(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ''2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රෙගුලාසි නමින් ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම රෙගුලාසි අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු හා වෘත්තීය ජාතික පෙරමුණ සංවිධානයේ ලේකම් කපිල රේනුක පෙරේරා මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්මක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , නාගාරික සංවර්ධන අධිකාරිය ඇතුළ පිරිසක් නම් කරනු ලැබි සිටිති.
නීතීඥ දර්ශන වේරදූවගේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ සදහන් වේ.
පෙත්සම්කරු වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි.හෙතෙම වෘත්තීය ජාතික පෙරමුණ සංවිධානයේ ලේකම්වරයාද වේ.පෙත්සම්කරු නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබද උනන්දුවක් දක්වන අයෙකි.පෙත්සම්කරු කොළඹ නගර ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනකු කර ඇති අයෙකුද වේ.
අග්‍රමාත්‍යවරයා විසින් ඉකුත් ජූලි 08 වැනිදා ''2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රෙගුලාසි නමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
මෙම රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , නාගරකි සංවර්ධන අධිකාරී සහ ප්‍රාදේශි සභා පනත් වලට පටහැනි වේ.
මෙවැනි රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට ආග්‍රමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැත.මෙම නව රෙගුලාසි හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බොහෝ දුෂ්කරතා වලට මුහුණු පෑමට සිදු වේ.ඒසේම පරිපාලන ගැටලු රැසක්ද ඇතිවේ.
මෙම රෙගුලාසි වල 99 වගන්තිය අනුව , යම් ගොඩනැගිල්ලක අයිතිකරුවෙකු මෙම රෙගුලාසි කඩ කළ හොත් ඔහු නීතිමය වරදක් කළා සේ සැලකේ.මෙම රෙගුලාසිය මුළු මහත් ජනතාවගේම අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු වේ.
ඔනෑම සංවර්ධන ව්‍යාපෘතියක අනුමැතිය අත්හිටුවීමට නාගරික සංවර්ධන අධිකාරියට මෙම රෙගුලාසි මගින් බලය ලබා දී ඇත.එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන් උල්ලංඝනය වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , එම රෙගුලාසි ක්‍රියාත්මක වීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති නිකුත් කළ ගැසට්ටුව අවලංගු කරන්නැයි පෙත්සමක්
ගජමිතුරු 69 Friday, 08 October 2021 06:38 PM
නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කා කිව්වේ මොන බාධක ආවත් කරනවා කියලා රටේ අනන්ත ප්‍රශ්න තිබියදී හදිසි නොවන මංතීරු ඉදිකිරීම් වැනි දේවල් මෙයින් නතර වෙන්න පුළුවන් කපිල මැතිතුමණි, ඔබට ජයවේවා..!!!
BamunuarachchiSaturday, 09 October 2021 11:51 AM
මෙතැන තිබෙන්නේ මංතීරු ගැහිල්ල ගැන නොවෙයි. මංතීරු නොවෙයි සංවර්ධන අධිකාරියේ ලොක්කා පාරේ තාර දැම්මත් අපිට කමක් නැහැ.. සංවර්ධන අධිකාරියේ ලොක්කාගේ සමහර යෝජනා අනික් ඉංජිනේරු මිනින්දෝරු වැනි වෘත්තීන්ට බලපානවා. නාගරික සංවර්ධන අධිකාරිය බිහි වුනේ ඊයේ, පෙරේදා... රටේ අවුරුදු 150ක් පැරණි වෘත්තීන් වලට මේ ගොයියාගේ යෝජනා බලපානවා. ඒ නිසයි අපි විරුද්ධ වෙන්නේ. අනිකුත් වෘත්තීන්ට බලපාන යෝජනා දාගෙන සංවර්ධන අධිකාරියේ ලොක්කාට වැඩකරන්න අපහසු වේවි...
Padmananda Siriwardena Saturday, 09 October 2021 09:35 AM
රටේ සාමාන්‍ය ජනතාවට කළ නොහැකි, විෂය දැනුම, චිත්ත ශක්තිය සහ ධෛර්ය සම්පන්න බව, ඇති මහත්මයාණෙනි.., නිශ්ශබ්දතාවය රකින උගතුන්ට, මෙම කර්තව්‍යයේදී... ඔබගේ අදහස් සමග එක්ව සංවිධානය වීමට හැකියාව ඇති බව සඳහන් කර ආරාධනා කරන්න.
BamunuarachchiSaturday, 09 October 2021 12:12 PM
කා ගැනද මේ කියන්නේ කියලා දන්නේ නැහැ. මේ කියන්නේ සංවර්ධන අධිකාරියේ ලොක්කා ඇතුළු නඩේ ගැනද? කපිල රේණුක පෙරේරා මහතා ගැනද? කපිල රේණුක පෙරේරා මහතාට අපේ මොරාල් සපෝට් එක ලැබෙනවා...