IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අගනුවරට මායිමේ: ඔන්ලයින් ගස් උඩ

(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹ දිස්ත‍්‍රික්කයේ මායමේ පදිංචිව සිටිය ද දුරකතන අන්තර්ජාල පහසුකම් නොලැබීම නිසාවෙන් අඩි 40 ක් පමණ ගස්වල අට්ටාල මත නැග මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන් පිරිසක් පිළිබදව වෑවිල කළටුවාව ප‍්‍රදේශයෙන් වාර්තා වේ

කොළඹ සහ රත්නපුර දිස්ත‍්‍රික් මායම් ගම්මානයක් වන රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් වෑවිල කළටුවාව ගම්මානයේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපන කටයුතු සදහා ඔවුන්ගේ නිවාස තිබෙන ප‍්‍රදේශවලට දුරකථන සමාගම් මගින් ලබා දෙන අන්තර්ජාල සංඥා නොලැබීම නිසාවෙන්  මේ දිනවල ප‍්‍රදේශයේ උස් ස්තානවල ගස්වල අට්ටාල බැඳ ඒ මත නැග උදෑසන සිට රාත‍්‍රී වනතුරුම ඉගෙනුම් කටයුතුවල නිරත වන ආකාරය දැක ගත හැකි විය.

මෙවර අධ්‍යනය පොදු සහතික පත‍්‍ර උසස් පෙළ සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට මුහුණ දිමට නිමිත දරුවන් මෙන්ම අනෙක් ශ්‍රේණි සදහා උගෙන ගන්නා දරුවන් ද තම ජංගම දුරකථනවලට අවශ්‍ය අන්තර්ජාල සංඥා නොලැබීම නිසාවෙන් මෙලෙස අට්ටාල මත නැග අධ්‍යාපන කටයුතු සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් වසරකට වැඩි කාළයක සිට අදාල දුරකථන සමාගම් දැනුවත් කල ද මෙතෙක් ඒ සදහා විසඳුමක් ලබා දීමට කිසිවකු කටයුතු නොකල බැවින් මෙලෙස හැකි ආකාරයෙන් දුරකථන සංඥ යාන්තමින් හෝ ලැබෙන උස් ප‍්‍රදේශවල පිහිටි ගස්වල අට්ටාල බැඳ දරුවන් අධ්‍යාපන කටයුතු සදහා යොමු කළ බවද එම මාපියන් පවසති.



අදහස් (8)

අගනුවරට මායිමේ: ඔන්ලයින් ගස් උඩ

nihal Thursday, 20 May 2021 08:53 PM

නෙළුම් කුළුණු හදන්න කලින් මේව ඉවරයක් කරල දාන්න තිබුනා. ණය වෙලා මගුල් කනවා වගේ.. ලෝකෙට පේන්න බොරු වැඩ නොකර

:       3       34

ana Thursday, 20 May 2021 10:54 PM

අධ්‍යාපනයට (ඉගෙනුමට) ඔන් ලයින් ඕනම ද? දරුවන් බෙහෝ දෙනෙකු තුළ අධ්‍යාපනය ගැන ඇති වැරදි ආකල්පයම මේ ඔන් ලයින් නැඹුරුව පෙන්වනවා. ප්‍රාථමික ළමයින්ට නම් ඔන් ලයින් ඵලදායිතාව කොහොමත් අඩුයි. උසස් පෙළ ළමයින්ට නම් ටිකක් ඵලදායි. මොකද ප්‍රාථමික අධ්‍යාපනයේ දී අරමුණු ඉෂ්ට කරගන්න ගුරුවරයෙකුගේ සමීප ඇසුර අවශ්‍යයි. 6 - 11 ළමුන්ට නම් පෙළ පොත් මගින් ඔන් ලයින් මෙන් හත් අට ගුණයක් සාර්ථක ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනය කියන්නේ කණ්ඩායම් ක්‍රියා, ක්‍රීඩා සෞන්දර්ය, ගවේෂණ ආදී ක්‍රියා රාශියක් මගින් වගේම පාසලේ උප සංස්කෘතිය මගින් ලැබෙන ඉහල මට්ටමේ දෙයක්. ඒක නම් ඔන්ලයින් වලින් ලැබෙන්නේ නැහ. එම නිසා ඔන් ලයින් ගැන නොහිතා පෙළ පොත භාවිත කර දැනුම ලබා ගන්න. අමතර දැනුමට වෙබ් සයිට් භාවිතය ඔන් ලයින්වලට වඩා වටිනවා. අමාරුම ගැටලු සාකච්ඡා කරන්න විතරක් ඔන් ලයින් යන්න..

:       34       10

චමින්ද Friday, 21 May 2021 01:43 AM

රත්නපුර දිස්ත්‍රිකකයේ මෙවැනි තත්වයක් ඇත්තේ එහි පමණක් නොවේ ඇහැලියගොඩ කිරිඇල්ල (ඉඩංගොඩ) මාර්ගයේ හිදුරංගල ගමෙත් තත්වය එසේමයි.මෙවැනි පහසුකම් නොමැති රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යපන තත්වය ලවතින්නේ පහත් මට්ටමකින් නිසා අධාපනයෙන් ඉහල මටිමමේ සිටින කොළඹ කළුතර කෑගල්ල මාතර වැනි දිස්ත්‍රිකකවල සිසුන් විශාලලෙස රත්නපුරේ පාසැල්වලට එනවා.දිස්ත්‍රික්කයේ දරුවන්ට නැති පහසුකම් හම දරුවන්ට ලැබෙනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට කුඩම්මාගේ සැලකිල්ලම තමා.(මෙම දිස්ත්‍රික්කයේ ඡන්දදාකයින් ආනයනය කල අපේක්ෂකයින් පාර්ලිමේන්තු යැවීමත් මෙයට හේතුවෙනවාද කියා සිතෙනවා)

:       1       12

C.K.Lankaputhra Friday, 21 May 2021 01:51 AM

අගනුවර සිට කි.මි. 30 ඈතින් ඉන්න අපට ටිවි එකත් පැහැදිලි නැති රටේ අපි ඉතින් මොනව කරන්නද නේද?

:       1       11

pradeepa Friday, 21 May 2021 04:43 AM

දුවේ පුතේ නුඹලා ලොකු වුණාම අද සිටින පාලකයන්ගේ නම්වල අගට දාපල්ලා මෙලෝ වැඩක් නැති කියලා...

:       1       29

ජයන්ත මිලානො Friday, 21 May 2021 05:07 AM

දරුවනි, ඔබේ දෙමාපියන් අවුරුදු 72ක කාලයක් තිස්සේ රටක් විනාශ කරන පාලකයන් පත්කර ගැනීමට උරදීම නිසා ඔබට මෙවැනි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව අැත. ඔබ කෙසේ හෝ ඉගෙන ගෙන රටකට ජනතාවකට ආදරය කරන බුද්ධිමත් පාලකයින් පත්කර ගැනීමට වෙර දරන්න.

:       3       17

ganga Friday, 21 May 2021 07:18 AM

දැන් අපිට ඉන්නේ ඇමෙරිකාවේ ඉඳලා ආපු ජනාධිපති කෙනෙක්නේ.. ඒකනේ අපේ තාක්ෂණය මේ තරම් දියුණු වෙලා තියෙන්නේ.

:       1       12

දිනේෂ් Friday, 21 May 2021 08:43 AM

මෙම වසංගත තත්වය හමුවේ වැඩිම ලාබ ලබන ආයතන වන්නේ දුරකථන සමාගම්... ඔවුන් විවිධ පැකේජ හඳුන්වා දීමට හා ප්‍රචාරණයට උත්ස‍ාහ කළත් රටම අධිවේගී අන්තර්ජාල යටිතල පහසුකම් වලින් සන්නද්ධ කිරීමට වේගවත්ව ක්‍රියා නොකරයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ලාභයයි. වර්තමානයේ අධ්‍යාපනය හෝ නිවසේ සිට වැඩ කිරීම වෙනුවෙන් අන්තර්ජාල පහසුකම් සඳහා ඕනෑම අයෙක් කළින් නොකළ තරමේ වියදමක් කරයි. මෙය හුදෙක් දුරකථන සමාගම් සඳහා කොරෝනා වසංගතය උදාකරදුන් වෙළඳපලකි. දුරකථන සමාගම් තවමත් විශ්වාස කරනුයේ මෙය තාවකාලික වෙළෙඳපලක් කියායි. එ් නිසා ඔවුන් අන්තර්ජාල යටිතල පහසුකම් වලින් රටම ආවරණය කිරීමට උත්සාහ නොකරනවා විය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1563 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2058 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 474 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3119 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2516 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1846 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34732 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 488 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site