(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වල සේවය කරන හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් හත් දෙනකු මෙම මස 31 වැනි දින සිට විශ්‍රාම යෑමට නියමිත අතර රටේම සේවය සඳහා ඉතිරිවන්නේ වෛද්‍යවරුන් 10 දෙනකු පමණකැයි විශේෂඥ වෛද්‍ය සංගමය සඳහන් කරයි.
රජයේ රෝහල්වල සේවය සඳහා හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් 27 දෙනකු අවශ්‍ය වුවත් මේ වනවිට සිටින්නේ 18 දෙනකු පමණක් බව ද ඉන් එක් වෛද්‍යවරයකු විදේශගතවීමට නියමිත බව ද එම සංගමය සඳහන් කරයි.
කොළඹ, මහනුවර,ගාල්ල, යාපනය සහ රිජ්වේ ළමා රෝහල යන ස්ථාවලට ඉදිරියේදී හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුවන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමහය කියයි. හෘද රෝග සැත්කම් සඳහා පෙරොත්තු ලේඛනවල වසර දෙකක් තිස්සේ රෝගීන් සිටින බව ද එම සංගමය සඳහන් කරයි.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
60 නීතියෙන් හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් ඉතිරිවන්නේ 10යි
මරිසිපාල Sunday, 11 December 2022 02:22 PM
රජයේ සේවයේ කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයේ යෙදීමට අවස්ථාව සලසා තියෙනවා. ඉතින් රජයට අවශ්‍ය නම් එහෙම බඳවා ගැනීමට හැකියාව තියෙනවා. රාජ්‍ය සේවයේ නීතියක් තිබේ නම් එය කාටත් පොදු වෙන්න ඕනෑ. හැබැයි කොන්ත්‍රාත් පදනමෙන් ඉන්නා විට සේවයේ ඉන්නවා වගේ නම් බැරිවේවි කියලා නේද බය...?
චන්දන Sunday, 11 December 2022 08:35 PM
මේ අය කොන්ත්‍රාත් පදනමකින් යළි එන්නේ නැහැ. එක්කෝ විදෙස් ගතවෙයි. නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් වලට යයි. කොහොම කළත් අමාරුවේ වැටෙන්නේ අහිංසක ජනතාව. සල්ලි කාරයින් නෙවෙයි. පිළිතුර ඒක නෙවෙයි අවශ්‍ය පරිදි විශේෂඥ වෛද්‍යවරුන් බිහි කිරීමට කටයුතු කරන්න.
de silva Sunday, 11 December 2022 03:25 PM
ලංකාවේ සිටින වෛද්‍යවරු ප්‍රමාණය මදි... අපි පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැනට වසර 10ක පමණ සිට ලංකාවේ ක්‍රියාත්මක කළා නම් මෙහෙම වෙන්නේ නැහැ... අලුතින් සිතන්න කාලය පැමිණ ඇත.
වසන්ත Sunday, 11 December 2022 04:20 PM
ඉතුරු දහාදනාටත් ඉල්ලා අස්වෙලා පෞද්ගලික රෝහල්වලට යන්න කියන්න. නිකං වැඩි වැඩ කරල ඇඟවල් රිද්ද ගන්නෙ මොකටද.
ගමේ එකාලා Sunday, 11 December 2022 05:18 PM
රටට අවශ්‍යම දොස්තරලා 60න් පැන්ෂන් යවනවා. රටම හොරාකාලා විනාශ කරපු දූෂිත, බලලෝභී දේශපාලුවෝ 70 පැනලත් බලයේ එල්ලීගෙන ඉන්නමයි හදන්නේ...
Sunday, 11 December 2022 05:29 PM
ගෝඨාභය මහත්තයා වයස 65 කළානේ. ඒක එහෙමම තියෙන්න ඇරියා නම් ඉවරයිනේ. 60 ට වැඩියි කියන්නේ අබලන් හෝ කල් ඉකුත්වූ අය නෙමෙයි. නියම අත්දැකීම් ඇති වැඩකාරයෝ. තරුණ විතරක් කියලා රටක් කරන්න බෑ. දැක්කනේ තරුණයින් කුලප්පුවෙලා අනාගත්තා. මේ ගැන නැවත සිතා බලා කටයුතු කිරීම හොඳයි නේද?. උසස් වීම් නෑ, තරුණයන්ට උඩට යන්න බෑ... නාකි පොරවල් හින්දා කීම වැරැදියි...
ranjith Sunday, 11 December 2022 06:21 PM
ඒෙස් නම් ෙකාන්ත්‍රාත් පදනම මත ගන්න පුළුවන්. හැබැයි මුළු ෙස්වා කාලයම ෙරා්හෙල් වැඩකරන පදනම මත ගන්න.
Deepal Nirosh Sunday, 11 December 2022 07:03 PM
එක රටක්, එක නීතියක් නම් ඉතින් මෙහෙම එක එක අයට එක එක නීති පද්ධති බැහැ. රට යම් ස්ථාවරයකට ගෙන එන්න නම් මේ රාජ්‍ය සේවක බර අඩු කළ යුතුමයි. මේ වගේ ඉතා අත්‍යාවශ්‍ය සේවා කාණ්ඩවල සේවය අවුරුදු 60න් පසුත් රටට ලබා ගන්න නම් ඒ අය අවුරුදු 60න් අනිවාර්යයෙන් විශ්‍රාම ගන්වා පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව නැවත සේවයට ගැනීමේ ක්‍රමවේදයක් ඇරඹිය යුතුයි. කුමන හේතුවක් මතවත් මේ නව විශ්‍රාම නීතිය ආපසු නො හැරවිය යුතුයි.
රනිල් ( නරියා )Sunday, 11 December 2022 08:12 PM
හොඳයි.ඔබතුමාගේ අවසරය ලැබෙනකම් තමයි මම මේ බලාගෙන උන්නේ.අපි ඔයා කිව විදිහටම කරන්නම්.
Lalla Sunday, 11 December 2022 07:24 PM
වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට වල කපන්නේ ඔය විශේෂඥයෝම නේද? ඔවුන්ට පුද්ගලික වෙදකම පවත්වාගෙන යන්න...
udara Monday, 12 December 2022 10:46 AM
රටම කාබාසිනියා කරපු 60 පැනල ඇවිදගන්නවත් බැරි උන් පාර්ලිමේන්තුවේ ඔක්කටෝම කලින් උන් ටික යවන්නේ නැතිව තවත් රට විනාස කරනව
Rsnssinghs Monday, 12 December 2022 11:11 PM
55 යවන්න ඕන අය දැන් කෙඳිරි ගානවා..