මෙරට ෆ්ලෙක්සිබල් ඇසුරුම් කර්මාන්තයේ වසර 25කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණයෙක් වන ලක්ෂමන් ද ෆොන්සේකා මහතා සභාපතිත්වය දරනALFT ඇසුරුම් සමාගමේ නවතම කර්මාන්ත ශාලාව අති නවීන නිෂ්පාදන පහසුකම් සහිතව පසුගිය දා ඒකල දී විවෘත කරන ලදි.
නව කර්මාන්ත ශාලාව W&H Miraflex 11 මුද්‍රණ තාක්ෂණය ඇතුළු නවීනතම යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත වන අතර මේ හරහා දේශීය සමාගම් වෙත සිය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ ෆ්ලෙක්සිබල් ඇසුරුම් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.
නව කර්මාන්ත ශාලාව විවෘත කිරීම සඳහා විචිත්‍රවත් නිල උත්සවයක් පැවත්වුණු අතර ඊට ව්‍යාපාරික ක්ෂේත්රයේ කීර්තිමත් ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලාෆිෆි, සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL) සමාගමේ සභාපති රම්‍ය වික්‍රමසිංහ, ප්‍රීමා ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න, නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ජේසන් ඇවන්සිනා, ලංකා බැංකුවේ අතිරේක සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඒ අතරින් කිහිප දෙනෙකි. එම අවස්ථාවේ දී ALFT සමාගම සිය පළපුරුදු සේවක මණ්ඩලය සහ විදේශීය විශේෂඥයන්ගේ සහය ඇතිව සහභාගී වූ සියලු අමුත්තන් හට නව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සිදු කෙරෙන ආකාරය දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබිණ.
ALFT සමාගමේ සභාපති ලක්ෂ්මන් ද ෆොන්සේකා මහතා සමාගමේ නව පියවර ගැන අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
“ඇසුරුම් නිෂ්පාදනය සඳහා මේ මාදිලියේ ඉහළම ජාත්‍යන්තර තාක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ යොදා ගැනෙන්නේ පළමු වරටයි. ඒ නිසාම මේ අවස්ථාව ALFTසමාගමට පමණක් නොවෙයි සමස්ත ඇසුරුම්කරණ ක්ෂේත්රයටම සුවිශේෂී අවස්ථාවක් කියා මා සිතනවා. මේ නවීනතම තාක්ෂණයේ ප්රතිලාභ වශයෙන් අපේ සේවාලාභීන්ට පෙර නොවූ විරූ නිර්මාණශීලීත්වයක් සහ කාර්යක්ෂමතාවක් අත්විඳීමට හැකි වනු ඇති. නව කර්මාන්තශාලාව තුළ නව තාක්ෂණය යොදා ගනිමින් පළමු ඇසුරුම් නිෂ්පාදන කාණ්ඩය මේ වන විට ප්‍රීමා සමාගම වෙනුවෙන් නිෂ්පාදනය වෙමින් පවතිනවා”
“නවතම W&H Miraflex මුද්‍රණ තාක්ෂණය හරහා අපේ සේවාලාභීන්ට අද්වීතීය ගුණාත්මක බව, පුළුල් වර්ණ පරාසයක් භාවිත කිරීමට හැකි වීම, කාලය ඉතිරි වීම සහ නිර්මාණශීලීත්වයට වැඩි ඉඩක් හිමී වීම වැනි වාසි ගණනාවක් ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළමු වරට අපි කර්මාන්තශාලාව තුළම ප්ලේට් නිර්මාණය කිරීමේ තාක්ෂණය හා පහසුකම හඳුන්වා දී තිබෙනවා”
“අපේ නව කර්මාන්තශාලාව හරහා දේශීය ව්‍යපාරවලට විදේශීය සැපයුම්කරුවන් මත යැපීමකින් තොරව පහසුවෙන් හා අඩු පිරිවැයකින් තමන්ගේ ඇසුරුම් අවශ්‍යතාව සම්පූර්ණ කරගත හැකි නිසා ඔවුන්ට අපනයන වෙළඳපොළ තුළ සාර්ථකව තරඟ කිරීමට අවස්ථාව හිමි වෙනවා. අනෙක් අතටALFT සමාගමට ජාත්‍යන්තර සේවාලාභීන් වෙත සේවා සැපයීමටත් අවස්ථාව උදා වී තිබෙනවා. මේ නිසා අපේ ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි විශාල සාධනීය බලපෑමක් ඇති කරනු ඇති බවට අපි විශ්වාස කරනවා”
උසස්ම තත්ත්වය හා අනෙකුත් ප්‍රතිඵලවලට අමතරවALFT සමාගම සිය සේවාලාභීන් වෙනුවෙන් ඉහළම සේවයක් ලබා දීමට කටයුතු කරන අතර ඊට හොඳම උදාහරණය වන්නේ නව කර්මාන්තශාලාවේ පිහිටා ඇති නවීන තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණාගාරයයි. සමාගමේ සේවාලාභීන්ට නිෂ්පාදනයට පෙර සිදු කරන පරීක්ෂණ කටයුතු මෙම පර්යේෂණාගාරය සතු සම්පත් භාවිත කර සිදු කිරීමට ALFT සමාගම විසින් ඉඩකඩ සළසා ඇත.
ALFT සමාගමේ කළමනාකාර අධ්යක්ෂ චතුර ජයතිස්ස මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේය. “ALFT සමාගම කෙටි කලක් ඇතුළත ලැබූ දැවැන්ත සාර්ථකත්වයට හේතු වූ මූලිකම කාරණා වන්නේ අපේ විශිෂ්ට පාරිභෝගික සේවය සහ සියයට සීයක් පූර්ණ විනිවිදභාවයයි. රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අප දක්වන කැපවීම සහ කාර්යක්ෂම බව හා කාලය ඉතිරි කරදීම වැනි කාරණා සම්බන්ධයෙන් අපේ සේවාලාභීන් ඉතා ඉහළින් අපව අගය කරනවා”
595
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථ
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙස
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර
මන්නාරම සවුත්භාර් මුහුදු සීමාවේදී මුහුදේ පාවෙමින් ආ පර්සලයක් පරික්ෂා කිරීමේදී එය පුපුරා යාම හේතුවෙන් ධීවරයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබ ඊයේ (21) දින රෝහ
ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ALFT පැකේජින් අති නවීන කර්මාන්ත ශාලාවක් විවෘත කරයි