IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


24 උපකාරක පන්ති ගුරා 16 හැවිරිදි සිසුවියක පැහැරගෙන යද්දී මාට්ටු

(ජේ.කේ.එල්. චාමින්ද)

මුහුණු පොත සදහා අවශ්‍ය රූගත කිරිමක් බව පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගිය උපකාරක පංති ගුරුවරයකු හා ඒ සඳහා අනුබල දුන් රුපලාවණ්‍ය ශිල්පිනියක ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බැව යක්කලමුල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයා 24 හැවිරිදි වියේ පසුවන අයෙකි. පාසල් සිසුවිය 16 හැවිරිදි වියේ පසුවන අතර උපකාරක පංති ගුරුවරයා මෙම සිසුවියගේ නිවසට ගොස් ටියුෂන් ලබාදි ඇත. පසුව මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්දතාවයක් ගොඩනගාගෙන ඇතැයි වාර්තා වෙයි.

උපකාරක පංති ගුරුවරයාගේ වයස වැඩි නිසා දැරියගේ මව්පියන් එම සම්බන්ධයට අකමැතිවි ඇත.

පසුව මෙකි උපකාරක පංතිගුරුවරයා මෙකි සිසුවිය පැහැර ගැනිම සදහා දැනට සති දෙක තුනක සිට සැලසුම් කොට ඇතැයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

ඒ සඳහා සැකකරු යක්කලමුල්ලේ රුපලාවන්‍ය ශිල්පිනියකට සහය ලබාගෙන ඇති අතර ඇයට දුරකථන ඇමතුමක් ලබාදි මෙම දැරිය හා තවත් දැරියන් දෙදෙනකු මුහුණ පොත සදහා රුගත කිරිමකට රැ‍ගෙන එන ලෙස දැනුම් දි ඇත. එම දරුවන් රැගෙන එම සදහා මෝටර් රථයක් ද සැකකරු ලබා දී ඇතැයි පොලිසිය කියයි.

එම රූගත කිරීම සිතලදොළ ප්‍රදේහයේ සිදුකරණ බවට දැනුම් දි ඇත.  ඒ අනුව දැරියන් තිදෙනා මෝටර් රථයෙන් රැගෙනවිත් ඇති අතර රුපලාවන්‍ය ශිල්පිනිය  මොටර් රථය පිටුපසින් යතුරුපැදියෙන් පැමිණ ඇත.  එම ස්ථානයට  ත්‍රිරෝද රථයකින් පැමිණ උපකාරක පංති ගුරුවරයා මෝටර් රථයේ සිටි දැරිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත. ඔහුගේ සහායට තවත් අයකු ද  පැමිණ ඇත.

සැකකාර උපකාරක පංති ගුරුවරයා දැරිය පැහැගෙන යන අයුරු අකුලහේන ප්‍රදේශයේ දි යතුරුපැදිකරුවකු මෙය දැක එම  යතුරුපැදිකරු දැරිය පැහැරගෙන යන උපකාරක පන්ති ගුරුවරයා පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව ඔහුව  අල්ලාගෙන  ඇත.

මේ වනවිට උපකාරක පංති ගුරුවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබන අතර මෙකි සිද්ධියට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියදුරු හා යතුරුපැදිකරු අත්අඩංගුවට නියමිතව ඇති බැව යක්කලමුල්ල පොලිසිය පවසයි.

 



අදහස් (4)

24 උපකාරක පන්ති ගුරා 16 හැවිරිදි සිසුවියක පැහැරගෙන යද්දී මාට්ටු

Demuni Uduwara Saturday, 26 June 2021 04:25 PM

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...

:       36       24

Raveendra Saturday, 26 June 2021 06:09 PM

කාරුණිකව අපගේ මෙම අදහස් වැරදි නම් කිසිවෙකු එය නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. වාර්තාකරු මෙම සිදුවීම ඇසින් දුටුවා ලෙස වාර්තා කර ඇති බව අපට දැනෙන අතර මේ සියලු විස්තර සොයාගත් නමුදු ගුරාගේ නම නොදැනීම අරුමයකි.

:       0       68

සංජීව Saturday, 26 June 2021 06:48 PM

යතුරු පැදිකරු අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියන්නේ පිටුපසින් ගොස් උපකාරක පංති ගුරුවරයා අල්ලා ගත් අයද?

:       2       66

ගමේ එකාලා Sunday, 27 June 2021 03:02 AM

ගුරු සංගම් සභාපති මේ දවස්වල සද්දයක් නැත්තෙ මොකො දන්නේ නැහැ. .ඉස්සර නම් වැඩ පෙන්නුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 848 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 411 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 309 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1308 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1663 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1720 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site