකාරිය හරියට ඉටු කළා නම් බෝම්බ පිපිරෙනකම් දැනගෙන නොහිටියේ මන්ද? 19න් කළේ වගකීමක් නොමැති පාලන තන්ත්‍රයක් බිහිකිරීමයි. ඒකට හරියනදෙන්නෙක් 2015දී රජවුණා.

:       110       4

SunethFriday, 28 August 2020 02:47 PM

එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාමට ලැබුණු ජනවරම උදවු කරගෙන කටයුතු කරන නව රජයට අපේ ආචාරය..!!! 

:       0       86

disnayaka Friday, 28 August 2020 10:51 AM

රටකාපු සෙට් එක එළවලා රට හදන්න තමයි ජනාධිපතිතුමාට ජනතාව බලය දුන්නේ.. මෝඩ හොරු සෙට් එක ආයෙත් කකුලෙන් අදින්න හදනවා.. රට හදන්න හදනකොට.. පර සුද්දන්ට මේ රට හදන්න බැහැ. ඉන්න ජනාධිපතිතුමාට විතරයි රට ගොඩදාන්න පුළුවන්...

:       146       511

ජාලියFriday, 28 August 2020 11:40 AM

ඔව් රට හදන්න තමයි සුබ මූර්තියෙන්ම පරණ හොරුටික කැබිනට් එකට දාගත්තේ... අනේ මෙහෙමත් මෝඩයින්...

:       186       305

බමුණගෙආරච්චිFriday, 28 August 2020 02:54 PM

එයාලා ජනතාවගෙන් හොරාකාල කරන්නෙත් රට හදන එකනේ. ඒ සල්ලි මොකෝ පිටරට යනවැයි? ඒ වාසනාවන්තයින්ට ඔච්චර ඉරිසියා කරන්න එපා.

:       108       5

RECHED de SOYSA Friday, 28 August 2020 10:54 AM

අපි ඡන්දෙ දුන්නේ...!!! අයින් කරන්න තමයි. ඔයාලාට හම්බ වුණේ 23% නේද? දැන් ඔයාලට ඒකත් නැතිවෙනවා මේකට විරුද්ධ වුණොත්... අපි ඡන්දෙ දුන්නේ ඔයා කියන එක අහන්න නෙමෙයි...

:       56       539

අමල්Friday, 28 August 2020 11:27 AM

ඔයා ඡන්දෙත් දානවද? මම හිතුවේ සල්ලි වලට කොමෙන්ට් දානවා විතරයි කියලා...

:       646       589

Bamunuarachchi Friday, 28 August 2020 11:01 AM

එකම වේදිකාවට ගෙනැල්ලා නටනවා හලෝ. ඔහේලා මොන බම්බුවක් කරන්නද හලෝ... පොදුජන පෙරමුණට ආසන 150කට වැඩිය තියෙනවා. ඔහේලට කරන්න පුළුවන් දෙයක් නැහැ හලෝ..

:       219       154

නිමල්Friday, 28 August 2020 02:37 PM

ඉතින් ඇයි අපි විතරක්? ඔයාලත් නටන්නකෝ දිය හැලියේ කකුළුවෝ වගේ.

:       21       0

ආසිරිFriday, 28 August 2020 04:38 PM

මොකද්ද පොදුජන පෙරමුණ කියන්නේ?

:       0       77

BamunuarachchiMonday, 31 August 2020 02:20 AM

පොදුජනයාගේ පෙරමුණ කෙටියෙන් කියනවා නම් පොදු පෙරමුණ...තවත් විස්තර කරනවා නම් එජාපයේ දේශපාලනයෙන් පන්නා දමා සමගි පෙරමුණ පහළටම යැවුව පක්ෂය...

:       0       0

අරුණFriday, 28 August 2020 04:41 PM

ආසන වැඩිනම් වෙබ්සයිට් තියෙනවා වැඩි ඒවා දාලා විකුණන්න පුළුවන්. අතට ගාණකුත් හොයාගන්න පුළුවන්නේ...

:       0       46

K PereraFriday, 28 August 2020 07:13 PM

හලෝ කොහොමද 150ක් තියෙන්නේ? දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ 223ක් පමණයි. කථානායකත් ඉවත් වුණාම කීයද තිබෙන්නේ බලන්න. නිකන් උජාරුවට කමෙන්ට්ස් දාන්න එපා.

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 28 August 2020 11:27 AM

දෙයියන්ගෙ නාමෙට දැන්වත් ටිකක් පැත්තකට වෙලා ඉන්නවද මහත්තයො...? මෙච්චර කල් කරපු හරියෙන් මේ රටට දැන් සිදු වෙලා තියෙන වින්නැහිය පේනවද..? රටක් ගැන හිතන්නේ නැතිව තම තමන්ගේ බලය ගැන හිතන්න ගිහින් රටකට වෙන්න ගිය විපත්තිය දැන්වත් තේරෙනවද...? මිනිස්සු 19 අහෝසිකරන්න කියලා නෙමේද එතකොට මේ 2/3 බලයක් වත්මන් ආණ්ඩුවට දුන්නේ...? හරි නම් අර පාස්තු ප්‍රහාරයෙදි මියගිය සහ තුවාල ලබපු හැම ජීවිතයක් වෙනුවෙන්ම බලයේ උන්නු ඔහේලා හැමෝම වග කියන්න ඕනෑ... රටක් එක්ක දැන්වත් සෙල්ලම් කරන එක නවත්ත ගන්න..

:       0       508

NamalFriday, 28 August 2020 03:35 PM

රට දියුණු කරන්න නම් පාස්කු ප්‍රහාරයෙන් නැතිවුණු ජීවිතයක් ගානේ ඇමැති තනතුරක් ප්‍රදානය කරන්න ඕනෑ.

:       23       0

Demuni Uduwara Friday, 28 August 2020 12:31 PM

ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පෙර පවත්නා රටේ ආර්ථික තත්වය අනුව විදේශ මුදල් නැති බව අපි දනිමු. රජය විසින් නියම ස්වභාවය වසා දමා ඇත.

:       60       103

ඉන්ද්‍රජිත්Friday, 28 August 2020 03:27 PM

ඔයා බය නැතුව ඉන්නකෝ... අපට මදි පාඩු සල්ලි අපි මුද්‍රණය කරගන්නම්...

:       60       0

isuru Friday, 28 August 2020 01:33 PM

ඇයි ආයිමත් 18 අලුත් නමකින් 20 කියලා ගේන්නද හදන්නේ.. ශ්‍රී ලංකාවට බුදු සරණයි..!!!

:       0       113

PereraFriday, 28 August 2020 03:32 PM

නම වෙනස් කළාම ඝන වෙනස් වෙනවා. එතකොට සේරම කිළි අයින් වෙනවා. ඇයි ඔයා එ්කවත් දන්නේ නැද්ද?

:       0       34

chandima Friday, 28 August 2020 08:38 PM

දැන් මෙයා වේදිකාවට නගින්න ගිහින් නේද පහුගිය ඡන්දෙදී හොම්බෙන් ගියේ..?

:       0       0

විජේ Saturday, 29 August 2020 01:35 AM

මයින් පැටව් කෑගසාවි, පාංකිරිත්තෝ අඬාවි... ඒත් වසන්තට නං ඕවා එකක්වත් අදාල නැති බව සත්තයි..

:       0       0

Bandara Saturday, 29 August 2020 02:05 AM

මුලු රටම 19 වෙනස් කරනවට කැමැතියි. අකමැති ඔයයි, පුතාණොයි, කොටි ටිකයි, අයි.එස්. ලායි විතරයි..

:       0       0

ධර්ම ජයවික්‍රම Saturday, 29 August 2020 08:21 AM

යහපාලන තරුණ මන්ත්‍රීවරුන් පැරදුණාට පසුව රට ගොඩ ගන්න පුදුම උත්සායක් ගන්නේ... විපක්ෂයේ රාජකාරි කරන්න. අපේ කෙනෙක් නොවෙයි කියලා කොන් කරන්නේ නෑ. පරිණාමයට පහසුවෙන් දක්කගෙන යන්නට පුලුවන් නිසා ජනතාව වෙනුවෙන් බුද්ධිමත් තීරණ ගන්න. 19 වෙනුවෙන් පෙළගැහිලා ඵලක් නෑ.

:       0       0

Kumara Saturday, 29 August 2020 03:17 PM

මේ වගේ අය පාර්ලිමේන්තු යැව්වේ කවුද? හැමදේටම විරුද්ධ නෙමෙයි, ඒකෙ තියන රටට වැඩදායී කොටස ඉතුරු කරලා වැඩක් නැති ඒවා ඉවත් කරන්න කතා කරන්න. උගත් කමක් නැති කෙනෙක් විපක්ෂ නායක වෙනකොට ඔහොම තමයි..

:       0       0

ජෙනුවින් Saturday, 29 August 2020 03:25 PM

කුලියට වැඩ කරන අය සති අන්තයේ නෑ වගේ...

:       0       0

Thusitha Sunday, 30 August 2020 02:47 AM

තමුන්ගේ ආණ්ඩුවේ පොලිස්පතිව අස් කරන්න බැරි ව්‍යවස්ථාවකින් ඇති වැඩේ මොකක්ද කියලා කියමුකෝ බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 46 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 317 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 227 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 3803 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 330 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 759 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 409 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site