IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


22 කල් යයි

(සුජිත් හේවාජුලිගේ)

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය.

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා පළවිය.

මේ සම්බන්ධයෙන් අප අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවර ගන්නා බවයි.

ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.

 



අදහස් (10)

22 කල් යයි

sena Thursday, 18 July 2024 07:40 PM

මිනිස්සු බය වෙලා නෙවෙයි සර් මිනිස්සුන්ගේ විරෝධයට තමුන්නාන්සේලා බය වුණා කියන්න...

:       6       80

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 08:04 PM

ඒක හොඳයි..., නැත්නම් වෙන්නේ රනිල් රාජපක්ෂට ඡන්දයට කලියෙන්ම ගෙදර යන්නයි...!

:       8       73

විජිත් Friday, 19 July 2024 12:32 AM

ඔබ හරි අරවින්ද, සමහරවිට රනිල් සීයා ගෙදර නොගොස් කෙලින්ම ඉස්පිරිතාලෙට හෝ පිස්සන් කොටුවට යන්න තිබුණා. නමුත් රනිල්ගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක හිරගෙදර...!

:       1       2

chandima Thursday, 18 July 2024 08:40 PM

ඒක පාර්ලිමේන්තුවට දැම්මාට වැඩබලන අනුප්‍රාප්තික ජනාධිපතිට ඒකෙන් වගතුවක් වෙන්නේ නැහැ කියලා තේරිලා වගේ... ඔන්න ඔහොම තව ටිකක් නැට්ටෙන් එල්ලිලා උන්නාම තේරෙයි තව තව දේවල් ...!

:       0       2

රට වැසියා Thursday, 18 July 2024 08:44 PM

එහෙමයි කියලා හිතමු, ඒ වුණාට තවත් උප්පර වැට්ටි එහෙමත් නැත්තං තවත් "ගේම්" කොච්චර තියෙනවද දන්නැහැ!!!

:       0       4

Deepal Nirosh Thursday, 18 July 2024 09:27 PM

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට බලය ලැබී තිබිය දී මොකට ද මේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමට ඇති කඩිමුඩිය? කවුද ඉල්ලුවේ...? තමුන් යෝජනා කළා නම් තමුන්ම අකුළා ගන්න එකයි ඇත්තේ...

:       0       2

Chamila Fernando Thursday, 18 July 2024 10:43 PM

මොවුන් කිසිම සංශෝධනයක් රටටවත්, ජනතාවටවත් යහපතක් වෙන එකක් නම් කළේවත්, කරන්නෙවත් නැහැ.

:       0       1

Darmasiri Friday, 19 July 2024 06:31 AM

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන වෙලාවේ හරියට නොකර දැන් කලබලෙන් කරන්න යනවා. එදා ඔය වැරැද්ද පෙන්වා දෙන්න එක දේශපාලුවෙක් පාර්ලිමේන්තුවේ නොසිටීම නිසා අකුරු දෙකක වෙනසක් කරන්න කෝටි කීයක් වැයකරන්න වෙයිද? (පාර්ලිමේන්තුව රැස්වීමට දිනකට කෝටියක් ඉක්මවා වියදම් වෙනවා නේද? ඔය අකුරු දෙක වෙනසට කොහොමද වියදම් වෙන්නේ...) ඕවා සහගහන අපරාධ ඇමැතිතුමා ඔය වගේ වැඩට ඉස්සර කාලයේ කිව්වේ... බෑවිලා ගහට...කළා වගේ කියලා...

:       0       1

Gunaya Friday, 19 July 2024 07:48 AM

මෙම ඇමැතිගේ භූමිකාව සැක සහිතයි. රටේ හැම දෙයක්ම අවුල් කරන්න කටයතු කරපු කෙනෙක්

:       0       2

de silva Friday, 19 July 2024 10:56 AM

මේ අවස්ථාවේ ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියොත් ජනතාව කොළඹ ඇවිත් දේශපාලකයන්ගේ හොම්බට දෙකක දීල උන්ව බෙරේ වැවට විසි කරලා ආණ්ඩුව වෙනස් කරවී .

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2798 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2020 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2888 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2896 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 657 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1305 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site