මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුළින් තිරසාර සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි.
තිරසාර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+, +, සහ Mercedes-AMG EQS 53 4MATIC වැනි වාහන මාදිලි මෙරට රථ වාහන ක්ෂේත්‍රයට හඳුන්වාදීමට සහ බෙදාහැරීමට DIMO කටයුතු කර ඇත. එමෙන්ම නුදුරේදීම මෙරටට ගෙන්වීමට නියමිත Mercedes-Benz EQB 250, EQE 350+, 350+, සහMercedes-Benz EQB 250, EQE 350+, සමඟින් මෙරට බලයලත් නියෝජිතයන් අතර විද්‍යුත් වාහන (EV) අංශයේ පුරෝගාමීයා ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීමටDIMOසමත් වනු ඇත.
DIMOවෙතින් හඳුන්වාදෙන ලද මෙම Mercedes-Benz EQ රථ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට සහ කාලගුණික තත්වයට මනාව ගැළපෙන සේ නිමවා ඇති අතර පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන්ම පාරිභෝගික කැමැත්ත මත නිර්මාණය කර ඇත. සෘජුවම Mercedes-Benz AG කර්මාන්තශාලාවෙන් මෙරට වෙළෙඳපොළට බෙදාහරින මෙම සෑම වාහනයක් සඳහාම Mercedes-Benz AG Global නිෂ්පාදක වගකීම හිමිවන අතර වාහන මාදිලිය අනුව වසර 8-10 අතර කාල පරාසයක් පවතින අධි වෝල්ටීයතාවකින් ((HV) ) යුත් බැටරි සදහා වගකීමක් ද පිරිනමයි.
එමෙන්ම EQ වාහන පෙළ ප්‍රශස්ත බැටරි ධාරිතාවකින් යුක්ත වන අතර, එක් ආරෝපණයක් මඟින් කිලෝමීටර 400 සිට 700 දක්වා ධාවන පරාසයක් ලබා දෙයි. පරිසරයට බලපෑමක් සිදු නොවන පරිදි මෙමHV බැටරි බැහැර කිරීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා විශේෂ ක්‍රියාවලියක් අවශ්‍ය වේ.
අනාගත ලෝකයට ගැළපෙන පරිදි කටයුතු කරන ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශයේ පුරෝගාමියා වන DIMO, , වගකීමෙන් යුතුව මෙම බැටරි බැහැර කිරීම සඳහා සුවිශේෂී යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව ආයු කාලය අවසන් බැටරි ප්‍රතිචක්‍රීකරණය සඳහා අපනයන කරන සමාගම් කිහිපය අතරටDIMOසමාගම ද එක් වෙමින් සිය ක්‍රියාවලියේ තිරසාර බව සහතික කර තිබේ.
වගකිව යුතු ආනයනකරුවෙකු ලෙසDIMO සිය වාහන මේ රටට ගෙන්වීමේ සහ ලියාපදිංචියේ සිට අලෙවියෙන් පසු පුළුල් සේවාව දක්වා පරිපූර්ණ අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට ලබාදෙයි.
අලෙවියෙන් පසු සේවාවට අමතරව, EQ යුත් වාහන සඳහ චාජර් සහ සූර්ය පද්ධති ස්ථාපනය කිරීම සඳහා පහසුකම් මඟින් සපයන අතර පාරිභෝගිකයන්ට සමස්ත විද්‍යුත් වාහන පද්ධතිය ගොඩනැඟීමට පහසුකම් සලසා දෙයි.
(සී මුණසිංහ)
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි
නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධ
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතර හමුවක් කාන
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මෙවර චීන අලුත් අවුරුදු උත්සවය ’’නයාගේ වසරේ’’ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, නැටුම් ගැයුම්, හරස් කතා, හාස්‍යජනක කෙටි නාට්‍ය, ප්‍රාදේශීය ඔපෙරා, සටන් කලා අ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO