ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ දැව ආලේපන සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයකු වන JAT හෝල්ඩින්ග්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ දී, දුෂ්කර වෙළඳපොළ තත්ත්වය හමුවේ පවා විශිෂ්ට මට්ටමේ මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර ගැනීමට සමත් වී තිබේ. JAT සමූහයේ බදු - පසු ලාභය, පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 232 කින් වර්ධනය වී රු. මිලියන 717 ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය මාස 12 ක කාලයේ බදු - පසු ලාභය රු. මිලියන 1,102 ක් ලෙස වාර්තා වී ඇත.
අදාළ මූල්‍ය වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ ආදායම සියයට 72 කින් වර්ධනය වී ඇති අතර, එහි දළ ලාභාන්තිකය සියයට30 කට ඉහළ මට්ටමක ස්ථාවරව පැවතිණි. පෙර වසරේ සමස්ත ආදායමෙන් සියයට 9 ක් වූ අපනයන ආදායම, මෙම වසරේ දී සියයට 22 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පසුගිය මාස 12 තුළ සමාගමේ කොටසක් සඳහා ඉපැයුම රු. 2.16 ක් වී ඇති අතර එය ආයෝජකයනට සුබදායී ප්‍රවණතාවක් වනු ඇත. මෙම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමාගම සමත් වී ඇත්තේ, සාමාන්‍යයෙන් JAT සමාගමේ මෙන්ම සමස්ත ආලේපන කර්මාන්තයේ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා වන කාර්තුව ලෙස සැළකෙන 4 වන කාර්තුවට පෙර ය. සාමාන්‍යයෙන් මෙම කර්මාන්තයේ මූල්‍ය වර්ෂයක සමස්ත බදු-පසු ලාභයෙන් සියයට 45 ක් පමණ 4 වැනි කාර්තුවේ දී වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, JAT හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මෙසේ පැවසී ය. “අපගේ මූලික මහජන කොටස් නිකුතු වෙන මාස 6 ක් වැනි කෙටි කාලයකින් අනතුරුව, පසුගිය කාර්තුවේ දී අප වාර්තා කරගෙන තිබෙන මෙම සාර්ථක මූල්‍ය ප්‍රතිඵල අපගේ ආයෝජකයන් වෙත අනාවරණය කරන්නේ ඉතාමත් සතුටින්. දුෂ්කර වෙළඳපොළ තත්ත්වය හා අනෙකුත් අභියෝග, අවිනිශ්චිත විනිමය අනුපාත සහ ගෝලීය වෙළඳපොළේ අමුද්‍රව්‍ය හිඟය වැනි ගැටලු හමුවේ පවා මෙම ප්‍රතිඵල වාර්තා කර ගැනීමට අප සමත් වී තිබෙනවා. වෙළඳපොළේ තත්ත්වයට මැනැවින් අනුගත වෙමින්, දළ ලාභාන්තිකය යහපත් ලෙස පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. එමෙන්ම සැපයුම්කරුවන් සමග අප පවත්වාගෙන යන සමීප සම්බන්ධතා වලින් උපරිම ප්‍රයෝජන ලබමින් සහ Lean හා Six sigma වැනි මූලධර්ම ඔස්සේ අපගේ නිෂ්පාදන ක්‍රියාවලී නිරන්තරයෙන් වැඩි දියුණු කරමින්, දළ ලාභාන්තිකය සම්බන්ධ ඉලක්ක ළඟා කර ගැනීමට අප සමත් වී තිබෙනවා.”
2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 9 තුළ WHITE by JAT නිෂ්පාදන එකතුවේ අලෙවිය සියයට 62 කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව තීන්ත බුරුසු සහ දැව ආලේපන කාණ්ඩවල අලෙවිය පිළිවෙළින් සියයට 57 කින් සහ සියයට 33 කින් වර්ධනය වී ඇත. බංග්ලාදේශයේ JAT හෝල්හි ව්‍යාපාර කටයුතු වලින් ලැබූ ආදායම සියයට 379 කින් ඉහළ ගොස් තිබේ.
-සටහන- චම්න්ද මුණසිංහ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව ෆ්ලෑෂ් පැක් සං
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
JAT සමාගමේ බදු පසු ලාබය ඉහළට