(ඩයනා උදයංගනී)
දෙවසරකට පමණ පසු යළිත් පාසල් ආරම්භ වන ලබන 21 වැනිදාට පාසල් හිස් නොකර, ලබන සඳුදා වන විට ගුරුවරුන්ගේ ගැටලුවට විසඳුමක් ලබාදෙන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එමෙන්ම රටේ දරුවන් හදවතක් නැති ආණ්ඩුවේ බිල්ලක් බවට පත්නොකර දරුවන් ගැන සිතා ක්‍රියාමාර්ගයක් ගන්නනැයි ගුරුවරුන්ගෙන් ද තමා ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දෙමාපියන් සමඟ සම්බන්ධ වී සාකච්ඡා කර ගුරු ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත්, තව සති කිහිපයකින් ඉදිරිපත් වන අයවැයෙන් ගුරු ඉල්ලීම ඉටුවෙනවාද නැද්ද බලා අරගලය ඉදිරියට ගෙනියනවාද නැද්ද යන්න තීරණය කරන ලෙසත් තමා ඉල්ලා සිටින බව පාඨලී චම්පික රණවක මහතා කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එමෙන්ම අයවැයෙන් ගුරු ගැටලුවට විසඳුමක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදී ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කිරීමේ හැකියාවක් රජයට ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
දෙන්න ව්‍යාජ පිටට තට්ටු කිරිම් හා හිනාවලින් හෝ අපහාස, අවමානවලින්ගුරු විදුහල්පතිවරු මර්ධනය කළ නොහැකි බව දැන් ඉතා පැහැදිලි වී ඇති නිසා තවදුරටත් හදවතක් නැති පිරිසක් ලෙස ක්‍රියා නොකොට වහාම ඔවුන්ට ලබා සාධනීය විසඳුමක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද චම්පික රණවක මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
21 වැනිදා පාසල් හිස් වෙන්න දෙන්න එපා