Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින මුල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත වී තිබේ.
පසුගිය මුල්‍ය වර්ෂයේ ආසන්න වශයෙන් මිලියන 350 ලාභයක් සහ බිලියන 20 වැඩි මුල්‍ය වත්කම් වර්ධනයක් සමග අසමසම මුල්‍ය ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. ඉලක්කගත ක්‍රියාත්මකවීම් සහ මුදල් පූර්ණය කරගැනීමේ උපායමාර්ගික එළඹුම් සාර්ථක කරගැනීම් හරහා ආයතනය, තමන්ගේ මුල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගනිමින් අනාගතයට තිරසර වර්ධනයක් අත්පත් කරගැනීමට අවශ්‍ය මාවත සකස් කරගෙන තිබේ.
සිය 43 වැනි සංවත්සරය වෙනුවෙන් Orient Finance ආයතනය, කඑතර දිස්ත්‍රික්කයේ රුක් රෝපණ ව්‍යාපෘති සඳහා පැල 7500කින් දායකත්වය ලබාදී තිබේ. මෙම මූලිකත්ව වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පාසල් සහ ප්‍රජා සංවිධාන වලට සහයෝගය ලබාදෙමින් යගිරල, රෑණකන්ද සහ හේකොක් වනාන්තර ප්‍රදේශයන්ගේ වන වගාව ව්‍යාප්ත කිරීමට දිරිදෙයි.
බස්නාහිර පළාතේ වර්ග කිලෝ මීටර් 1598 ආවරණය කරන කළුතර දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන ජල ධාරා වන කළු ගඟ, පානදුර ගඟ, බෙන්තොට ගඟ ආදීයෙන් පෝෂීතව සහ කිලෝ මීටර් 40ක දිග වෙරළ තීරයකින් සමන්විතව පවතී. ස්වාභාවික මූලයන්ගෙන් අනූන මෙම දිස්ත්‍රික්කයේ වනාන්තර වැස්ම සියයට 9ක් තරම් අසාමාන්‍ය ලෙස පහළ අගයක පවතී. මෙම වන වගා ව්‍යපෘතියවලින් එම පළාතේ වනාත්තර ගහනය වර්ධනය කර නායයාම්, පාංශූ ඛාදනය සහ වන විනාශය වළක්වා ගැනීමට අවස්ථාව සැලසෙයි.
වනජීවි දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බස්නාහිර පළාතේ ඉඩම් කොමිසම සමග ඒකාබද්ධ වී පළාතේ පහත් බිම් හරිත කලාප සහ කඩොලාන වන වගා ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණයට Orient Finance ආයතනය කැපවෙයි. මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන්නේ පරිසර සංරක්ෂණය උදෙසා සිය දායකත්වය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ඇගයීමට පාත්‍ර වූ මිහිජය පාරිසරික සංවිධානයයි.
මෙම අවස්ථාවේ දී සිය අදහස් දැක්වූ Orient Finance ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා මෙසේ පැවසීය. “43 වන සංවත්සරය සමරන මේ මොහොතේ දී අප ලබා තිබෙන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ අප සතු විශේෂඥතාවය සහ ස්ථායීතාව පිළිබඳව මනා පිළිබිඹුවකි. දශක 4කට වැඩි මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ ආර්ථික සහ වෙළඳපොළ ප්‍රවණතා අවබෝධ කරගනිමින් සහ ඒවාට නිවැරදිව මුහුණදෙමින් ආයතනයක් ලෙස අද අප ස්ථාවරව ගොඩනැගෙන්නට අපට හැකියාව ලැබුණා.
එමෙන්ම පාරිභෝගිකයා කෙන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු අපේ ආයතනික දැක්ම තුළින් මනා මුල්‍ය ස්ථාවරත්වය අත්පත් කරගැනීමට සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබීම මෙතෙක් අප ආ ගමන් මග පිළිබඳ මනා සහතිකයක් වෙනවා. මෙම දීර්ඝ කාලීන ස්ථාවරත්වය නිසා අප පිළිබඳ පිළිගැනීම, විශ්වාසය ඇති වූවා සේම අපට තව තවත් වර්ධනය වීමට සහ ව්‍යාප්තවීමට ශක්තිමත් පදනමක් වුණා. සුපුරුදු පරිදි අනාගතය දකින ආයතනයක් ලෙස අපේ අරමුණ වී තිබෙන්නේ අපේ හැකියාවන් වර්ධනය කරගැනීමට මෙන්ම නව අවස්ථාවන් ව්‍යාප්ත කරගන්නා ගමන් අපගේ මූලික වටිනාකම් සමග සිටිමින් නව්‍ය සහ ආචාර ධාර්මික මුල්‍ය විසඳුම් ජනතාවට ලබාදීමයි.“
(සී මුණසිංහ)
මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල
වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව
පාර්ලිමේන්තුව දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදන
හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
Orient Finance 43 වැනි සංවත්සරය සමරයි