(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට ඇති අයිතිය අහිමි කිරීමෙන් මවුබිම විදේශීය ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා ඉවහල් වුණු විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත අනුමත කිරීම සඳහා පැවති ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හැකි ඉක්මනින් ලබා දෙන්නැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කළේය.
විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මවුබිමට අතිශයින්ම තීරණාත්මක පනතක් හෙයින් එම පනතට සහාය ලබාදීම යම් මන්ත්‍රීවරයකු මග හැරියේ නම් මවුබිමට ඇති ඔවුන්ගේ පක්ෂපාතිත්වය පිළිබඳව යම් සැකයක් මතුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
එම ඡන්ද විමසීමට මන්ත්‍රීවරුන් 44 දෙනකු සහභාගි නොවූ බවට ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සියලු දෙනාම තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිවූයේ ඇයි දැයි ජනතාවට කරුණු පැහැදිලි කිරීම යුතුකමක් බවද සඳහන් කළේය.
දෙදහස් දහසය අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව එම තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන ලෙස උදය ගම්මන්පිල මහතා ඒ ලිපිය මගින් ඉල්ලීමක් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
21ට ඡන්දය නොදුන් මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව ගම්මන්පිල ඉල්ලයි
ganegoda Monday, 24 October 2022 03:04 PM
ලංකාවේ පිස්සන්ට ගහලා මරන්න තහනම් නිසා මේ මනුස්සයාව ගෙනිහින් අංගොඩ මානසික රෝහලට ඇතුලත් කරන්න
surasenaMonday, 24 October 2022 03:26 PM
බුද්ධාගමට කරපු නින්දාවට වස් වැදිලලු.
සමන් විමල Monday, 24 October 2022 04:30 PM
දේශපාලන කුහකකම ප්‍රදර්ශණය කරමින් රටට හිතවත් මිනිස්සුන්ගේ ප්‍රකාශ වලට එරෙහිව අමනෝඥ ප්‍රකාශ නොකර මතවාදීව අදහස් දක්වනු මැනවි .
surasenaMonday, 24 October 2022 05:37 PM
සමන් විමල වගේ අයට ඇමෙරිකාවේ භාෂාවෙන් කියන්නේ හාල්පාරුවා කියලා.
Hafeel Monday, 24 October 2022 04:14 PM
එදා විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට පක්ෂව චන්ද දීල මෙයාගේ අසීලාචාර ඇමරිකානුවන් ඇතුළු ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථා සලසා දීපු මේ මිනිහ, අද 21 වැනි සංශෝධනයට චන්දය නොදුන් මන්ත්‍රීලාගේ නම් ලැයිස්තුව ඉල්ලන්න එක ජනතාව මුළා කරන වැඩක්.
Prabha Monday, 24 October 2022 04:45 PM
එතකොට විස්සට අත ඉස්සුවෙ වැරදිලාද?
Prase Tuesday, 25 October 2022 07:44 AM
ගොන් කතාවක්, පනත සම්මත උනානම් ඕපාදුප වැඩක් නැහැ.
එමි එමි Thursday, 27 October 2022 07:46 AM
තොපි ඉතින් අර නමයි මෙි නමයි ඉල්ල ඉල්ල හිටපියවි එතකොට හරි ජනතාවගෙ ප්‍රශ්න එහෙමමයි .තොපි මෝඩ හරක් වගේ අර හරක් ගාලට ගිහින් කෑ ගහ ගහ ඉන්නවා . තොපිද මහජන නියෝජිතයො