( තිළිණි ද සිල්වා )
5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් භාගයේ දී කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවත්, ඒ අනුව සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර රැස්වීම පවත්වන දිනය දැනුම් දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (16) බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා වෙත දැනුම් දී ඇත.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල විය හැකි අභියෝග අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාර්ථක එන්නත්කරණ වැඩසටහන යටතේ, පුද්ගලික වශයෙන් සහභාගී වීමට හැකි වන පරිදි බිම්ස්ටෙක් සමුළුව සංවිධානය කරන බවද අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බිම්ස්ටෙක් මහලේකම්වරයා වෙත වැඩිදුරටත් දැන්වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
බංග්ලාදේශයේ ඩකා හි පැවැත්වෙන 21 වැනි ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරවාරයේ දී, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (16) දින බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම දැනුම් දීම කර ඇත.
ශ්‍රී ලංකාව එහි සභාපතිවරයා ලෙස ආයතනික ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ අතර, බිම්ස්ටෙක් ප්‍රඥප්තිය අවසන් කිරීමටත්, බිම්ස්ටෙක්හි අනාගත ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාවයේ කිරීමටත් සමත් වූ බව අමාත්‍ය පීරිස් මහතා මෙහිදී එම මහලේකම්වරයා හමුවේ කීවේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලංකාවේදී පැවැත්වීමට යයි
Sriland Tuesday, 16 November 2021 07:16 PM
ජනතාවට නීතිදානවා උත්සව, රැස්වීම් තහනම් කියලා.. කෝ එතකොට එක රටක්, එක නීතියක්...? බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
ravin Tuesday, 16 November 2021 07:29 PM
රටේ මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නැහැයිලු..? වියදම් කරන්නේ අප්පොච්චිගේ බූදලේ වෙන්න ඇති.
W.k.p weerasighe Wednesday, 17 November 2021 05:33 AM
ජාත්‍යන්තරය තමා රට කැවේ. දැන් අපට තියෙන්නේ ශ්‍රීලංකාවක් නෙවයි සර් ලංකාවක් පමනි .පව් අපේ හෙල විරුවෝ.