(රංජන් කස්තුරි)
ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.
මේ මස 21 වැනි දා එම පාසල් විවෘත කරන හෙයින් එම අභ්‍යාසලාභීන් පාසල්වල සේවයට යොදවන්නැයි ද ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
21 ඇරැඹෙන පාසල්වට අලුත් පිරිසක්
චන්දන Sunday, 17 October 2021 05:14 PM
මේ අභ්‍යාසලාභීන් කෝකටත් තෛලයක් ද. අධ්‍යාපනය නිසි මගට ගන්න කිසිදු උවමනාවක් නැහැ . ඕන කෙනෙකුට උගන්නන්න පුළුවන් කියලා හිතන්නේ.
අප්පුහාමි Sunday, 17 October 2021 05:22 PM
අධ්‍යාපනය කොලයකින් සහතික කලාටම මදි පේනවා නේද නුසුදුසු අයව ගුරුසේවයට ගැනීමේ විපාක. එනිසා ඉගැන්වීමට දක්ෂතා ඇති ළමා මනස තේරුම් ගතහැකි අයව පමණක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා පාසැල් වලට යවන්න. පිං සිද්ධ වෙනවා.
samanSunday, 17 October 2021 06:18 PM
අප්පුහාමිට උගන්නලා තියෙන්නේ නුසුදුසු අය... තවමත් අප්පුහාමිට වරද තියෙන තැන අඳුනගන්න බැහැ. අනේ මෙහෙමත් අප්පුහාමිලා...
ජවිපෙ සමාජවාදය සහ ඒ තුල සැඟවුණු ධනවාදය Sunday, 17 October 2021 09:05 PM
සුදුසු අය සේම ජනසවිය,10 පාස් ගුරුවරුත් ගුරු සේවයේ ඇත, ගුරුවරුන් සියල්ල සුදුසු නම් ,ලංකාවේ ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල්. ප්‍රතිඵල අඩු පාසල් සහ ප්‍රතිඵල වැඩි පාසල්, මේසා විශාල මුදල් සංසරණයක් වන පුද්ගලික උපකාරක පන්ති පද්ධතියක් මේ රටේ තිබීමට නොහැකිය. බහුතර ගුරුවරුන් උගන්වන්නට බැරිව හොර උගැන්වීම නොකරයි. ඒක තමයි පිළිගතයුතු ඇත්ත. බහුතරයක් මේ රස්සාවට යන්නේ 2 කට ගෙදර පැමිණීමට ඇති අවශ්‍යතාව නිසා හෝ වෙනයම් පුද්ගලික කාරණා මත.. එහෙම නොවුනේ නම්, වසර 24ක් පැරණි මුදල් ප්‍රශ්නයක්, ලෝකයම හෙම්බත් වුණු ගෝලීය වසංගතයක් තුළ, ඇදගෙන දරුවන්ගේ අධ්‍යාපනයට මේ වගේ අසාධාරණයක් නොකරනු ඇත.
දොලේවත්තSunday, 17 October 2021 06:36 PM
අප්පුහාමියා විද්වතාණෙනි, නරකද ළමා මනස පිළිබඳව දේශන මාලාවක් ඉස්කෝලවලට ගිහින් කළොත්..
රට්ටුMonday, 18 October 2021 10:17 AM
අප්පුහාමි විද්වතාණෙනි,ගිහින් ස්වේච්චාවෙන් උගන්වන්න. ගුරුවරු කොහොමත් දහ පහළොස්දාහක් අඩුවෙන් මාසෙට ගත්තෙ. මේ වෙලේ ඔබටත් අපූරු ප්‍රහසන නාට්‍යයක නළුවෙක් වෙන්න පුලුවන්.
කිරි පුතා Sunday, 17 October 2021 06:50 PM
පාසල් විවෘත කළද රාත්තලම ඉල්ලමින් දිගින් දිගටම වර්ජනයේ යෙදෙන මිනිසුන් සේවයට වාර්තා නොකළහොත් පඩි රහිත නිවාඩු දී , යම් කාලයක් තුළදී සේවය අතහැර ගියාසේ සලකා විකල්පයක් ලෙස නව ගුරුවරුන් යොදා ගැනීම කළ යුතුව ඇත. රටක පරිපාලනය එසේ වේ... නැත්නම් රටම බංකොලොත් කර දැමීමට මේ සියල්ලන් පාර කපාවි....
chandana Sunday, 17 October 2021 09:11 PM
ඕනෑම හැකියාවක් ක්‍රම කිහිපයකින් ලැබිය හැකියි. ප්‍රධානම ක්‍රමය උපතින් ලැබෙන හැකියාව, සමාජයෙන් අත්දැකීම්වලින් ලබාගන්නා හැකියාව හා උගන්වා කෙසේ හෝ හැකියාව ඇතිකරවීම. සමහරුන්ව මේ එක ක්රමයකින්වත් හදන්න බැහැ. අද සිටින අතිබහුතරයක් මුලින් ඇවිත් තියෙන්නේ නිකම්ම තමයි. පසුව තමයි හැකියාවන් වර්ධනය කරගෙන තියෙන්නේ. 1000 ටත් ගත්ත අය ඉන්නවනේ. ඒ අයවත් උගන්වන්න ආවේ නැහැනේ. කොහොමත් හදන්න බැරි කට්ටියක් දැනටත් ඉන්නවා. අප්පුහාමි කියන කතාව කොටසක් හරි. මොකද එහෙම අයව බඳවා ගන්නකොට අඳුනාගන්න අමාරුයි. හොඳම දේ තමයි නොගැලපෙන අය වහාම ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේද හදන එක...
චන්දන Monday, 18 October 2021 07:22 AM
කිසිදු බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් නැති සේවයක් ගුරු සේවය. සාමාන්‍ය පෙල ඉඳල පශ්චාත් උපාධිය දක්වා අය එකම ගොඩේ ඉන්නවා. මේවා තමයි ගුරුවරුන්ගේ ගැටළු වල මුල. කිසිම උසස් වීමේ ප්‍රතිපත්තියක් නැහැ . සේවය අවුරුදු 5 සම්පූර්ණ කල පලියට උසස්වීම් දීම සුදුසු නැහැ. මේවා හදනකම් ඟුරු විදුහල්පති ලා ඉහළ පඩි ඉල්ලන එකත් දෙන එකත් වැරදියි. බොහා් රටවල ඉහළ ම අධ්‍යාපන සුදුසුකම් බලන්නෙ ඟුරු සේවයට. ඔවුන් ට ඉහල වැටුප් ගෙවනවා.
මහජනයාMonday, 18 October 2021 11:41 AM
මෙම අරගලය සාධාරණීය කරනුයේ, "ගණිත, විද්‍යා, තාක්ෂණික" විෂයන් සඳහා දක්ෂ ගුරුවරු සොයාගැනීම පවතින වැටුප්තල යටතේ අපහසු බවයි. මේ බව වාර්ෂික විද්‍යා පීඨ බඳවාගැනීමේ ලකුණු විශ්ලේෂණයෙන් දැක ගත හැකිය. සෑම ගුරුවරයෙකුම එකම වැටුප් තලවල තබා වැටුප් වැඩි කළද ඉහත ගැටලුව නොවිසඳේ. මෙම ගැටලුව නිවැරදිව විසඳීමට නම් උගන්වන විෂය, අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ කුසලතා (ගෝලයන්ගේ විභාග ප්‍රතිඵල) අනුව තාක්ෂණිකව විශ්ලේෂණය කර නව වැටුප් තල හඳුන්වා දිය යුතුයි. සේවා කාලය පමණක් සලකා යොදන පැලැස්තර විසඳුම් නිසා කිසිදා සත්‍ය ගැටලුවට විසඳුම් නොලැබේ. රජය කළයුත්තේ නිවැරදි ගැටලුව සමාජ ගතකර එයට නිවැරදි විසඳුම් ක්‍රමවත්ව ලබාදීමට උත්සාහ කිරීමයි.
RuwanMonday, 18 October 2021 12:00 PM
ඔබ කියූ සියල්ල හරි, තවත් බොහෝ වරප්‍රසාද මොවුන් ලබනවා. ප්‍රසිද්ධියේ කියන්නේ මුලින්ම පත්වීම් ලබනකොට තියෙන මූලික වැටුප විතරයි. අධ්‍යාපනය සඳහා අවුරුද්දක නිවාඩු දෙනවා.. ඒ කාලෙට වැටුපත් ගෙවනවා. උපාධිය සම්පූර්ණ කළවිට මුල් දිනයේ ඉඳලාම උසස්වීමත් දෙනවා. කෑ ගහන්නේ මේසන් බාස් කෙනෙක්ගේ පඩියවත් ලැබෙන්නේ නැහැ කියලා. ඔවුන්ගේ ටිකිරි මොලේට නොතෙරුණාට ජනතාව දැනගන්න ඕනේ මේසන් බාස් කෙනෙකුට දවසේ පඩි ලැබෙන්නේ වැඩ කළොත් විතරයි කියලා. අසනීප වුණොත් පඩි නැහැ. පලංචියෙන් වැටිලා අතක් පයක් කැඩුණොත් රක්ෂණත් නැහැ.. පඩිත් නැතුව හාමතේ ඇඳේ තමයි. මේසන් බාස්ගේ ඇගේ හයිය නැති දවසේ ඉඳලා මැරෙනකම් ආදායමක් නැහැ. මේ අයට මැරෙනකම් පෙන්ෂන් එක ලැබෙනවා. මේ අය රටට බරක්...
මහජනයා Monday, 18 October 2021 09:19 AM
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ. මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
මහජනයා Monday, 18 October 2021 09:20 AM
කල් නොයවා ඔක්තෝබර් 15 ළමයින් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට කලින් ගත තීරණය ඉතා හොදයි. නමුත් එකටත් බාලගිරි දෝෂය ද? දිනය 21 දක්වා කල් තැබීම සිදුනොවිය යුත්තකි. මෙම කටයුත්ත ප්‍රමුඛතා ලේඛනයේ ඉදිරියෙන් තිබුනේ නම්, ඒ සඳහා සුදානම් වීමට දින 15ක් ඉහටත් උඩින් සෑහේ. ඉක්මන් නිවැරදි තීරණ ගන්න, අහිංසක දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වැටෙන්නට ඉඩ නොදෙන්න. මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන් බොහෝ විට මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවත්ව නොලැබූ කොටසයි. 2020 අපොස සාපෙ ප්‍රතිපල අනුව මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන්ගේ ප්‍රතිපල අතිශය දුර්වල මට්ටමක පවතින අතර. උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය බින්දුව හෝ ඊට අසන්න අගයක ඇත. දැන් තත්වය ඊටත් වඩා බැරෑරුම් තැනක ඇති. දරුවන් ඇගයීමට ලක්කර ගැටළු හදුනාගෙන විසදුම් ක්‍රියාත්මක කරන්න. කලබලයේ විෂය නිර්දේශ ආවරණයේ කිසිදු පලක් නැත. මෙම පාසල්වල අධ්‍යාපන පසුබෑම දිස්ත්‍රිකයේ පහසුකම් සහිත පාසල්වල උසස් ප්‍රතිපල වලින් වැසී ඇත. රජය පිරිවැය යොදා නඩත්තු කරන මෙම පාසල්වලින්ද අපේක්ෂිත ප්‍රතිපල ළගාකර දීම ගුරු, විදුහල්පති, කොට්ටාශ, කලාප, පළාත්, අමාත්‍යංශ නිලධාරීන්ගේ වගකීමකි.
Vinod Monday, 18 October 2021 11:12 AM
සන්තෝසයි, සන්තෝසයි, අප්‍රමාණ සන්තෝසයි.