IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


2022 බුකර් සම්මානය ලාංකික ලේඛකයාට

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි.

චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙයි.

සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ  ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන 'සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා' (Seven moons of Mali Almeida) ය.

වෘත්තීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක ගාල්ලේ උපත ලැබුවෙකි. කොළශ මැදී වැඩුණු ඔහු වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇත්තේ නවසීලන්තයේය.

ජනමාධ්‍යවේදියකු ද වන 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාව කළේය. ශෙහාන් කරුණාතිලක ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි.

ඔහු සුප්‍රසිද්ධ The Guardian, Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ the Economic Times ආදී සගරාවලට ලිපි සම්පාදනය කරයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ,1992 වසරේ 'ඉංග්ලිෂ් පේෂන්ට්' (The English Patient) කෘතිය වෙනුවෙනි.

(බීබීසී)



අදහස් (21)

2022 බුකර් සම්මානය ලාංකික ලේඛකයාට

මැක්ස් Tuesday, 18 October 2022 08:03 AM

සුබ පැතුම් ශෙහාන්! ඔබ රටට ආඩම්බරයක්. අලුත් පොත චයිනමන්ට වඩා ඉදිරියෙන් ඇතැයි සිතමි. රස විඳීමට නොතිත් ආසාවකින් පෙළෙමි.

:       4       48

Perera Tuesday, 18 October 2022 08:56 AM

ලංකාවේ කිව්වට අධ්‍යාපනය ලබලා තියෙන්නේ නවසිලන්තේ, පදිංචිය එංගලන්තේ නේද.?

:       47       15

nimal Tuesday, 18 October 2022 10:16 AM

වැරදි, ඇද කුද හොයන එක අපේ රටේ අශිලාචාර පුරුද්දක් නිසා.... මිට වඩා යමක් මගෙන් අහගන්න එපා.හරිද ? ඉර්ෂයාව පෙරෙනවා.

:       7       41

බද්රානිTuesday, 18 October 2022 03:36 PM

නිමල් මොකක්ද මනුස්සයෝ, මෙතන පෙරේරා මහත්තය ලියල තියන එකේ වැරැද්ද? අනික මේ ලිපියේම ලියල තියනවා ෂෙහාන් මහත්තය ඉපදිලා තියෙන්නේ ලංකාවේ උනාට අධ්‍යාපනය හදාරලා තියෙන්නේ නවසීලන්තයේ බව. නිකම් මෙතන බොරු පම්පෝරි නැතිව ඇත්ත ඇති සැටියෙන් දැකලා ආත්ම වංචාවෙන් තොරව යතාර්තවාදීව ජීවත් වෙන්න පුරුදු වෙන්න. ලංකාවේ ඉගෙන ගත්තු උගත් මෝඩයින්ට වඩා ෂෙහාන් කරුණාතිලක වැනි උගත් බුද්ධිමතුන්ට අපි ගරු කරන්න පසුබට වෙන්නේ නැහැ කවදාවත්. ලෝකේ කොහේ හරි රටකට ගිහිල්ලා ස්ව උත්සාහයෙන් යමක් දිනා ගන්නකොට ඒවාට අයිතිවාසිකම් කියන්න නම්, අම්බරුවෝ ඕනා තරම් ඉන්නවා. හැබැයි අත හිත දෙන්න නම් බල්ලෙක් වත් නැහැ. ලංකාවේ හිටියනම් ඉතින් එතුමත් දේශපාලකයින්ට කුලියට ලියන්නෙක් තමයි.

:       10       18

යෝගා Tuesday, 18 October 2022 10:17 AM

ලංකාව ඇලජික් කෙනෙක්ගේ කමෙන්ට් එකක්

:       7       23

kamalTuesday, 18 October 2022 10:18 AM

එහෙම තමයි. දින්නොත් අපේ, පැරදුනොත් අපෙ නෙමෙයි.

:       2       24

DeepalTuesday, 18 October 2022 03:15 PM

එහෙම තමයි. ලෝක ජයග්‍රහණයකදී උපන් රටට තමා ගොවුරව කරන්නේ. රට තුලදී ගවුරවය ලබා දෙන්නේ ජයග්‍රහණය කල පුද්ගලයා උපන් නගරයට. මවුපියන් සහ පවුල ලෙසින්ම උපන් පරිසරයත් බොහෝ ජයග්රණ සඳහා බලපානවා . විභාග ප්‍රතිඵල වලදීත් එහෙම තමයි වර්ගීකරණය කරන්නේ.

:       2       10

donTuesday, 18 October 2022 06:27 PM

ගොඩක් දුරට ලංකාවේ ඉගෙනගෙන ලංකාවේම හිටියානම් මේ මහත්තයා තවම පොතක් ලියන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්.නැත්නම් වෙන මොකක් හරි රස්සාවක් කරනවා වෙන්න පුළුවන්

:       0       1

GamayaWednesday, 19 October 2022 09:50 AM

අයියෝ පෙරේරා මහත්මයා, ඔයයි බද්‍ර අක්කයි චාර්ටර් ඩබලක් නේ

:       2       1

Abheetha Senaratne Tuesday, 18 October 2022 09:46 AM

සුභ පැතුම් ! මොනතරම් ජයග්‍රහණයක්ද. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඇත්තටම සතුටුයි.

:       1       35

කිරිපතා Tuesday, 18 October 2022 10:26 AM

උපත ලංකාවෙ . එච්චරයි

:       17       18

kamalTuesday, 18 October 2022 01:50 PM

මෙහෙ හිටියනම් විපතත් ලංකාවෙම තමයි.

:       3       22

P.d goonawardene Tuesday, 18 October 2022 12:07 PM

සුභ පැතුම් ! මොනතරම් ජයග්‍රහණයක්ද. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඇත්තටම සතුටුයි......

:       1       16

fairoos Tuesday, 18 October 2022 12:10 PM

සුභ පැතුම්

:       0       13

ලුම්බිණි Tuesday, 18 October 2022 12:20 PM

සුභ පැතුම්!

:       1       12

Senarath Tuesday, 18 October 2022 12:37 PM

ඔබෙ විෂිශ්ඨ කෘතියට සහ ජ්‍යත්යන්තර සම්මානයට අපේ සුභ පතුම් ! තව තවත් අලුත් කෘති ලියන්ට ශක්තිය ද්‍යර්ය ලැබේවා !

:       0       2

කිරිපුතා Tuesday, 18 October 2022 10:31 PM

පොත කියවනතුරු කිසිවෙකුත් කලබල නොවිය යුුතුයි. ඔහු ලියා ඇත්තෙ ත්‍රස්තවාදයක් ගැන නොව්. සිවිල් යුද්ධයක් ගැනයි. කොටි ඩයස්පෝරාව සහ උවුන්ගෙන් යැපෙන බටහිරයන් සතුටු වන ගනයේ පොතක් විය යුතුයි. මේ සම්මානය පිටුපසත් තවත් කුමන්ත්‍රණයක් තිබෙනවා විය හැකියි.

:       1       1

GonputhekWednesday, 19 October 2022 09:57 AM

කිරිපුතේ ඔයා වගේ අය හැමදා අසතුටින් ඉන්නේ නැගෙනහිර ඉන්න හින්ද තමයි. මොකද නැගෙනහිරෙ ඉන්නේ ඔයාවගෙ අය . බටහිරෙ කිසි වරදක් නෑ.

:       1       1

randilWednesday, 19 October 2022 10:09 AM

තවත් ගොබ්බ හරකෙක්ගේ කමෙන්ට් එකක්

:       1       2

randil Wednesday, 19 October 2022 10:08 AM

මේවා තමා නියම ජයග්‍රහණ ප්‍රයිස් එක ගත්ත වෙලාවේ කරපු කතාව ඒකට වඩා සුපිරි.

:       0       2

චන්දිම ෆොන්සේකා Wednesday, 19 October 2022 04:04 PM

මෙහෙමයි වැඩේ. මෙතුමා හොඳ යහපත් අදහස් තියෙන පොතක් ලියලා නම් තියෙන්නේ අපි එතුමාට ගරු කළ යුතුයි. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ඔය සමහර බටහිර රටවල සංවිධාන අපේ රටේ සිංහලයන් ද්‍රවිඩයන්ට කුරීරු විදියට සලකනවා යන වැරදි අදහස් කෙලින් හෝ වක්‍රව ඉදිරිපත් කරන අයට දිරි ගන්වන්න සම්මාන දෙනවා. ඔබ දන්නවානේ ඔය නොබෙල් සම්මානේ. ඒක දෙන්නෙත් බටහිර මතය ඉදිරිපත් කරන අයට. ඔන්න මේ සැරේ යුක්රේන් ජාතිකයෙකුට දීලා රුසියාවට ඇනෙන්න හිතලා. ඉතින් මෙතුමාගේ පොතේ අන්තර්ගතය හරියට බලලා තමයි පසසන එක හරි, විවේචනය කරන එක හරි කරන්න ඕනෑ...

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 184 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1248 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3927 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1042 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1536 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1162 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site