(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරියාවේ පුහුණු වෙල්ඩින් ශිල්පීන් 10,000කට ආසන්න ප්‍රමාණයකට ඉල්ලුම තිබුණද වෘත්තීය පුහුණු අධිකාරිය මෙරටින් යවා ඇත්තේ 300 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.
මේ අනුව රැකියා වෙළෙදපොළ ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව එම අධිකාරියට පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේද සහය ලබා ගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලීමක් කළේය.
මේ තොරතුරු අනාවරණය වූයේ වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්යසාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
මේ අතර වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු හිටපු සභාපතිවරයාගේ අනීතික පරිපාලන තීන්දු නිසා සිදුවූ අලාභය පියවා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වා සති දෙකක් ඇතුළත ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශයට උපදෙස් දුන් බව කෝප් කමිටුව පවසයි.
අධිකාරියේ මූල්‍ය අධ්යක්ෂ ඇතුළු ආපදාන තනතුරු හතක්ම පුරප්පාඩු වී පවතින බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර සහ ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, චමින්ද විජේසිරි, මේජර් සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් සී දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
9700 කට කොරියා වාසනාව නැතිවෙලා