ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.
LOLCදිවි සවිය මානුෂීය ප්‍රයත්නය තිරසාර ලෙස දිවයිනේ සමස්ත පාසැල් සංඛ්‍යාවෙන් සියයට 35 වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින්, පාසැල් 3,500 කට සහාය දක්වා කැපී පෙනෙන සන්ධිස්ථානයක් කරා ළඟාවී තිබේ. 2023 වසරේ පෙබරවාරි මාසයේ දී මෙම වැඩසටහන දියත් කරන ලදී.
ව්‍යාපෘතියේ තුන්වැනි අදියර ක්‍රියාත්මක වද්දී LOLCදිවි සවිය සිසුන් 100 ත් 150 ත් අතර හංඛ්‍යාවක් සිටින පාසැල්වලට විශේෂ අවධානය යොමු කරනු ලැබීය. මෙම ක්‍රමෝපාය වැඩසටහනේ අරමුණ වන්නේ ඉතා අඩු වරප්‍රසාද සහිත පාසැල්වලට පවා අත්‍යවශ්‍ය අධ්‍යාපන සම්පත් සඳහා ප්‍රවේශය සහතික කිරීමයි.
අත්‍යාවශ්‍ය පාසැල් පොත් සහ උපකරණ සිය දරුවන්ට ලබාදීමේදී මවුපියන් මුහුණ දෙන අභියෝග සිහිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (පාසල් කටයුතු) නීලමනී මලවිආරච්චි මහත්මිය මෙම වැඩසටහන ඇගයීමට ලක්කරනු ලැබීය. “අපි අමාත්‍යාංශය හරහා සිසුන්ට පාසැල් නිල ඇඳුම්, විෂය නිර්දේශ, ගුරුවරුන් සහ පෙළපොත් ලබාදුන්නද පාසැල් අභ්‍යාස පොත් සහ අනෙකුත් උපකරණ ලබාදීම සඳහා මවුපිය සහාය අපේක්ෂා කරන්නෙමු. එහෙත් වර්තමාන ආර්ථික අභියෝග හමුවේ මේ ද්‍රව්‍ය සඳහා දැරීමක් සිදුකළ නොහැකි මවුපියන් මෙරටේ සිටී. පවුල්වල දරුවන් කීපදෙනකු සිටින මධ්‍යම පාන්තික මවුපියන්ට පවා අද ඒ දේවල් සඳහා දුෂ්කරතාවක් පවතිනවා. මේ අවස්ථාවේ LOLCහි මැදිහත්වීම ප්‍රශංසනීය වන අතර, මෙම මවුපියන්ට LOLCපිළිසරණක් බවට පත්ව ඇත. LOLCමේ සිසුන්ට සම්පූර්ණ පාසැල් පැකේජයක් ලබා දෙන අතර, එමගින් සෑම දරුවකුටම පන්තිකාමරය තුළ තමන්ට කිසිදු අසමානකමකින් තොරව ඉගෙනීම සඳහා සම වරප්‍රසාදයක් පවතින බව හැඟෙනු ඇත. වඩාත් වැදගත් වන්නේ සෑම සිසුවකුටම එක සමාන ඉහළ ප්‍රමිතියේ පොත් කට්ටලයක්, පැස්ටල්, බෑග්, පාසැල් උපකරණ පෙට්ටි ආදිය ලබාදීමයි. එහිදී කිසිවකුට භේදයක් ඇති නොවන පරිදි, දිවි සවිය වැඩපිළිවෙළ යටතේ මෙම පාසැල් දරුවන්ගේ අවශ්‍යතා සමාන අන්දමින් සපුරාලමින් ඔවුන්ගේ සිත්සතන් තුළ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට LOLCසමත් වී ඇත. ව්‍යාපෘතිය දියත් කළ දා පටන් ළමයින් පන්තිකාමර ක්‍රියාකාරකම් පිළිබඳ උනන්දුවක් දක්වන අතර සතුටින් ඉගෙනීම් කටයුතුවල නිරත වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියක් සහ මවක් ලෙස, LOLCජාතියේ දරුවන්ට ලබා දෙන සහාය සැබවින්ම අගය කරමි.”
LOLC හි මෙම විශිෂ්ට ප්‍රයත්නය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික මට්ටමින් පිළිගැනීමට ලක්කළ අතර, ජාතියේ දරුවන්ගේ සම්පත් පරතරය අවම කිරීමට අධ්‍යාපනයේ අවස්ථා වැඩිදියුණු කිරීමේ මානුෂීය මෙහෙවර සඳහා පෞද්ගලික අංශයේ ආයතනයක් මෙවන් ගෞරවනීය පිළිගැනීමක් ලැබූ පළමු අවස්ථාව එමගින් සනිටුහන් කළේය.
වැඩසටහනේ සමාරම්භක අදියරේදී පාසැල් 1400 කට වැඩි සංඛ්‍යාවකට අභ්‍යාස පොත්වල සිට ගණිතමය උපකරණ පෙට්ටි දක්වා අත්‍යවශ්‍ය පාසැල් උපකරණ සාර්ථකව බෙදා හැරුනු අතර, ඊළඟ අදියරේදී එය පාසැල් 1500 දක්වා ව්‍යාප්ත කෙරිණ. තුන්වැනි අදියර දියත් කිරීමත් සමඟ, සිය ආවරණය අතිරේක පාසැල් 1200 කට ව්‍යාප්ත කිරීමට LOLCඉලක්ක කර ඇති අතර, මුළු ආයෝජනය රු. බිලියන 2.5 ක් ඉක්මවයි.
-595
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්
මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව
පාර්ලිමේන්තුව දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව