IMG-LOGO

2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

සමිත් බෝධිපක්ෂ (චීනයේ ෂැංහයි නුවර සිට)

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය.  චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි. 

පෙර ප්‍රදර්ශනවලදී මෙන්ම මෙවරද එහි ව්‍යවසාය ව්‍යාපාර ප්‍රදර්ශන, Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය, වෘත්තීය සහාය ක්‍රියාකාරකම් සහ සංස්කෘතික හුවමාරු ආදී ක්‍රියාකාරකම් ඇතුළත් වෙයි.

රටවල් 30කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් සහභාගි වන මෙම ප්‍රදර්ශනය  වර්ග මීටර් 330,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැවැත්වෙයි. 

2018 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව  ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද කිහිප වතාවක් සහභාගි වී තිබෙන අතර, මෙවරද ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශන කුටි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද ප්‍රධාන ප්‍රදර්ශන කුටිය ප්‍රදර්ශන භූමියේ පිහිටි ජාත්‍යන්තර කලාපයේදී අද සවස විවෘත කෙරිණි. චීනයේ ෂැංහයි නුවර කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. මීට අමතරව මෙරට ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරන කුටි කිහිපයක්ම මෙවර ප්‍රදර්ශනයට එකතු කර තිබේ. 

මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට මැලේසියාව, උස්බෙකිස්තානය, ස්ලෝවැකියාව, මොංගෝලියාව, සර්බියාව සහ කසකස්තානය යන රටවල අග්‍රාමාත්‍යවරුන්, අනෙකුත් රටවල නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙවර ප්‍රදර්ශනය එළඹෙන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

ඔබේ අදහස් එවන්න

දියත

නත්තලට -උත්සව සමයට ලංගම අතිරේක බස්
2024 දෙසැම්බර් මස 24 15 0

නත්තල හා උත්සව සමය නිමිත්තෙන් අද (24) අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.


‘කුෂ්‘සඟවා පැමිණි විදේශිකයා කටුනායකදී මාට්ටු
2024 දෙසැම්බර් මස 24 91 0

රුපියල් කෝටියක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ර


අද වැස්ස නැති දවසක්
2024 දෙසැම්බර් මස 24 61 0

ඌව පළාතෙත් හම්බන්තොට,රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ


පන්දහසක අල්ලසට යට වූ සැරයන්
2024 දෙසැම්බර් මස 24 290 0

මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ ස


අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 24 1994 0

රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හ


ලාභ නොබෙදුවාට මණ්ඩලේ කචල්
2024 දෙසැම්බර් මස 24 1142 0

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා මෙවර නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතුවූ අර්බුදකාරී තත්වය ලොකු පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 72 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 46 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site