( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනතාවගේ ස්වෛරීභාවය යන සංකල්පයට හා රටේ බුදුදහමට ලැබී ඇති ප්රමුඛත්වයට කිසිවෙකුට හානි කිරීමක් සිදු කළ නොහැකි බවත් , එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන සංශෝධනයකින්වත් වෙනස් කළ නොහැකි යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා මෙම පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව ගොනු වී ඇති පෙත්සම් විභාගයේදී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (30) කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත මඟින් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝණය වී සියලු බලතල ජනාධිපතිවරයා වෙත ඒකාරාශී වන බවත් , අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය දුර්වල වන බව එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.
මෙම සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව හා පක්ෂව ගොනු කළ සියලු පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගය ගැනුන දෙවැනි දිනය විණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ ,ප්‍රියන්ත ජයවර්ධන , සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණුනි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා මෙසේද පැවසීය.
“ ජනතාවගේ ස්වෛරීභාවය යන සංකල්පයට කිසිවෙකුට හානී කිරීමක් සිදු කරන්න බැහැ.එයට කිසිවෙකුට හානි කිරීමක් සිදු කරන්න බැහැ.ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් හෝ වෙනස් කළ නොහැකියි.ඒ වගේම තමයි මේ රටේ බුද්ධාගමට ලැබී තිබෙන ප්‍රමුඛස්ථානය.එය මේ රටේ ඉතිහාසය පටන් පැවත එන්නක්.ඉන්දීයන්ට යටත්ව පැවති කාලයේ සිට බුද්ධාගමට ප්‍රමුඛත්වය බලා ගන්න සටන් කළා.සියලුම අණ පනත් ව්‍යවස්ථා වලින් එය තහවුරු වී තිබෙනවා.කෝල්බෲක් , ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පැවති කාලයේදීත් පැවතිය.රටෙහි බුද්ධාගමට ප්‍රමුඛත්වය ලැබුනා.මෙය කිසිදු ආකාරයකින් වත් වෙනස් කරන්න බැහැ.
මෙම පනත් කෙටුම්පතෙහි 3 වැනි වගන්තියේ සිට 57 වන වගන්තිය දක්වා වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට සම්පූර්ණයෙන්ම පටහැනි වේ.මෙම තත්ත්වය තුළ ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝන වීමක් සිදුවේ.මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ මූලික රාමුවට සම්පූර්ණයෙන්ම පටහැනියි.පනත් කෙටුම්පතෙහි විධි විධාන මඟින් පූර්ණ බලතල ජනාධිපතිවරයා වෙත ඒකරාශී වීම සිදුවනවා.එමඟින් අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ බලතල දුර්වල වීමක්ද වෙනවා.ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බලය ජනාධිපතිවරයා යටතට පැවරීමක් මෙමඟින් සිදු වෙනවා.පනත් කෙටුම්පතෙහි විධි විධාන මඟින් නීතියේ ආධිපත්‍ය , වගවීම සහ රාජ්‍ය පාලනය කිරීමේ ප්‍රධාන අංශ තුනෙහි සමතුළිතතාවය බිඳ වැටීමක්ද සිදුවෙනවා.එය බලය බෙදීමේ න්‍යායටද පටහැනි වීමකි.
මහජන භාර මූලධර්මයද උල්ලංඝනය කිරීමක්ද වෙනවා. ඒ වගේම ද්විත්ව පුරවැසියෙකුට රාජ්‍ය පාලන බලතල පැවරීමක් මෙම සංශෝධන පනත් කෙටුම්පත හරහා සිදු වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝලන්ඞ් පෙරේරා මහතා මෙසේ පැවසීය.
“මෙම පනත් කෙටුම්පතෙහි විධිවිධාන මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තීන් මඟින් කියැවෙන ජනතාවගේ අධිකරණ බලය උල්ලංඝනය වීමක්ද සිදුවෙනවා.ඒ වගේම එම වගන්තීන් මඟින් කියැවෙන ජනතාවගේ විධායක බලය උල්ලංඝනය වීමක් සිදුවේ.මීට අමතරව ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ සර්ව ජන ඡන්ද බලයද උල්ලංඝනය වීමකි.
පෙත්සම්කාර පාර්ශවයකට පෙනී සිටි නීතීඥ ශිරාල් ලක්තිලක මහතා මෙසේ පැවසීය.
ජනාධිපතිවරයා වෙත සියලුම බලතල ඒකරාශී වීම නිසා ව්‍යවස්ථාදායක , විධායක සහ අධිකරණයෙහි බලතල සමතුලනය වීම වැළකී තිබෙනවා.මෙම සංශෝධන හේතුවෙන් පාර්ලිමේන්තුව සතු මූල්‍ය ස්වෛරීභාවය නැති වීමක්ද සිදුවනවා.එපමණක් නොවෙයි අධිකරණ සහ ව්‍යවස්ථාදායකගේ ස්වාධීනත්වය නැතිව ගොස් එම ආයතනය ජනාධිපතිවරයාගේ බලය යටත වැටීමක් ද සිදුවනවා.විසිවැනි සංශෝධනය මඟික් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික රාමුව බිඳ වැටීමක්ද සිදුවනවා.
අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය ස්වෛරීභාවය බිඳ වැටීමක්ද සිදුවනවා.මෙම තත්ත්වය තුළින් ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍ය නොමැති තත්ත්වයක් ඇතිවේ.මේ තුළින් අප රටට අනාගතයක් නොමැති තත්ත්වක් උදාවීමකි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා මෙසේ කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් පැවසෙන ජනතාවගේ ස්වෛරීභාවයට මෙම සෘජුවම හානී සිදු වීමක් සිදුවෙනවා.මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන මඟින් ද්විත්ව පුරවැසියෙකුට රටේ පාලනය හිමිවිය හැකියි.එමඟින් ශ්‍රී ලංකාවේ නිදහසට සෘජුවම බලපෑමක්ද සිදුවේ.
පෙත්සම්කාර ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය වෙනුවෙන් ඇතුළු සිව් දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මෙසේද කීය.
“පනත් කෙටුම්පතෙහි 5 වැනි වගන්තිය මඟින් නීතියේ ආධිපත්‍ය වගවීම සහ විධායක ව්‍යවස්ථාදායක අධිකරණය බලතල සමතුලනය අහිමි වීම සිදු වෙනවා.
සමගි තරුණ බලවේගයේ සාමාජකි රසික ජයකොඩි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එම්.ගුණතිලක මහතා මෙම හා සමාන කරුණු දැක්වීමක් ද අධිකරණය හමුවේ සිදු කෙරිණි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවත් , එැබැවින් එම කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා විවිධ දේශපාලනඥයින් , නීතීඥවරුන් ඇතුළු වෘත්තීයවේදීන් , විවිධ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව 39 ක් මෙම විශේෂ පෙත්සම් ගොනු කළහ.
නීතිඥ ඉන්දික ගාල්ලගේ , සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු , ඌව හා මධ්‍යම පළාත් වල හිටපු ආණ්ඩුකාරවරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි එස්.සී.සී.ඉලංගෝවන්,සමගි තරුණ බලවේගයේ සාමාජිකයින් වන ලිහිණි ප්‍රනාන්දු සහ රසික ලක්මාල් ජයකොඩි , මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික , මහාචාර්ය රත්නජීවන් හූල් , සමගි තරුණ බලගවේගයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් , එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන , සිරිලක ජනතා පෙරමුණ වෙනුවනේ නීතීඥ පී.ලියනාරච්චි , නීතීඥවරුන් වන නාමල් රාජපක්ෂ , අචලා සෙනවිරත්න වන මහත්ම මහත්මීන් ඇතුළු නීතීඥවරුන් 20 ක්ද , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය , එරික් සේනාධිරත්න බාලසූරිය ,ආරිෆ් ෂම්සුදීන් ඉබ්රාහිම් ලෙබ්බේ හාජ්ජියාර් යන මෙම පෙත්සම් ගොනු කළහ.
මෙම සියලු පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්ර්ම ව්‍යස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවය.
එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් ,ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම් මඟින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටිති.
ගොනු කර ඇති විශේෂ පෙත්සම් වල වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ රජය විසින් ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට ඇතුළත් කළ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන වගන්තීන් ඇති බවය.
එම පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය මඟින් ජනාධිපතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන බවත් , එමගින් පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවය අහිමිවීමක් බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.
පනත් කෙටුම්පතේ 16 වැනි වගන්තිය මඟින් පාර්ලිමේන්තුව මඟින් ප්‍රතික්ෂේප කළ කෙටුම්පතක් ජනාධිපතිවරයාට ජනමත විචාරණයකට යොමු කිරීමට බලය ලැබෙන් අතර , පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තිය අනුව අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයාට හිමිවන බවද එම පෙත්සම් වල සඳහන් වේ.ඊට අමතරව පනත් කෙටුම්පතේ 25 වැනි වගන්තිය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ පූර්ණ බලයද ජනාධිපතිවරයාට හිමි වන බවද එම පෙත්සම් වල වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පනත් කෙටුම්පතෙහි 5 වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ බලය අහිමි කිරීම , 9 (1) වගන්තිය අනුව ද්විත්ව පුරවැසියෙකුට රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ඉඩ ප්රස්ථා ලබා දීම ද සිදුව වන බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.
මීට අමතරව පනත් කෙටුම්පතේ 32 , 33 , 34 ,35 , 36 , 37 සහ 38 යන වගන්තීන් මඟින් විගණන සේවා කොමිෂන් සභාව ඉවත් කර ඇති අතර මෙමඟින් මහජනතාවගේ මුදල් පාලනය කිරීමට ඇති බලයට බලපෑම් ඇති වෙන බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
මෙම පනත් කෙටුම්පතෙහි 40 වැනි වගන්තිය මඟින් පාර්මේන්තුවේ බලය අඩු කර ඇති අතර එමඟින් ජනතාවගේ පරමාධිපත්‍ය බලපෑම් ඇතිවේ.එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවටත් , ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (02) දක්වා කල් තැබිණි.
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘20න් අධිකරණයේත් ව්‍යවස්ථාදායකයේත් බලය දුර්වල වෙනවා‘
Pathum Wednesday, 30 September 2020 01:22 PM
එහෙම වෙන එක හොඳයි.
senaWednesday, 30 September 2020 02:50 PM
එහෙම වෙන්නේ කොහොමද? ආයෙත් සිරිසේන මහත්තයා ආවොත් මොකද වෙන්නේ...?
අමුද්ධිකThursday, 01 October 2020 03:27 AM
ආයෙත් සිරිසේන එන්නේ නැහැ. ජනතාවගේ විශ්වාසය දිනාගත් ගෝඨාභය මැතිඳු දිගටම ජනපති. ඔහුගෙන් පස්සේ ශ්‍රී ලංකා ජනරජය එහෙම්ම අහෝසිවෙලා යන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
රන් Thursday, 01 October 2020 05:05 AM
සිරිසේන මහත්තයා ඉන්නේ විපක්ෂයේ කියලද හිතන් ඉන්නේ?
fairoosThursday, 01 October 2020 08:47 AM
සිරිසේනට අනුරාධපුර ජනතාව ඡන්දෙ දුන්නට අනිත් අය දෙයි.
Perera Wednesday, 30 September 2020 05:41 PM
ඒ ධුරවල වෙන බලය අපේ සර්ටයි, සර්ගේ පවුලේ අයටයිබෙදිලා ගියාම 69 ලක්ෂයේ ප්‍රාර්ථනාවලින් වැඩිහරියක් ඉෂ්ඨ වෙලා.
K Perera Wednesday, 30 September 2020 05:51 PM
මොළයේ කළඳක්වත් තියෙන අයට මෙය තේරුම් ගන්න බැරි එක අවාසනාවක්...!! 19 අහෝසි වුණෝතින් මේ වගේ ප්‍රශ්න ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන්න පුළුවන්ද? මේ සිද්ධියම හොඳ උදාහරණයක් වෙනවා නේද..., 19 තියෙන වටිනාකම...? අධිකරණත් ජනාධිපතිට වුවමනා විදිහට හසුරුවන්න ඉඩදෙනවාද? අනික දහසක් ප්‍රශ්න මැද මිරිකී සිටින අපේ රටට මේ ඒකාධිපති විකාර... 20ද දැන් තකහනියෙන්ම අවශ්‍ය වෙන්නේ?
Asanga Thursday, 01 October 2020 02:51 AM
දැන් තියෙන්නේ ආයෙත් 18 බලාත්මක කිරීමයි. එච්චරයි.
amila Thursday, 01 October 2020 04:34 AM
ඕවලට බලේ තිබ්බා කියලා පුළුවන් වුණාද මිනිස්සු බෝම්බ වලින් මැරෙන එක නවත්වන්න. බලේ තියෙන්න ඕනේ කොන්ද පණ තියෙන එක නායකයෙකුගේ අතේ.. අඩුගානේ වගකීම බාරගන්න හරි කවුරු හරි ඉන්නවා. යමපාලනේට ඡන්දෙ දීපු අහිංසක මිනිස්සු මළා. කවුරුත් වගකීමවත් බාරගන්නේ නැහැ.
Champa Thursday, 01 October 2020 05:31 AM
ද්විත්ව පුරවැසියාට පාර්ලිමේන්තුවේ දොරඇරලා දෙන්න කොටි සල්ලි එහෙමත් එහා මෙහා වුණාද දන්නේ නැහැ. ජාතිවාදී විග්නේශ්වරන් දෙමළ නිජබිමක් ගැන කිව්ව බොරුව ගැන සරත් වීරසේකර කතාකරන කොට, පැත්තක හිටිය අලි සබ්රි පැනලා කිව්වා විග්නේශ්වරන්ට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. සිංහලයෙක්ට කතා කරන්නවත් නිදහසක් නැහැ. පොහොට්ටුව ඒ ගැන කිසි කතාවක් නැහැ. හැබැයි සිංහල මන්ත්‍රීවරු 20 ගැන ප්‍රශ්න අහන එකට නිදහසට කරුණු අහලා මුඛ දණ්ඩනත් දාලා. 20 එන්නත් ඉස්සෙල්ලාම තොප්පිය දෙමළ පැත්තට හැරිලා. කොහොමත් එහෙම තමයි. සත 5කට විශ්වාස කරන්න බැහැ. බැසිල් වගේ ඇමරිකන් ගැත්තන් විතරක් නෙමෙයි බෙදුම්වාදී සිංහල නොවෙන පුද්ගලයින්ටත් එන්න පුළුවන් කියලා මුලදීමත් කිව්වා. පස්සේ ඒ ගැන වැඩිය බර දාලා ලිව්වේ නැහැ. නමුත් එකයි එකයි එකට එකතු කරලා බලපුවාම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ සලසන වගන්තිය වෙනුවෙන් කොටි කළු සල්ලි එහෙම හෙලිවුණාද කියලා සාධාරණ සැකයක් ඇතිවෙනවා.
sampath pathirana Thursday, 01 October 2020 05:47 AM
එහෙම වෙන එක හොඳයි... ඒක ඇත්ත.
Rata Perata Thursday, 01 October 2020 06:23 AM
රටේ සහ ජනතාවගේ ස්වෛරීභාවය සර්ට නම් වැඩක් නැහැ. සර් කිව්වා නම් එච්චරයි. මෙහෙම හිතන මෝඩ රැලකුත් ඉන්නවා අපේ රටේ. මට නම් වෙලාවකට හිතෙනවා ජී.ආර්. කියන්නේ ‘‘ ගොන් රජා‘‘ කියන එකට කියලා.
බද්රානි Thursday, 01 October 2020 08:28 AM
එක අතකට ඔය අධිකරණය මොනවා කීවත්, රජ කෙනෙක් යටතේ, රජාගේ අණට කීකරු වෙමින් යටත් වැසියන් ලෙස ජීවත්වීමට සැදී පැහැදී සිටින වහල් මානසික ගෝත්‍රිකයින්ට මොන ප්රජාතන්ත්රවාදයක්ද? ගම් නියම්ගම්වල සිටින අම්බරුවන් නම් තව කමක් නැහැ. ලෝකයේ සංවර්ධිත දියුණු රටවල් සියැසින් දකිමින් එම රටවල පවතින ප්‍රජාතාන්ත්‍රික අයිතීන් භුක්ති විඳිමින් ඒකාධිපති රාජාණ්ඩු ඉල්ලන මානසික අන්ධයින්ට මොන නීතියක්ද? රටේ ඉතිහාසය තලු මරමින් ලෝක ඉතිහාසය ගැන මෙලෝ වැටහීමක් නැති ජාතියක් ඉතිහාසයටම දක්කන එක... එක අතකට මොන තරම් පහසුද? මතු පරපුරක් ගැන නොසිතන, වර්තමාන පරපුර අමරණීයයි සිතන ජාතියක පැවැත්ම ගැන කවර කතාද?