IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


අකුණු සරින් දියණිය මරුට

(ප්‍රසාද් රුක්මල්)

පස්සර අඹතැන්න ගොවිපල ප්‍රදේශයේ එකම පවුලක මව, පියා ,අයියා , නැගණිය එකතු වී ගෙපලක් කපමින් සිටියදී හදිසියේ පතිත වූ අකුණු පහරක් වැදීමෙන් 10 හැවිරිදි දියණිය මියගොස් 16 හැවිරිදි පුතනුවන් තුවාල ලබා  බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස අකුණු අනතුරින් මියගොස් ඇත්තේ පස්සර අබතැන්න ගොවිපල ප්‍රදේශයේ පදිංචි ව සිටි පස්සර මධ්‍ය මහ විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔබේසේකර මුදියන්සේලාගේ තිලක්ෂි මධුශිකා (11) නැමති සිසුවිය වන අතර ඇයගේ සහෝදරයා  තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කීය .

මොවුන් කුඩා නිවසක පදිංචිව සිටින අතර , නව නිවසක් ඉදිකිරීම සදහා දැනට සිටින නිවස අසල මව ,පියා, දියණිය ,පුතනුවන් එකතු වී උදලු අතැතිව ගෙපලක් කපමින් සිටියදී වැහි අදුරත් සමග එක්වරම පතිත වූ අකුණු පහරක් වැදී ඇතැයි ද පොලිසිය සදහන් කළේය .

මින් මව පියා කිසිදු තුවාලයක් නොලබා බේරි ඇති බවත් පොලිසිය පවසයි .

 



අදහස් (0)

අකුණු සරින් දියණිය මරුට

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂක රුව සහිත බසය සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 01 298 0

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය සහ රුව සහිත ඉෂ්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙ


අපේක්ෂක ලැයිස්තුවක් දෙනියායේ නම් තුනක් හොරා ගෙන
2024 නොවැම්බර් මස 01 8 0

දෙණියාය ප්‍රදේශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරන් තිදෙනෙකුගේ සහ තවත් පුද්ගලයකුගේ නම් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙවර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග ක


පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ
2024 නොවැම්බර් මස 01 405 0

මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිය


හිටපු මුදල් ඇමැති නිසා රජයට කෝටි 5ක බදු අහිමි වෙලා
2024 නොවැම්බර් මස 01 937 0

සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30ක


ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි
2024 නොවැම්බර් මස 01 2750 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැ


යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් එයි
2024 නොවැම්බර් මස 01 1515 0

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 318 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 645 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site