ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA ශ්‍රී ලංකා), ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් Association of Certified Fraud Examiners (ACFE) සමඟ අත්වැල් බැඳගනිමින්, මූල්‍ය වංචාවට හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මූල්‍ය වෘත්තිකයන්ට සහයෝගය ලබා දීමේ අරමුණින් ගෝලීය පාඨමාලාවක් හඳුන්වා දීම පසුගිය දා සිදුකෙරිණි.
ව්‍යාපාරික ලෝකය තුළ සිදුවන වංචා හා දූෂණ මැඩලීම වෙනුවෙන් වර්තමානයේදී දක්නට ලැබෙන සුවිශේෂී සුදුසුකමක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙන ‘සහතිකලත් වංචා පරීක්ෂක‘ සුදුසුකම පිළිබඳ පාඨමාලාව කොළඹ දී පැවැත්වුණු විශේෂ උත්සවයක දී එළිදැක්වුණු අතර, CA ශ්‍රී ලංකා සභාපති සංජය බණ්ඩාර, උපසභාපති හේෂණ කුරුප්පු, හිටපු සභාපති ජගත් පෙරේරා සහ ප්‍රධාන විධායක නිලධාරිණී දුලානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඊට සහභාගි වූහ.
ACFE යනු ලොව වංචා විරෝධී විශාලතම සංවිධානය ලෙස හැඳින්විය හැකි අතර, වංචා වැළැක්වීම සඳහා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛතම ආයතනය ද වේ. වර්තමානය වන විට, ACFE විසින් ලොව පුරා ව්‍යාපාරික වංචා අවම කිරීම සඳහා සාමාජිකයන් 90,000 කට අධික සංඛ්‍යාවක් පුහුණු කර ඇති අතර, ඔවුහු එම වෘත්තීය ක්ෂේත්‍රය පිළිබඳව විශ්වාසය දිනාගනිමින්, ආයතනික වංචා හා දූෂණ වැළැක්වීම පිළිබඳව ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටී.
ආයතනවල ආරක්ෂකයන් ලෙස සැලකෙන වරලත් ගණකාධිකාරීවරුන් සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෙවැනි සුදුසුකමක් ලබා දීමෙන් ආයතනික ආරක්ෂාව තහවුරු කරගත හැකි අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව පුරා දිනෙන් දින වර්ධනය වන ආයතනික වංචා හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වරලත් ගණකාධිකාරීවරුන්ට ශක්තිය ලබා දෙයි.
-සටහන- චම්න්ද මුණසිංහ
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
CA ශ්‍රී ලංකා වෙතින් වංචාවට හා දූෂණයට එරෙහිව සුවිශේෂී පාඨමාලාවක්