LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහනේ ප්‍රවේශය ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40 ක් දක්වා ව්‍යාප්ත කරන අතර, දිවයින පුරා පාසැල් සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා උදෙසා LOLCහි කැපවීම අවධාරණය කරයි.
දිවි සවිය මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව සිහිපත් කළ ඛධඛක් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ ශ්‍රී ලාංකික පවුල් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝග නිර්මාණය කළ ආර්ථික අර්බුදයේ සහ වසංගතයේ බලපෑමෙන් පීඩාවට ලක්ව සිටි තීරණාත්මක අවස්ථාවකයි.
ඉහළ යන වියදම් හමුවේ බොහෝ පවුල්වලට අත්‍යවශ්‍ය පාසැල් උපකරණ සඳහා පවා තවදුරටත් වැය කිරීමට නොහැකි වූ අතර, ඔවුන්ට සිය නිවෙස් තුළ දුෂ්කර තීරණ වලට එළඹීමට සිදුවිය. ඇතැම්විට දරුවන් කිහිප දෙනකු සිටින පවුල්වලට මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් පාසලට යැවිය හැකි වූයේ එක් දරුවකු පමණි. පාසැල් පැමිණීමේ අනුපාතය පහත වැටුණි. ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම සහ සම්පත් හිඟකම හේතුවෙන් පිටිසර ගම්මානවල කුඩා පාසැල් වැසී යාමේ තර්ජනයකට මුහුණ දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ කපිල ජයවර්ධන මහතා මෙසේද සදහන් කළේය. “දැවැන්ත අවශ්‍යතාවක් මතුවූ මෙම කාලය තුළ ඛධඛක් දිවි සවිය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා තීරණාත්මක ආධාරක පද්ධතියක් ලෙස ඉස්මතු විය. මෙම වැඩසටහන අතිවිශාල පවුල් සංඛ්‍යාවකට සහ සිසුන්ට ජීවන මාර්ගයක් විය.
දිවි සවිය මගින් සිසුන්ගේ පැමිණීම ඉහළ නැංවීම, අධ්‍යයන කටයුතු සඳහා නව උද්යෝගයක් ඇති කිරීම සහ මවුපියන්ගේ මූල්‍යමය බර අඩු කිරීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කළේය. පාසැල් උපකරණ වල හිඟය හෝ තමන් හුදකලා වී ඇති බවට හැඟීමක් බොහෝ සිසුන්ට නොදැනුනේ ඔවුන්ගේ සම පන්ති වල සියලුම මිතුරන්ට එකම උසස් තත්වයේ පොත් සහ පාසැල් උපකරණ ප්‍රතිලාභය ලැබීමෙනි. සමානාත්මතාව පිළිබඳ මෙම හැඟීම සියල්ලන්ගේ සහභාගීත්වය සහිත වඩාත් ආකර්ෂණීය පරිසරයක් පන්ති කාමර තුළ නිර්මාණය කළේය. දිවි සවිය වැඩසටහනෙන් බොහෝදෙනා තුළ අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ස්ථාපිත කර ඇති අතර ඉදිරි වසර ගණනාවක් පුරා පවතින ධනාත්මක රැල්ලක් ගොඩනංවා තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයතනයක් බුහුමන් ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසර මුලදී ඛධඛක් වෙත ජාතික පිළිගැනීමක් පිරිනමනු ලැබීය. මෙම පරිවර්තනීය ගමන් මගේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන LOLCසාඩම්බරයට පත්වන අතර සෑම දරුවකුටම තම අධ්‍යාපන කටයුතුවල නියැලීමට අවස්ථාව සහතික කරමින් ඉදිරි පරම්පරාවට සහයෝගය දැක්වීමට කැප වූ ශ්‍රී ලාංකේය සමාගමක් වීම ගැන නිහතමානී වෙමු. දිවි සවිය තුළින් අපට ජාතිය නඟාසිටුවීමටත්, වඩාත් අවශ්‍යතවන් ඇති අයට තිරසාර බලපෑමක් ඇති කිරීමටත් හැකිවී තිබේ.”
2023 වසර මුලදී දියත් කරන ලද ‘දැයේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්‘ වැඩසටහන කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්වී තිබේ. වැඩසටහන ආරම්භ කරන ලද්දේ පාසැල් 1400 කට අධික සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය පාසැල් පොත්පත් උපකරණ බෙදාදෙමිනි. ඊළඟ අදියරේදී එය පාසැල් 1,500 කට ව්‍යාප්ත කෙරුණු අතර, තුන්වැනි අදියර සම්පූර්ණ කිරීමත් සමඟ තවත් පාසැල් 1,200 කට සහය වීමට හැකිවිය. මේ සඳහා මුළු ආයෝජනය රු. බිලියන 2.5 කි.
(සී මුණසිංහ)
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි