(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙරට සංවිධානාත්මක අපරාධ කරුවෙකු ව සිට ඉන්දියාවේ දී මිය ගිය බව කියන අංගොඩ ලොක්කාගේ මරණය නිසැක වශයෙන් ම තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ මවගේ සහ සොහොයුරියගේ ඩී .එන්.ඒ සාම්පල ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ඉන්දියාව විසින් මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකයට කර තිබූ දැනුම්දීමකට අනුව ඔහුගේ මව සහ සොහොයුරිය රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර මෙම සාම්පල් ලබා ගත් බව ද හෙතෙම කීය.
කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මෙම සාම්පල ලබා ගැනීම සිදුකර තිබිණි.
මෙම වාර්තා ලැබුණු පසු ඒවා කඩිනමින් ම ඉන්දියාව වෙත යොමු කරන බවත් ඒ අනුව පරීක්ෂණ පවත්වා අංගොඩ ලොක්කා නොමැත්තා නිසැකයෙන්ම මියගිය බවට තහවුරු කරගත හැකි බවද අජිත් රෝහණ මහතා කීය.
කළුතර එතැන මඩළ ප්‍රදේශයේ දී බඳනා දී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ප්‍රති විරුද්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වූ සමයං ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබිණි.
වසර කිහිපයක් පුරා ඉන්දියාවේ සැඟව සිටි අංගොඩ ලොක්කා නැමැත්තා එහිදී ඇති වූ හදිසි රෝගයකින් අනතුරුව මිය ගිය බවට එරට මාධ්‍ය වාර්තා කර තිබිණි .
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අංගොඩ ලොක්කාගේ මව - සොයුරිය ඩී.එන්.ඒ සාම්පල දෙති