(විනීතා එම් ගමගේ)
විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ගෙන ආ යෝජනා සහිත ගැසට් පත්‍රය වෙනුවට එහි අඩුපාඩු සකසා ගෙන එන නව යෝජනා සහිත ගැසට්පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වී යැයි යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවැසීය.
ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂ රැස්වීමේ දීත් සාකච්ඡා කළේ යැයි ද ජනතා මතය ගැන සංවේදී විය යුතුය යන අදහස එහි දී මතුවූ අතර මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගැන කරුණු ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කළ යුතුය යන අදහස ද එහි දී තහවුරු වූ බව ද හෙතෙම කියා සිටියේය.
ඒ අනුව කමිටුවක් පත් කර ඇතැයි කී කුමාරතුංග මහතා ඊළඟ කැබිනට් රැස්වීමට පෙර එම කමිටුව යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවැසීය.
රජය ජනතාවගේ අදහස් සලකා බැලීමට තීරණය කරමින් ජනමතය ගැන සංවේදී වීම වැදගත් යැයි ද එය විශිෂ්ට ආදර්ශයක් යැයි ද කුමාරතුංග මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මේ යෝජනා ගෙන එන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි කිරීම සඳහා වන බව කී මන්ත්‍රීවරයා මෙම නිවැරදි කිරීම් සහිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවතින්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එන තුරු පමණක් වන බැවින් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අනවශ්‍ය ලෙස කරදර විය යුතු නැතැයි ද සඳහන් කළේය.
20 වැනි ව්‍යවස්ථා සම්පාදනය වඩාත් ජනතාවාදී එකක් ලෙසින් සිදුකිරීම සඳහා නීති ක්ෂෙත්රයේ විශේෂඥ පිරිසක් එක්ව එය සකස් කරන්නේ යැයි ද 19 හි ඇති වියවුල් තත්ත්වය එයින් සමනය කරනු ඇතැයි ද කී යුතුකම සභාපතිවරයා නව ව්‍යවස්ථාවක් ගෙන එන තුරු පමණක් 20 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වනු ඇතැයි ද කියා සිටියේය.
ගෙවිඳු කුමාරතුංග මහතා මේ අදහස් පළ කළේ කොළඹ 5, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගෙන එන්නට වත්මන් රජය කටයුතු කරනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇති බවය.
ජනාධිපති ක්‍රමය තිබිය යුතු බව තම සංවිධානයේ විශ්වාසය යැයි ද ජේ. ආර්. ජයවර්ධන වැනි ඒකාධිපති ජනාධිපතිවරයෙකු හෝ මෛත්‍රිපාල සිරිසේන වැනි අරාජික ජනාධිපතිවරයෙකු ගෙන් වැඩක් නැතැයි පැවසූ ඔහු එක රටක එක මූල ධර්මයක් ලෙසින් කටයුතු කළ යුතු යැයි ද කීය.
විසි වන සංශෝධනයෙන් බලාපොරොත්තු වන්නේ නව ව්‍යවස්ථාව ගෙන එන තෙක් වියවුල් ඉවත් කර සංවර්ධනය කර යන ගමන බාධාවකින් තොරව යාම සඳහා ඉඩකඩ සකසා ගැනීම යැයි ද ඒ වෙනුවෙන් රාජ්‍ය නායකයින් දෙදෙනා ජනතා මතයට අවනතව නිවැරදිව කටයුතු කරන බව පෙනී යන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
අලුත් ව්‍යවස්ථාව ජනතාවට වඩාත් සුභදායි වන අන්දමින් ගෙන එන්නට සුදානමින් සිටින අතර රජයට එරෙහි මතවාදයක් ගොඩ නැගීමට යම් පිරිසක් විසින් කටයුතු කිරීම කණගාටු දායක යැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ අපේක්ෂාව රට නිවැරදි කිරීම බව කී කුමාරතුංග මහතා ඒ සඳහා ශක්තිමත් රාජ්‍යයක් සඳහා වන යෝජනාවලියක් යුතුකම සංවිධානය විසින් මීට වසරකට පමණ පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් බව ද සිහිපත් කළේය.
අයිතිවාසිකම් පරිච්ඡේදය යුතුකම් පරිච්ඡේදයකින් ද තුළනය කළයුතු යැයි ද විසිවන ව්‍යවස්ථාවෙන් සියල්ල නිවැරදි කරගත නොහැකි යැයි ද ජනපතිට මේ රට ගොඩනැගීමට ඇති කාලය අපතේ යැවිය නොහැකි යැයි ද සඳහන් කළේය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
20 නව යෝජනා සහිත ගැසට් පත්‍රයක්
විජිත්. Sunday, 13 September 2020 11:50 AM
මේ හරක් රැල ඉදිරි අවුරුදු 4ම ඔය අලුත් ව්‍යවස්ථාව හදමින්, මකමින්, කපමින් අලුත් කෑලි එකතුකරමින්.. මහජනතාවගේ බදු මුදල්වලින් වැජඹෙමින්, හොරාකමින් මුදල් එකතු කරමින්.. රට කමින් ඉඳීවි.
Demuni Uduwara Sunday, 13 September 2020 02:52 PM
මේ ව්‍යවස්ථා සංශෝධනය ජනතාවට කියවන්න දෙන්න... ඔවුන්ගේ මතයන් ප්‍රකාශ කිරීමට ඉඩදෙන්න.
Champa Sunday, 13 September 2020 02:56 PM
මේ කතාව අඬන ළමයෙකුට අඬන හේතුව අහලා ළමයාට තියෙන ප්රශ්නය තේරුම ගන්නේ නැතුව, සීනි බෝලයක් දීලා ෂේප් කරගන්න හදනවා වගේ කතාවක්... 20වෙනි සංශෝධනයට එරෙහි වීම කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි වීමක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න හදන කොට, මම 2015 ඉඳන්ම ඊට විරුද්ධව ලිව්වා. විධායක ජනාධිපති ධුරය කියන්නේ සිංහලයින්ට තියෙන එකම හව්හරණ කියලා මම එදා ලිව්වා. අදත් ඒකම ලියනවා. නමුත් වර්තමාන ජනාධිපතිවරයාට විධායක බලතල ලැබෙන විදිහට සහ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් විදිහට 19 වෙනස් කිරීමට සම්පූරණයෙන්ම විරුද්ධයි. ඒකට හේතුව ගෝඨාභය, තමන් විශ්වාසයක් තැබිය හැකි පුද්ගලයෙකු නොවෙන බව ඔහුම ඔප්පු කරලා තියෙන නිසා. කාරණා හතරක් විතරක් කියන්නම්. (1). අද වෙනකම් ගෝඨාභය එම්සීසී, සෝෆා හෝ එට්කා ගිවිසුම් අත්සන් කරන්නේ නැති බව සෘජුව කියලා නැහැ. ඔහු කියනවා රටට එරෙහි දේවල් කරන්නේ නැහැ කියලා. නමුත් ඔහු කිසි තැනක නමින් මේ ගිවිසුම් අත්සන් කරන්නේ නැති බව කියන්නේ නැහැ. ඒ මොකද කිව්වා නම් විධායක බලය ලැබුණාට පසුව ඔහු මේ ගිවිසුම් අත්සන් කරන්න සැලසුම් කරලා තියෙන නිසා. ඔහුව නවත්තන්න කිසි කෙනෙකුට බැරි වෙනවා...
Demuni Uduwara Sunday, 13 September 2020 03:08 PM
පළමුව ජනපති ධුරය අහෝසි කරන්න.
Champa Sunday, 13 September 2020 03:26 PM
මගේ කාරණා හතරේ දෙවෙනි එක; (2). ගෝඨාභය ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ අගමැති සහ කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා, හමුදා නිලධාරීන් ඇතුළත්ව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රාජ්‍ය පාලනය කරන්න පටන් ගත්තා. රට පාවාදෙන ගිවිසුම්වලට පක්ෂ පුද්ගලයිනුත් ඒවාට පත්කළා. කිසි හේතුවක් නැතුව, අමාත්‍යාංශ ලේකම්වරු තනතුරු වලින් ඉවත් කරලා, ඒ තැන්වලට ඔහුට හිතවත් හමුදා නිලධාරින් පත් කළා. විධායක බලය නැතුවත්, ඔහු කිසිම තර්කානුකූල හේතුවක් නැතුව, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ රාජ්‍ය සේවය නොසලකා හැරියා නම්, විධායක බලය ලැබුණු ගමන් දැනටත් ක්‍රියාත්මක හමුදා පාලන ක්‍රමය මීට වඩා තදින් ක්‍රියාත්මක නොකරයි කියලා මොකක්ද තියෙන විශ්වාසය? මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය සේවකයන් පුරුදු වෙලා නැහැ හමුදා ප්‍රධානීන් යටතේ වැඩ කරන්න. එහෙම පුරුදු පුහුණු කරලා තියෙන්නේ හමුදාව. හමුදා ප්රධානිනුත් පුහුණු කරලා තියෙන්නේ හමුදා භටයන් පාලනය කරන්න. ඔවුන්ගේ කාර්යභාරය ආරක්ෂාව සහ මානුෂිය කටයුතු වලට සීමා වෙනවා. සිවිල් පුරවැසියන් පුරුදු සිවිල් පාලනයකට. මේ හින්දා විධායක බලය ලැබිලා ගෝඨාභය හමුදා පරිපාලනය තවත් දිගු කරහම රටේ පරිපාලනය අසමතුලිත වෙනවා.
Champa Sunday, 13 September 2020 03:58 PM
තුන්වෙනි හේතුව.. රටේ නිශ්චල භීෂණයක් පවතිනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ලියපු රජිව විජේසිංහ කවුරු හරි මරා දැම්මා. සියදිවි නසා ගැනීමකදී මැරිලා වැටෙන මිනිහ කකුලක් නවා ගෙන, ඔළුවට අතක් තියාගෙන වැටෙනවද? තුවක්කුවත් ඇඟ යට. පැහැදිලිවම කවුරු හරි රජීවව වෙන තැනක මරලා නිදහස් චතුරශ්‍රයට ගෙනත් දැම්මා. නාමල්කුමාර වර්ගයේ සාක්කියක් දෙමින් රජීවගේ සහෝදරයා කිව්වා. රජිව හිටපු කාමරයේ තිබ්බ වෙඩි සලකුණ, රජිව සිය දිවි නසා ගන්න ඉස්සෙල්ලා තුවක්කුව ටෙස්ට් කරපු සලකුණලු. සැකයක් නෑලු. ඊටපස්සෙ ඡන්දෙ නිසා නිශ්ශබ්ද කාලයක් ආවා. දැන් නැවත තැන තැන මිනී. අපිට කමක් නැති වුණත්, පාතාල නායකයෙක්ට තිබ්බ වෙඩිල්ලෙන් ඔහුගේ කාරයත් ගිනි අරන් මැරුණා. කාරෙකේ හිටපු කාන්තාවට තුවාලවත් නැතුව. රජිවගේ වගේම ඉලක්කට වෙඩි තියන තුවක්කුවක් වෙන්න ඕනේ. තවත් ඉංග්‍රීසි මාධ්‍යවේදියෙක් මරණයට පත් වෙලා තියෙනවා. ඔහුගේ සහෝදරයත් කියනවා මරණය සැක නැහැලු. එකම පැටර්න් එක. පැහැදිලිවම ගෝඨාභයගේ පාලනයෙන් බැහැර භීෂණයක් සිද්ධ වෙනවා. ඔහුට විධායක බලය ලැබුණොත්, ඒ බලය පාවිච්චි කරන්නේ ඔහුට පාලනය කරගන්න බැරි පිරිස්. මම කියන දේ තේරෙනවා මම හිතන්නේ...