(අංජුල මහික වීරරත්න)
2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අලි - මිනිස් ගැටුම වැලැක්වීම සඳහා පියවර ගැනීමේ දී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බව කී අමාත්‍යවරයා ලබන වසරේ දී අලි සංගණනයක් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබෙන බව කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ වනජීවී හා වන සංරක්ෂණය පිලිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි බවයි.
අවසන් වරට මෙරට වන අලි සංගණනයක් පවත්වා තිබෙන්නේ 2011 වර්ෂයේ දීය. එම වකවානුවේ 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එමෙන්ම දැනට පවතින නිල නොවන දත්ත අනුව වන අලි ගහණය 7000කට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2023 වසරේ අලි සංගණනයක්
සිල්වා Thursday, 17 November 2022 11:27 AM
අවුරුදු දහයක් පමණ කාලයක් තුල අලින් ගේ වැඩි වීම 40% පමණ වෙනවා. අලින්ටත් උපන් පාලන ක්‍රමයක් හදුන්වා දිය යුතුයි.