DIMO, TKE වෙතින් ගෙන එන ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවකින් යුත් “Enta Villa” තුළින් දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තය නව තලයකට ඔසවා තබන බව එම සමාගම කියයි.
ජර්මනියේ සෝපාන සහ එස්කැලේටර් සඳහා ගෝලීය ප්‍රමුඛයා වන TKE සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම බෙදාහරින්නා, සවිකරන්නා සහ සේවා සපයන්නා ලෙස 2018 දී DIMO පත් වූ අද වන විට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක්ම සම්පූර්ණ කිරීමට DIMO සමත්වී ඇත. 2021 වසර සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ද TKE විසින් DIMO පිළිගැනීමට ලක් කරන ලදී.
DIMO විසින් නිම කරන ලද ප්‍රධාන ව්‍යාපෘති අතරට කොළඹ 09, කටුබැද්ද, බණ්ඩාරවෙල, මහනුවර පිහිටි Cragills සහ කුරුණෑගල පිහිටි Softlogic Mall ඵ්කක වැනි සුපිරි වෙළඳසැල් ඇතුළත් වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා පරිගණක විද්‍යා පීඨය, කැලණිය සහ සබරගමුව විශ්වවිද්‍යාල වල තාක්ෂණ පීඨ සඳහා ද DIMO විසින් ව්‍යාපෘති සම්පූර්ණ කොට ඇත. හෝටල් අංශය තුළ Barberyn Beach Ayurveda Resort Weligama සහ Radisson Blu Thalpe සඳහා විදුලි සෝපාන විසඳුම් සපයා ඇත. තවත් ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ව්‍යාපෘති දැක්විය හැකිය.
TKE Home Elevator විසඳුම්වල කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස එහි නවීනතම බලශක්ති කාර්යක්ෂම තාක්‍ෂණය දැක්විය හැකි අතර එමඟින් ගෘහස්ථ විදුලි උපකරණ හා සැසඳිය හැකි ආකාරයේ බලශක්ති මට්ටමක් පරිභෝජනය කිරීමට Enta Villa හට හැකියාව ලැබේ.
DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ විදුලි සෝපාන සහ එස්කැලේටර් ව්‍යාපාර අංශය අධීක්‍ෂණය කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ”අපි දේශීය විදුලි සෝපාන අංශයේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරනවා. මෙම විදුලි සෝපාන, සංචරණ ගැටලු වලින් පීඩා විඳින පුද්ගලයන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙනවා. අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂ බලගැන්වීමට කැපවී සිටින සමාගමක් ලෙස, Enta Villa වැනි බලශක්ති කාර්යක්ෂම විසඳුම් ඉදිරිපත් කරමින් ප්‍රජාවේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ට DIMO නිරතුරුවම කටයුතු කරනවා.”
595
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
DIMO වෙතින් දේශීය ගෘහ විදුලි සෝපාන කර්මාන්තයට නව මුහුණුවරක්