IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අකුණු සැරින් අයියා මලෝ මරුට

(අයි ආර් ඉන්දික සහ ඉන්දිකා රාමනායක)

වැස්සෙන් බේරිමට ගෝනගංආර  මහවෙල්යායේ මඩුවක සිටි   සහෝදරයන් දෙදෙනකු  අකුණූ සැර වැදිමෙන් මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ 1990 ගිලන්රථ සේවයේ රියදුරකු ලෙස සේවය කළ දෙයියන්නේවෙල ඇලෙවත්ත  ඩබ්. එම්. සිතාර මධුවන්ත ( 34) හා මහවෙල වගුරුවෙල බුත්තල ලිපිනයේ පදිංචි පෞද්ගලික සමාගමක සේවය කළ ඩබ්. එම්. චමින්ද බණ්ඩාර (32)නැමති අවිවාහක තරුණයන් දෙදෙනෙකි.

මෙම තරුණයන් දෙදෙනා හා තවත් කිහිපදෙනකු මහවෙල්යායේ ඇළේ  මැෂිමකින් තණ්කොළ කපමින් සිටින අතර තුර  වර්ෂාව පැමිණිමත් සමග වෙල්යායේ ඉදිකර තිබු මඩුවකට දිවගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් වෙල්යායෙන් පිටවගොස් තිබේ .

ටික වේලාවකදි අකුණක් පුපුරාගොස් ඇති අතර ඊට සුලු මොහොතක පසු වෙල්යායේ තිබු මඩුව ගිනි ගන්නා දුටු මියගිය චමින්ද බණ්ඩාර තරුණයාගේ මව ස්ථානයට පැමිණ තිබේ .

ඒ අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා මඩුවේ තැන තැන වැඩි සිටින අයුරු හා මඩුව ගිනි ගන්නා අයුරු දුටු එම මව කෑගසා අවට සිටි පිරිස් එම ස්ථානයට ගෙන්වාගෙන ගින්න නිවාදමා තිබේ .

අකුණු පහරින් මඩුව ගිනි ගැනිමත් සමග චමින්ද බන්ඩාර තරුණායාගේ සිරැරටද ගිනි ඇවිලි ඇති අතර ඔහුගේ අත්පා පිලිස්සි තිබේ . අනෙක් තරුණයා විසිවි ගොස් වැටි ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවේ තිබු ජංගම දුරකථනයද අකුණු පහරට විනාශ වි තිබේ.

 



අදහස් (3)

අකුණු සැරින් අයියා මලෝ මරුට

SL Sunday, 28 May 2023 12:09 PM

එළිමහනේ තියෙන මේ වගේ පැලක් නම් පොඩි GI බටයක් හරි පැලේ වහලෙන් අඩි 4ක් විතර උඩට එන්න දාලා අඩුම ගානේ මොනවා හරි සන්නායකයක් (ඝනකම වැඩි නම් හොඳයි) පැලේ බාහිරින් පහලට ගෙනැල්ලා පොළවෙන් මීටරයක් වත් ඇතුලට යන්න GI බටයක් ගහලා වළලන්න. මේ වගේ එළිමහන් තැනක වහින වෙලාවක ඉන්නවා නම්, පොළවේ අඩිය තියාගෙන ඉන්න එපා. පොළවෙන් උඩ ලී බංකුවක හරි වාඩිවෙලා ඉන්න...

:       0       0

fairoos Sunday, 28 May 2023 02:25 PM

ලංකාවට පත්වන අකුණ පොහොට්ටුවේ කාලකන්නින්ට වදින්නේ නැහැ නේ

:       0       2

සෙනෙවිරත්න Sunday, 28 May 2023 03:16 PM

දුරකතනය විනාශ වීම අධි ආරෝපනය නිසා බැටරිය පුපුරා යාමෙන් සිදුවූ අහඹු සිද්දියක් මිස අකුණ මෙතනට ලඟාවීම දුරකතනය හේතුවක් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම අහඹු සිදුවීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 46 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 141 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 260 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 165 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි
2025 අප්‍රේල් මස 22 325 2

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 548 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site