ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri Lanka) ස්වකීය ව්‍යාපාරික දිවිමගේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එහි 65 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ නිල ලාංඡනයක් පසුගියදා එළි දැක්වූයේය. ඒ ’’65 වැනි සංවත්සරික ලාංඡනය’’ ලෙස හදුන්වයි.
නව ලාංඡනයෙන් ආයතනික ඉතිහාසයෙහි සශ්‍රීක උරුමය සහ වෘත්තීය විශිෂ්ටත්වය සදහා වූ අප්‍රමාණ කැපවීම සංකේතවත් කරයි. තවද නව ලාංඡනය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහයෝගීතාව, විශිෂ්ටත්වය, අඛණ්ඩ වර්ධනය යන මූලික වටිනාකම් නියෝජනය කරන අතරම, පසුගිය වසර 65 තුළ එහි ජයග්‍රහණ සහ අනාගතය සඳහා වූ අපේක්ෂා ද ඉස්මතු කරයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය 1959 සිට, 65 වසරක් ශ්‍රී ලංකාවේ ගණකාධිකාරී වෘත්තීය ක්ෂේත්රය ආලෝකමත් කරමින්, ප්රගතිශීලී පරිවර්තනයක් කරමින්, නවීකරණය කරමින්, වෘත්තිය ප්රබෝධයක් ඇති කරමින් ක්ෂේත්රයේ පොදු අභිවෘද්ධිය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. පසුගියදා නව ලාංඡනයක් හදුන්වාදෙමින් සැමරුවේ එකී ඓතිහාසික යුග මෙහෙවරයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී නව ලාංඡනය එළිදැක්වූ අතර එම අවස්ථාවට උප සභාපති ටිෂාන් සුබසිංහ කවුන්සිලයේ සාමාජිකයෝ හිටපු සභාපතිවරු සාමාජිකයෝ සහ අනෙකුත් පාර්ශවකරුවෝ සහභාගි වූහ.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා කුරුප්පු මහතා මෙසේ පැවසීය. “ආයතනයේ සශ්‍රීක ඉතිහාසය සහ විශිෂ්ටත්වය සඳහා වූ අපේ නොසැලෙන කැපවීමත්, නව්‍යකරණ ආත්මයත් සංකේතවත් කරන අපගේ ‘65 වැනි සංවත්සරික නව ලාංඡනය’’ අපි එළිදැක් වූවා. “ආයතනය ගොඩ නැගීමට, එයට ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියක් සහ පිළිගැනීමක් ලබාදීමට ඇප-කැප වූ අපගේ ආරම්භක පියවරුන්ට, හිටපු සභාපතිවරුන්ට, සමාජිකයන්ට, කොටස්කරුවන්ට ගෞරව - ආදර ස්තුතිය පිරි නමනවා. 65 වසරක් ජාතික සහ අන්තර්ජාතික තලයේ අඛණ්ඩ ජයග්රාහි විශිෂ්ට ගමනක් අපට යා හැකි වූයේ අප සියලු දෙනා වෘත්තීය ආචාරධර්ම ස්වකීය දෑස් මෙන් සුරකිමින්, සියලු දෙනා එකම යදමක පුරුක් මෙන් නොසැලෙන අධිෂ්ඨානයෙන් අසීමත කැපවීමෙන් ක්‍රියා කළ නිසයි. දැන් ශ්‍රී ලංකාව ගිණුම්කරණ ලෝකයේ ඉහළින්ම සිටී. එය අපි සමූහයක් ලෙස ලැබූ ජයග්‍රහණයයි.”
-595
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි
නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධ
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙවර චීන අලුත් අවුරුදු උත්සවය ’’නයාගේ වසරේ’’ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අ
විශ්‍රාම ලැබූ ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
CA Sri Lanka 65 වැනි සංවත්සරයට විශේෂ නිල ලාංඡනයක්