IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


5000 දීමනාව ජූනියේදී නෑ

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රුපියල් 5000 දීමනාව ජූනි මාසයේ ගෙවීම දේශාලපන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් එය ජූනි මාසයේ ගෙවීම ගැන නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර මහතා වෙත ඉකුත් 17 වැනිදා ලිපියකින් දැක්වීය.

ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති  කැබිනට් රැස්වීමේදී එම ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා වූ බවත්, මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින්, එය ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත්, මේ පිළිබදව කළ විමසීමේදී රජයේ කැබිනට් ප‍්‍රකාශයක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය අනුව හැඟී යන්නේ, ලබන මාසයේ මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාවේ සුදානමක් ඇති බව යැයි කී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රුපියල් 5000 දීමනාව ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවට පෙනී යන්නේ නම්, එම දීමනාව ගෙවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට රජය අවශ්‍යතාවක් නැතැයි ද කීවේය.
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත් පවුල් වෙත රජය ඉකුත් අපේ‍්‍රල් සහ මැයි මාසයේ රුපියල් 5000 ක දීමනාවක් ලබා දුන්නේ කිසිදු දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් නොවන බව කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා වූ බව කී ඇමැතිවරයා එසේ තිබියදී මෙවැනි ගැටලූවක් මතු වන්නේ නම් එම දීමනාව ජූනි මාසයේ ගෙවීමට රජය සුදානම් නැති බව ස`දහන් කළේය.

පීඩාවට පත් පවුල් සදහා රජය විසින් ඉකුත් අපේ‍්‍රල් මාසයේ ගෙවන ලද සහ මැයි මාසයේ ගෙවන රුපියල් 5000 දීමනාව ලබන ජුනි මාසය සදහා ද ගෙවීමට රජය මීට පෙර තීරණය කර තිබිණී.

එය ජුනි මාසයේ ගෙවීම සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යවනු ලැබුවේ ඉකුත් 12 වැනිදාය.

දෛනික ආදායම් අහිමි වූ පුරවැසියන්ගේ  පවුල්වලට ආබාධිත රෝගී සහ වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපේ‍්‍රල් මාසයේ ගෙවූ මැයි මාසයේ ගෙවන රුපියල් 5000ක දීමනාව ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප‍්‍රවර්ධනය කිරීමක් ලෙස කි‍්‍රයාත්මක වන බවට දිගින් දිගටම පැමිණීලි ලැබෙමින් පවතින බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දක්වා ඇත.

තනි පුද්ගලයන්, සිවිල් සංවිධාන පමණක් නොව මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගෙන් ද මෙය දේශපාලන ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවත්, එබැවින් මෙම මුල්‍යාධාරය ගෙවීම කිසිදු ආකාරයක දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවට වගබලා ගත යුතු බවත්, මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා යැවූ ලිපියේ ස`දහන් කර ඇත.



අදහස් (18)

5000 දීමනාව ජූනියේදී නෑ

derik Wednesday, 20 May 2020 01:53 PM

දෙනවා කියපු එක දීලත් නැතුවම ඉස්සරහට දෙන්න හිතපු එකක් ගැන කියපු ගමන් නොදී ඉන්න තීරණ අර ගන්නා අරුම පුදුම කැබිනට්ටුවට අපගේ උපහාරය..

:       116       315

kavinda Wednesday, 20 May 2020 05:09 PM

රටේ ජනතාව මේකට විරුද්ධ වෙන්නේ කව්ද කියලා දන්නවා. මේවට ලබන මැතිවරණයේදී පිළිතුරු දෙයි...

:       57       212

kamal Wednesday, 20 May 2020 05:31 PM

එහෙනම් මැයි 25 වෙනකොට සම්පූර්ණයෙන් රටේ වැඩ කරන්න, වැඩ ගන්න, සේවා ලබා ගන්න තියෙන බාධා ඉවත් කරන්න, මිනිස්සු හම්බ කරගෙන වියදම් කර ගනියි...

:       62       109

Amal Thursday, 21 May 2020 02:32 AM

මට මුල ඉදලම හිතුනා මැකෝ අලියට සපෝර්ට් කියලා. යහපාලනය චන්ද කල් දානකොට මීක් නෑ. දැන් චන්දෙත් කල් දාන්නලු. 5000 දෙන්නත් එපාලු.

:       2219       1550

Rata PerataFriday, 22 May 2020 06:20 AM

හරියට කරුණු හොයලා ලියන්න.. මැතිවරණ කොමිසමේ දෙයක් නෙමෙයි... ආණ්ඩුවට සල්ලි නෑ දෙන්න. මැතිවරණ කොමිසම මේකේ වැරදි දැක්කේ නැති එකයි පුදුමේ. ඇත්තටම 5000 දේශපාලන අල්ලසක් වගේ තමයි බෙදුවේ. ග්‍රාම නිලධාරීන්ගෙන් ඇහුවා නම් කියයි. අඩු අාදායම් ජනතාවට බෙදන්න නම් පළාතේ දේශපාලකයින් එන්න ඕන නැහැනේ... මේ වගේ කාලකන්නි වැඩ පාට කණ්ණාඩි නැතුව දකින්න මොලයක් නැති අය ඉන්න අපේ රටට මෙහෙම වෙලා මදි...

:       2       340

Rehan Thursday, 21 May 2020 04:22 AM

ඕක නොදෙන එක හොඳයි... මතක තියාගන්න කිසිම දෙයක් නිකන් හම්බ වෙන්නේ නැහැ. ඕක වගේ තුන්ගුණයක් ගෙවන්න වෙයි අපිට බදු විදිහට ළඟදිම...

:       188       251

samanathiThursday, 21 May 2020 06:12 AM

ඔය සල්ලි ටික පිරිමහගෙන දුප්පත් මිනිස්සු සුමාන 2ක්වත් කනවා බොනවා... කන්න නැතිව මිනිස්සු මැරුණාම කොහොමත් බදුගෙවන්න වෙන්නේ නැහැ.

:       41       201

Prasanna Thursday, 21 May 2020 04:26 AM

මැතිවරණ කොමසාරිස් පක්ෂග්‍රාහී වගේ.. ඡන්දෙ කල්දාන්න කියලා නඩු තියෙද්දි ඇයි රුපියල් 5000 දුප්පත් මිනිස්සුන්ට නොදෙන්නේ? කොමසාරිස්ද මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ? කොමිසමට, නීතියට වැඩේ වෙනවානම් මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නැහැ. ඒකෙත් ඉන්න 3දෙනාම එළිපිටම පක්ෂග්‍රාහියි. අන්තිම අසාර්ථක කොමිෂන් එකක් මේක.. කළින් ඡන්ද නැහැ. දැන් පිස්සු කෙළිනවා.

:       554       345

samanthiThursday, 21 May 2020 06:14 AM

කැනඩාවේ සහ ලංකාවේ සිටිසන්... නමුත් වැඩ කොටියාට.. අනික් කෙනා කවුද? 

:       49       15

Wimalasiri Thursday, 21 May 2020 05:40 AM

ආණ්ඩුවට සල්ලි නැති නිසා නොවෙයි නේද?

:       121       159

IndikaThursday, 21 May 2020 07:13 AM

ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි නැත්තම් ඡන්දෙ තියන්න ඕනේ නෑ. එහෙනම් ආණ්ඩුවට ඕන කාලයක් බලයේ ඉන්න පුලුවන් සල්ලි නෑ කියකියා...

:       3       43

යාපා Thursday, 21 May 2020 05:52 AM

ස්වාධීන කියලා බෝඩ් විතරක් ගහලා අන්ත පක්ශග්‍රාහී කොමිසමේ පිහිටුවීමෙන් අවසානෙ ඡන්දෙත් නෑ. අහිංසක මනුස්සයින්ට ලැබෙන ප්‍රතිලාභත් නෑ..

:       310       157

RamaniThursday, 21 May 2020 07:17 AM

ඔය ස්වාධීන කට්ටියව පත්කළේ චන්ද්‍රිකා ඇතුළු යහපාලන නඩයයි.

:       20       57

සේන Thursday, 21 May 2020 05:55 AM

කොළ මැතිවරණ කොමිසමෙන් ඉල්ලගමු....

:       24       227

මහසෙන් Thursday, 21 May 2020 07:10 AM

අඩන්න උන්නු මිනිහගේ අැහැට ඇන්නා නේද?

:       13       8

himal Thursday, 21 May 2020 07:24 AM

මේ පුවතට අනුව මැතිවරණ කොමිසමෙන් තමයි සලකා බලන්න යැයි ඉල්ලීමක් කරලා තිබෙන්නේ, ලේකම් වරයාගෙන්... එතකොට තීරණය අරන් තියෙන්නේ කැබිනට් එකෙන්. අනෙක මේ බදු ගෙවන්න වෙන තර්කය ගත්තොත් වැඩිපුරම බදු ගෙවන්නේ මධ්‍යම පාන්තිකයා හා ඉහළ ආදායම් ලබන්නන්... එයලාට 5000ක් ලැබෙන්නේ නෑ.

:       21       169

අමිල Thursday, 21 May 2020 07:27 PM

ජන ජීවිතය යහපත් තත්වයට පත්වෙලා නම් 5000 ගෙවීම අවශ්‍ය නොවන බව කොමිසම පෙන්වා දුන්නා. ජන ජීවිතය යහපත් නම් 5000 ගෙවන්නේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. දැන් ඡන්දෙ තියන එක ගැන කොමිසම මොකක්ද කියන්නේ..?

:       13       1

rana Saturday, 23 May 2020 05:50 AM

මෙන්න බොලේ අද මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර 5000 බෙදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 113 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 73 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 170 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’
2025 අප්‍රේල් මස 26 1160 6

’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.


උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි
2025 අප්‍රේල් මස 26 117 1

පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර


සුවසැරියටත් ඇමති බංගලාවක්
2025 අප්‍රේල් මස 26 539 0

සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 868 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 391 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site