(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කළ සූඛෝපභෝගී බස් රථයක් කිලිනොච්චිය,ඉරණමඩුව ප්‍රදේශයේදී අද (05) අලුයම පෙරළීයාමෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
බස් රථය පෙරළීමෙන් තුවාල ලැබූවන්ගෙන් කුඩා දරුවෙකුගේ තත්වය බරපතල බවද පොලිසිය සඳහන් කළේය.
අධික වේගයෙන් පැමිණ ඇති බස් රථය රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනය කරගැනීමට නොහැකිව පෙරළි ගොස් මෙම අනතුර සිදුව ඇති බවට මුලික විමර්ශනයන්ගෙන් අනාවරණය වූ බවත් පොලිසිය පැවසීය.
බස්රථ අනතුරින් තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන්, පොලිසිය හා යුධ හමුදා නිළධාරීන් එක්ව රෝහල් ගත කිරීමට කටයුතු කෙරෙණි.
පොලිසිය පැවසූයේ අනතුරින් සුඛෝපභෝගී බස්රථයට දැඩි හානි සිදුව ඇති බවත්ය.
අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
22ක් රෝහලට යැවූ ඉරණමඩු බස් අනතුර
සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 December 2022 03:44 PM
දුරගමන් සේවා බස් රථවලින් ගමන් කරන විට දැනගත යුතු දෙයක් තමයි රියදුරාගේ නිදිබර ගතිය ගැන විමසිල්ලෙන් බැලීම. ඇතැම් බස් හිමියන් එක දිගටම එකම රියදුරු ගමන්වාර ගණනක් තිස්සේ යෙදවීම මේ රටේ සිදු වෙනවා. පසුගිය දිනෙක අප පෞද්ගලික චාරිකාවක් සඳහා එක්දින කුලියට ගෙනගිය ඒසී බස් රථයේ රියැදුරා ඊට ඉස්සරින්දා සිට නිදි නැතිව නොකඩවා බස් රථය ධාවනය කරනා බව මා සමග කීවේය. අපගේ නෑයින් බොහෝ දෙනා රාත්‍රියේ තදින් නින්දට වැටී සිටි අතර, රියැදුරා වතුර බෝතලය ගෙන විටින්විට මුහුණ සේදුවේය. රාත්‍රී කඩයක් ළඟ නැවතී ඔහුට කෝපි බීමට සලස්වා, ගමනාන්තය තෙක්ම ඔහුත් සමග කතාකරමින් නිදිවර්ජිතව මම සිටියෙමි. දුර ගමන් හා විනෝද චාරිකා යන අය මේ ගැන දැඩිව සිහිතබා ගත යුතුව තිබේ. බසයේ සැමගේ ජීවිත රැඳී තිබෙනුයේ, රියැදුරු දෑතෙහිය. ඔහුට නින්ද ගියහොත්, බසයේ සිටින අයට දෙවියන්ගේම පිහිටයි...