පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocycleසමාගමවිසින් 2024 මාර්තු 21 වැනි දින, සිය සාඩම්බර 21 වැනි සංවත්සරය සමරන ලදී.
මෙම සුවිශේෂී සන්ධිස්ථානයසැමරීම වෙනුවෙන් INSEE Ecocycleකණ්ඩායමවිසින් අනුරාධපුර මහ නගර සභාව, පාසල් සිසුසිසුවියන්, රතු කුරුස සංවිධානය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් සමඟ එක්ව ඓතිහාසික අනුරාධපුර නගරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමී ව අනුරාධපුර නගර සභාවහා එක් ව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුසිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ද ක්‍රියාත්මක කෙරිණි.INSEE Ecocycleසමාගමේ ආයතනික සමාජ සත්කාරක (CSR) වැඩසටහන් මාලාවේ කොටසක් වන අනුරාධපුර නගරය පිරිසුදු කිරීමේවැඩසටහන අඛණ්ඩවක්රියාත්මක කෙරුණු තෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
2003 වසරේ ආරම්භකෙරුණු INSEE Ecocycleසමාගම අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්රය ආශ්‍රිතව නවෝත්පාදන හඳුන්වා දෙමින් විශිෂ්ටත්වයට පත් වී ඇති අතර, එම සමාගම මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික හවුල්කරුවන් මෙන් ම ප්‍රතිචක්‍රීකරණ හවුල්කරුවන් ඇතුළු පාරිභෝගිකයන් 1,500කට අධික සංඛ්‍යාවක් සමඟ අත් වැල් බැඳ ගනිමින් වර්තමානය වන විට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1කට අධික ප්‍රමාණයක් සාර්ථකලෙස කළමනාකරණය කර ඇත.
සමාගමේ ගමන් මඟ පිළිබඳ ව අදහස් දක්වමින්,INSEE Ecocycleහි සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා , “INSEE Ecocycleකියන්නෙ පසුගිය වසර 21 තුළ අප හා බැඳුණු සියලු ම පාර්ශ්වයන්ගේකැප වීමේ ප්‍රතිඵලයක්.INSEE Ecocycleසමාගමේ 21වන සංවත්සරය අර්ථවත් ලෙස සැමරීම වෙනුවෙන් ඓතිහාසික අනුරාධපුර නගරය පිරිසිඳු කිරීමට කටයුතු කිරීම තුළින් පිරිසිදු හා හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹුකරනවා." යනුවෙන් ප්‍රකාශ කළේය.
2011 වසරේ සිට, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි නාගරික ඝන අපද්රව්යසහ දිරාපත් නොවන ප්ලාස්ටික් හා පොලිතින්වැනි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 30,000කට වැඩි ප්‍රමාණයක් නිසි ලෙස බැහැර කරමින්, ශ්‍රී ලංකාවේ ජාතික ඝන අපද්‍රව්‍ය ආශ්රිත කළමනාකරණ ගැටලු විසඳීමවෙනුවෙන් INSEE Ecocycleසමාගම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.
වර්තමානය වන විට INSEE Ecocycleසමාගම මෙරට පළාත් පාලන ආයතන 100කට අධික සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳ ගනිමින්,සිය සහ-සැකසුම්කසළ කළමනාකරණ සේවාව හරහා මාසිකව වර්ග කරන ලද නාගරික ඝනඅපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1500කට අධික ප්‍රමාණයක් පරිසරයට හානියක් නොවන අයුරින් බැහැර කිරීමට සමත් වී ඇත.
-595
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි