IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


255හේ එන්නත 40,000 ට අරගෙන

(මුදිතා දයානන්ද)

එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස  විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

රාජ්ය් ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ



අදහස් (27)

255හේ එන්නත 40,000 ට අරගෙන

C.K.Lankaputhra Tuesday, 08 November 2022 09:03 PM

මම හිතන්නෙ මේවා ලොකු වට්ටමක් එක්ක සංස්ථාවේ ලොකු ලොක්කේ හිටු කියල ගන්න ඇති. අනේ අපිටත් කියන්නකො ඔය බෙහෙතෙ නම.

:       1       49

චතුරි Tuesday, 08 November 2022 11:21 PM

අනේ බොරු නොකියා ඉන්න මෙයා...ඔයා හැමදාම ගන්න...වියාග්‍රා...ග්ර්ර්..ග්ර්ර්.. තමයි මේ.

:       5       19

ranjith Tuesday, 08 November 2022 11:14 PM

මේ වගේ අපරාද රන අයට මරණ දඬුවමවත් නොදුන්නොත් මේ රට හදන්න බැරිවෙයි. රටක් බංකොළොත් උනාම දුක් විදින්නේ රටේ ජනතාව.

:       2       75

පැරකුම්Wednesday, 09 November 2022 01:34 AM

ඒ රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්්නෙ නෑ…!

:       1       22

de silva Wednesday, 09 November 2022 12:34 AM

කණගාටුවට කරුණ මේවා හොයා ගත්තත් මේ වැරදි කරපු බලධාරියෝ කාටවත් දඬුවම් නම් ලැබෙන්නේ නැහැ.

:       0       1

chandima Wednesday, 09 November 2022 01:08 AM

ඇස්තමේන්තු හැදුවට ලෝක වෙළඳපොලේ විකුණන ගානට එපැයි ගන්න.

:       0       2

chandima Wednesday, 09 November 2022 01:10 AM

මොන ඇස්තමේන්තු හැදුවත් වෙළෙඳපොලේ තියෙන ගානට නේ ගන්න වෙන්නේ.?

:       0       1

Demuni Uduwara Wednesday, 09 November 2022 03:29 AM

මෙම වංචාව සිදුව ඇත්තේ මොන අවුරුද්දෙද?

:       0       23

Perera Wednesday, 09 November 2022 03:37 AM

රට බංකෙලොත් වෙන එක අහන්නත් දෙයද?. මෙවට වග කිව යුත්තන්ට කවදාවත් ලංකාවෙනම් දඩුවමක් විදින්න වෙන්නෙ නැහැ.

:       0       24

දිමුත්Wednesday, 09 November 2022 12:06 PM

එන්න අපි බදු ගෙවමු

:       0       12

Sk Wednesday, 09 November 2022 05:23 AM

මේවා දකිද්දී ලංකාවට අඩු දැන් මෙවැනි බෙහෙත් විතරමද කියලා හිතෙනවා.

:       0       20

nanda Wednesday, 09 November 2022 06:40 AM

ලිංගික උත්තේජනය, මෙහෙ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා මුන්ට ලිංගික උත්තේජනය ලොකු වෙලා ඒ මදිවට එකෙනුත් ගසා කනවා.

:       1       23

Senarath Wednesday, 09 November 2022 09:08 AM

මොනවටද මෙ බෙහෙත් ඉස්පිරිතාලවලට ? කාගෙ ලිංගික උත්තෙජනය ඇතිකරන්නඩ ? ලෙඩ්ඩුන්ට නම් වෙන්න බැහැ. එකත් සොයල බලන්න ඔනෙ.

:       2       26

කිරිපුතා Wednesday, 09 November 2022 10:30 AM

හැමතැනම හොරකම. මේවා හොයා ගත්තට කිසිවෙකුටත් දඬුවම් ලැබෙන්නෙ නැති නිසා ඕනම කෙනෙක් හොරකම් කරන්න බය නෑ. අහෝ අපේ මව් බිම !!

:       0       14

කිරිආතාWednesday, 09 November 2022 05:23 PM

මම නම් උත්තේජනය කරගත්තේ ඒ කාලේ 'අලුකෙහෙල්' හිතේ හැටියට කාලනේ මයෙ පුතේ..!

:       0       0

latha Wednesday, 09 November 2022 11:58 AM

ලිංගික උත්තේන ඇර වෙන බෙහෙත් මොකුත්ම නැද්ද ලංකාවට ගන්න?

:       0       8

fairoos Wednesday, 09 November 2022 12:23 PM

මේ කාලකණ්ණි දේශපාලකයන් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ... ඒකටම ගැලපෙන නිලධාරීන් සෙට් එකකුත්...

:       0       15

Dr Nishantha Pathirana Wednesday, 09 November 2022 12:36 PM

මෙය 2019 දෙසැම්බර් 30 දින ඇණවුමකට අනුව 2020 ජුනි මස 30 දින ප්‍රසම්පාදන කමිටු තීරණයකට අනුව මිලදී ගැනීම් කළ එකකි. සැපයුම්කරු සජබ කුරුණෑගල මන්ත්‍රීවරයකුගේ පුතෙකි...

:       1       11

sirilWednesday, 09 November 2022 01:47 PM

සැපයුම්කරු කවුරු වුණත් මහජන මුදල් පරිහරණයේදී රජයේ නිලධාරීන් වංචා සහගත වෙන එක සුදුසු නැහැනේ.. මේවා සාධාරණීය කරන්න වෙන අනම් මනම් ගෙට ගහලා හරියන්නේ නැත. වංචාවට සම්බන්ධ හැම දෙනාටම දඬුවම් කළ යුතුය.

:       0       9

ඕෂදීWednesday, 09 November 2022 05:33 PM

උතුම් සෞඛ්‍ය සේවයට වංචාවක් කරන ඕනෑම කෙනෙකුට එහි ඵලවිපාකය ලෙඩ ඇඳකම විඳවමින් ජීවිතයේ සැඳෑසමය ගත කරන්නට වෙන බව ඒ අයට අමතක වෙන්න ඇති...!

:       0       2

CPC AND CUSTOM ROBBERS Wednesday, 09 November 2022 12:55 PM

රුපියල් බිලියන බර ගානක් තියෙන health budget එකෙන් 50% යන්නේ හොරා කන්න කියලා තමා හැමෝම කියන්නේ. ඔකේ ඉන්න උන් ට බෙහෙත් නැතිව ,උපකරණ නැතිව මැරෙන දුක් විඳින හැම මනුස්සයෙක්ම ගානේ හෙන ඉල්ලන්න ඕනේ නිදහස් සෞඛ්‍ය පහසුකම මිනිස්සුන්ට නොදී, ඒවාට වෙන්කරන මුදල් වලින් සවාරි යන, නැවු ගන්න , ආතල් ගන්න ඇමතිලා, ඩොකාල ,සෞඛ්ය දෙපාර්තමේන්තුවේ purchasing කරන උන්. හරියට උපකරණ maintain නොකර අවුරුද්දෙන් දෙකෙන් අලුතෙන් ගන්න වෙන විදියට ඒවා විනාශ කරන හෝ විනාශ වුන විදියට අයින් කරන උන් ට පවා මේ කියමන අදාලයි

:       0       14

අබිලින් Wednesday, 09 November 2022 02:25 PM

ව්‍යවස්ථාදායකය හා විධායකය හැරෙනවිට අනෙක් ආයතනයේ අයට මෙහෙම දේවල් සඳහා මොකවත් කරන්න බැරිද? සමහර වෙලාවට වෙනත් රටවල එහෙම දේවල් වෙනවා කියන පුවත් අහන්න ලැබෙනවා. ඇත්තටම ලංකාවේ එහෙම දේවල් නැත්තේ ඇයි?

:       0       1

himal Wednesday, 09 November 2022 04:35 PM

ඇස්තමේන්තු කළ මිලට සැපයුම්කරුවො කවුරුවත් දෙන්නේ නැත්නම් මිල වැඩි වෙලා නම් බෙහෙත ඕනත් නම් මොකද කරන්න ඕන?

:       2       2

විජයන්ති Wednesday, 09 November 2022 04:48 PM

මේවා ගහල තමා ආයෙත් මහජනයාට දෙන්නේ...

:       0       4

ගමේ එකාලා Wednesday, 09 November 2022 05:12 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ අමාරුව?

:       0       1

විපරමා Wednesday, 09 November 2022 05:21 PM

60 පැනපු වයසක උන්දෑලාට පුරුෂ ශක්තිය වැඩි වෙන්න දෙන එන්නතක් වෙන්නැති...

:       0       4

Prase Wednesday, 09 November 2022 06:31 PM

මල්ලි රජයේ සේවකයෝ තමයි හොඳටම කරලා තියෙන්නේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 131 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 141 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 1935 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 234 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 520 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 121 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1902 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site