ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා සිය අධ්‍යක්ෂ මණ්ඩලයට තරුණ ක්‍රියාශීලී නව අධ්‍යක්ෂවරුන් දෙදෙනකු පත් කළ බවට නිල වශයෙන් නිවේදනය කළේය. එලෙස නව අධ්‍යක්ෂවරුන් ලෙසට පත් වූයේ, අශාන් සෙනෙවිරත්න මහතා සහ නේෂා සෙනෙවිරත්න මෙනවියයි. වසර 23කට පෙර ආරම්භ වී සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ දැවැන්ත සමාගම් සමූහයක් බවට පත් වූ SMS හෝල්ඩින්ග්ස් සමාගමේ නව පරිච්ඡේදයක ඇරැඹුම මෙම නව අධ්‍යක්ෂවරුන්ගේ පත්වීම සමග සනිටුහන් වන බව සමාගම සඳහන් කර සිටී.
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ උපාධිධාරියෙක් වන අශාන් සෙනෙවිරත්න මහතා ව්‍යාපාර කළමනාකරණය, තාක්ෂණය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල ලබා ඇති අත්දැකීම් සහ ප්‍රවීණත්වය SMSසමූහයේ ඉදිරි ගමනට දැවැන්ත සවියක් වනු ඇත. තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකරුවෙක් වශයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය, කොකාකෝලා සමාගම සහ ඕස්ට්‍රේලියාවේ රාජකීය ළමා රෝහල වැනි කීර්තිමත් ආයතන වෙනුවෙන් සේවය කර අත්දැකීම් රැසක් ලබා ඇති අශාන් සෙනෙවිරත්න මහතාගේ දැක්ම වන්නේ, Internet of Things (IoT), Machine Learning සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණය යොදා ගෙන ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දායක වීමයි.
ජාත්‍යන්තර වෙළෙඳාම සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධිධාරිනියක් වන නේෂා සෙනෙවිරත්න මෙනවිය ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් Master Builders වැනි ආයතනවල මෙහෙයුම් කණ්ඩායම්වලට සාර්ථකව නායකත්වය ලබා දෙමින් ක්‍රමෝපායික පරිපාලනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි පුළුල් නිපුණත්වයක් ලබා ඇති වෘත්තීයවේදිනියකි. SMS සමාගමේ ජාත්‍යන්තර අපනයන වෙළෙඳාම උසස්ම තත්ත්වයේ කුරුඳු නිෂ්පාදන අපනයනය හරහා ලොව පුරා කීර්තිය දිනූ සන්නාමයක් බවට පත් කිරීම ඇයගේ කාර්යභාරය වනු ඇත. එමෙන්ම, SMS සමාගමේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අංශයන් තවදුරටත් සවිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට ද ඇය කටයුතු කරනු ඇත.
SMS හෝල්ඩින්ග්ස් සමාගමේ නව අධ්‍යක්ෂවරුන් වන අශාන් සෙනෙවිරත්න මහතා සහ නේෂා සෙනෙවිරත්න මෙනවිය.
595
සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ
අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන
පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය