ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA 2023) ක්ෂුද්‍ර පරිමාණ අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස Ants ක්‍රියේෂන් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.
වසර 12ක් පුරා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැරිය හැකි මිලකට, තත්ත්වයෙන් උසස් සේවා සපයන Ants ක්‍රියේෂන් පුද්ගලික සමාගම ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.
Web Designing, Web Based System Development, Search Engine Optimizing, Branding, Designing, Digital Marketing, Printing යන තොරතුරු තාක්ෂණයට අදාළ සේවා ඔවුන් විසින් සපයනු ලබයි. Ants ක්‍රියේෂන් 2019දී දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී හොඳම ව්‍යාපාර විසඳුම් සැපැයුම්කරුවා සහ හොඳම නැගී එන තොරතුරු තාක්ෂණ ව්‍යාපාරය ලෙස සම්මාන ද්විත්වයක් හිමි කර ගත් අතර 2022දී බංගලාදේශයේ ඩකා නුවරදී පැවති දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ටම තොරතුරු තාක්ෂණ ආයතනයට හිමි සම්මානයද දිනා ඇත.
“අපි මේ ව්‍යාපාරය ඇරඹුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පහසු මිලකට තත්ත්වයෙන් උසස් සේවා සපයන ආයතන අඩු යුගයක, 2011 වසරේදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයකුට ව්‍යාපාරය ආරම්භයේ පටන් අවශ්‍ය සියලුම ඩිජිටල් සේවා හා මුද්‍රණ සේවා විශිෂ්ට තත්ත්වයෙන් දැරිය හැකි මිලකට සැපයීම අපේ අරමුණයි.
විශ්වවිද්‍යාලවල හා තාක්ෂණ අධ්‍යාපන ආයතනවල සිසුන්ට පුහුණුව සහ රැකියා සපයමින් විවිධ සමාජ සේවා ව්‍යාපෘති ඔස්සේ රටේ ආර්ථිකයට මෙන්ම සමාජයටද සේවය කරමින්, අපගේ සේවාදායකයන්ට තත්ත්වයෙන් උසස් සේවා සපයා ඉදිරියට යාමට අපි නිරතුරුව වෙහෙසෙනවා. ඉදිරියේදී අපගේ සේවා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ව්‍යාප්ත කිරීම අපේ අපේක්ෂාවයි. සුළුවෙන් ඇරැඹූ ව්‍යාපාරය අද සම්මානනීය ව්‍යාපාරයක් බවට පත් කරන්න කැප වූ Ants ක්‍රියේෂන් සම අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන මගේ බිරිඳ බුද්ධි සමරනායක ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.” Ants ක්‍රියේෂන් කළමනාකාර අධ්‍යක්ෂ සචින්තන වික්‍රමසිංහ මහතා පැවසීය.
595
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ
අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන
පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
Ants ක්‍රියේෂන් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි