නිමල කොඩිතුවක්කු
නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතොත් ජනමත විචාරණයකට යොමු වීමට වුවද පසුබට නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹදී අද(07) පැවසීය.
තම තීන්දුව සම්බන්ධයෙන් ඕනෑම අවස්තාවක ජනමත විචාරණයකට යාමට පවා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘මේ වනවිට පාර්ලිමේන්තුව තුල පක්ෂ නායකයන්ගේ නිල නොවන රැස්වීමක් පවත්වාගෙන යනවා. උද්ගතව ඇති තත්ත්වය සහ පාර්මේන්තු කටයුතු පිළිබඳවත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව 14 වැනිදාට පෙර කැඳවීමක් සිදුවන්නේ නැහැ. ජනාධිපතිවරයා නියම කළ දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම බළයක් කතානායකවරයාට නැහැ. 14 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමක් පමනයි.
එදා දවස තුළ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීම පිළිබඳ මාධ්‍යය මගින් අදහස් ප‍්‍රකාශ කරනවා. එවැනි කටයුතු කිසිවක් එදින පාර්ලිමේන්තුවේදී සිදුවන්නේ නැහැ. ජනාධිපතිවරයා සිදුකරන ප‍්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුව වෙනත් දිනයකට කල් දානවා.
ඉන්පසුව නැවත පක්ෂ නායකයන් රැස්වෙලා ඊළඟ න්‍යාය පත‍්‍රය සකස් කරනවා. ඒ න්‍යාය පත‍්‍රයට අනුව විශ්වාසභංගයක්ද එහෙම නැත්නම් වෙනත් පාර්ලිමේන්තු කටයුත්තක්ද කියලා තීන්දුවක් ගැනීමට නියමිතයි.
ජනාධිපතිවරයා පත්වුනාට පස්සේ මුලින්ම කරන්නේ අග‍්‍රාමාත්‍යවරයා පත් කිරිමයි. අගමැතිවරයා පත් වුනාට පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙලා කතානායකවරයා පත් කරන්නේ. ඒ අනුව පැහැදිලිවම පේනවා අගමැතිවරයා පිළිබඳ ප‍්‍රශ්නයක් කතානායකවරයාට ඇති වෙන්න විදියක් නැහැ. මේ රටේ ඕනෑම ප‍්‍රශ්නයකදි ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකියි. නමුත් කිසිවකුත් අධිකරණයට ගිහින් නැහැ.
මේ රටේ ඇතිවෙලා තියෙන ප‍්‍රශ්නය 14 වැනිදායින් පස්සේ විසඳිලා යාවි. මේ ගත්ත තීන්දුව නිවැරදිද කියලා ජනමත විචාරණයකට ගිහින් විමසන්නත් පුලූවන්. පසුගිය 05 වැනිදා ජනමතය කොහෙද කියලා පැහැදිළිව පෙනුනා.‘‘
ඡායාරූප : ගයාන් අමරසේකර
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අගමැති ගැන අහන්න ජනමත විචාරණයකට යාහැකියි - ලක්ෂ්මන් යාපා