මෝටර් රථ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී.
එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනකු වෙනුවෙන් ගෞරව ප්රණාම පිරිනැමිණි.Toyota Genuine Motor Oil, Toyota Genuine අමතර කොටස්, PIRELLI, Acceleraසහ OtaniTyresමෙරට තුළ බෙදාහැරීමේදී ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම වෙනුවෙන් එම අලෙවි නියෝජිතයන් විසින් දක්වන ලද මෙහෙවර ඇගයීම සඳහා මෙම සමුළුව කදිම වේදිකාවක් විය.
මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සුදුසුකම් සපුරන ලද ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්රදානය කළ අතර බලයලත් අලෙවි නියෝජිත කාණ්ඩයේ ජයග්‍රහණය Auto World (Pvt) Ltd විසින් දිනා ගන්නා ලදී. විශිෂ්ටතම බලයලත් අමතර කොටස් අලෙවි නියෝජිතයාට හිමි සම්මානය Viskam Motors Service Center (Pvt ) Ltd වෙත හිමි වූ අතර හොඳම සේවා දාමය ලෙස Sterling Automobiles Lanka (Pvt) Ltd සම්මාන දිනා ගත්තේය. Toyota Genuine Motor Oil කාණ්ඩය යටතේ A.R. Molly (Pvt) Ltd ජයග්‍රහණය දිනා ගත් අතර බස්නාහිර පළාතේ ටයර් සහකරුට හිමි ජයග්‍රහණය හිමිවූයේ U & H Wheel Service (Pvt) Ltd වෙතය.
මේ පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝලාර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින අපගේ හවුල්කරුවන් විසින් ලබාදෙන සුවිශාල දායකත්වය ඇගයීමට අවස්ථාවක් ලැබීම මට ගෞරවයක්. නියම Toyota නිෂ්පාදන බෙදාහැරීම වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීමෙන් අප සමාගම විශිෂ්ට, ගුණාත්මක සහ ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම කෙරෙහි දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරනවා. අපගේ මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව නවෝත්පාදනය සහ ඉහළම පාරිභෝගික තෘප්තිය සාක්ෂාත් කරගනිමින් අප එක්ව ඉදිරියට ගමන් කරනවා ."
අලෙවි නියෝජිතයන්ගේ උත්සහවන්තබව සහ කැපවීම පිළිබඳ සිහිපත් කරමින් Toyota Lanka හි සභාපති Sachio Yotsukuraමහතා මෙසේ සඳහන් කළේය. "වසර ගණනාවක් පුරා අප සමාගම විසින් ගොඩනඟා ඇති ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව අපගේ 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව කදිම සාක්ෂියක්. අපි සියලුම ජයග්‍රාහකයන් වෙත හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. ඒ වගේම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී නිෂ්පාදන සහ සේවා ලබා දීම වෙනුවෙන් අඛණ්ඩව සහයෝගයක් ලබාදෙන අපගේ බලයලත් හවුල්කරුවන් වෙත අපගේ ප්‍රණාමය පුද කරනවා."
-595
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්රණාම