DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන 'DIMO Marine Solutions' හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි සුඛෝපභෝගී යාත්‍රා සහ නිවාඩු නිකේතන හිමියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සේවා දියත් කිරීමට සූදානමින් සිටී.
2017 වසරේ දී DIMO මාලදිවයිනේ සාමුද්‍රීය ඉංජිනේරු සේවා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් 'Coastline Investments' සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනඟාගැනීමට කටයුතු කළේය.
මාලදිවයින හා ජාත්‍යන්තර සමාගම් සහභාගී වූ මාලදිවයිනේ ජාතික බෝට්ටු සංගමයේ (NBAM) නිල ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙමින් DIMO, න තුළ සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට ඉදිරි පියවරක් තැබීය. එම ප්‍රදර්ශනයට අමතරව, DIMO Marine Engineering Solutions කණ්ඩායම මාලදිවයින තුළ ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් ඉතා සාර්ථකව සිදු කිරීමට සමත් වූ අතර, පුළුල් පරාසයක සමුද්‍රීය ඉංජිනේරු විසඳුම් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට ද එම කණ්ඩායම සමත් විය. එමඟින් DIMO Marine Engineering Solutions කණ්ඩායමට නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර ගනිමින්, ඉදිරියට යාමට ඇති අවස්ථාව ද පුළුල් විය.
DIMO සමුද්‍ර ඉංජිනේරු අංශය අධීක්ෂණය කරනු ලබන DIMO හි විධායක අධ්යක්ෂ විජිත බණ්ඩාර මහතා සිය අදහස් පළ කරමින්, මෙසේ පැවසීය. ‘‘සංචාරක ව්‍යාපාරය මාලදිවයිනේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධානතම සාධකයයි.
කොවිඩ් 19 වසංගතයේ අභියෝග ජය ගනිමින් එරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් අත්පත් කර ගෙන තියෙනවා. සංචාරක කර්මාන්තය යළි පිබිදීමත් සමඟ, මාලදිවයිනේ සුඛෝපභෝගී යාත්‍රාවල සිට සංචාරක නිවාඩු නිකේතන කළමනාකරණය දක්වා සමුද්‍රීය ඉංජිනේරු ක්ෂේත්රය තුළ විවිධ නව අවස්ථා නිර්මාණය වෙමින් පවතින බව DIMO අපි නිරීක්ෂණය කළා. දශක 8 කට වැඩි අත්දැකීම්වලින් සමන්විත DIMO, සිය DIMO Marine Engineering Solutions අංශය හරහා මෙම ව්‍යාපාරික අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කටයුතු කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වන අපගේ නව සේවාවල ප්‍රතිඵලයක් විදියට මෙම කලාපයේ ජනතාවගේ සිහින සහ අභිලාශයන් බලගැන්වීමට DIMO නිරන්තරයෙන් කැප වෙනවා.”
DIMO මාලදිවයිනේ MTU සහ DDC එන්ජින් වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපෘතිය ඉහළ නංවාගැනීමට අපේක්ෂා කරයි. ඒ අනුවDIMO Marine එන්ජින් අලුත්වැඩියා කිරීම, සේවා කටයුතු (Service) සිදු කිරීම හා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන අතර, එහි අසමසම අලෙවියෙන් පසු සේවාව පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහළ නංවයි. MGDUFF Marine Cathodic Protection Systems සහ Boat Anodes අලෙවි නියෝජිතයා ලෙස සිය විශේෂඥතාව උපයෝගී කරගනිමින් DIMO, මාලදිවයිනේ සමුද්‍රීය කර්මාන්තය තුළ නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන Hull Protection කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
DIMO Marine Engineering, මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත මුහුදු ජලය හා කිවුල් ජලය පිරිපහදු කිරීමේ පද්ධති සහ අප ජල කළමනාකරණ පද්ධති හඳුන්වා දෙමින්, සිය නිෂ්පාදන කළඹ වඩාත් පුළුල් කිරීමට සමත් වී ඇත. මෙම සේවාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා DIMO නවීනතම ජල පිරිපහදු පද්ධති සහ අප ජල කළමනාකරණ විසඳුම් සපයන්නෙකු වන ROCHEM' සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇති බව ද සිහිපත් කළ යුතු ම කරුණකි.
ගෝලීය සංචාරක කර්මාන්ත අද තිරසාර මෙහෙයුම් දියත් කිරීම වෙත අවධානය යොමු කිරීමත් සමඟ එම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මාලදිවයින් සංචාරක ක්ෂේත්රය සවිබල ගැන්වීමට DIMO සහයෝගය ලබා දීමට අපේක්ෂා කරයි.
595
බලන්ගොඩ කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ ඇති දෙමහල් නිවසක ඉහළ මහලේ සිට බිමට ඇඳ වැටි පුද්ගලයෙකු අද (22) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කාර්මික දෝෂයකට ලක්වීමෙන් අද(22) උදෑසන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රසිද්ධ වෙළඳ නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ හිසකෙස් කළු කරන ව්‍යාජ ආලේපන තොගයක් ව්‍යාපාරිකයන් තිදෙනෙකු සමඟ පිටකොටුව පැරණි නගර ශාලා ගොඩනැගිල
නොවැම්බර් 23 වැනි දා වනවිට ගිනිකොණ බෙංගාල බොක්ක ආශ්රතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ දි එය නිරිත දිග බෙංගාල බොක්
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
DIMO මාලදිවයිනේ සමුද්රී ඉංජිනේරු විසඳුම් ඉහළ නැංවීමට සූදානම්