ඊශ්‍රායල හමුදා දකුණු දෙසින් දේශසීමා හරහා ගාසා තීරයට පහර දීම ආරම්භ කරද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද වෙඩි නොවදින කබායකින් සැරැසී, දේශසිමාවේ සිටි එම සෙබළුන් හමුවීමට ගියේය.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු ගැටුම් පවතින ඊශ්‍රායල ගාසා දේශසීවාමට ගොස් ඊශ්‍රායල සෙබළුන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
ගාසා හමාස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට සැවොම එක් විය යුතු යැයි එම අවස්ථාවේදී ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කළේය.
1988 වසරේ දී දේශපාලනට පිවිසීමට පෙර නෙදන්යාහු ඊශ්‍රායල හමුදා නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සොයා මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායලය ගොඩබිමින්, ගුවනින් සහ මුහුදින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ගාසා තීරයේ උතුරු කොටසේ පළාත්වලය.
මෙහෙයුම ආරම්භ කිරීමට පෙර, ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි මිලියන 1.1 ක පලස්තීනුවන්ට ඊශ්‍රායල රජය නියෝග කළේ වහා ගාසා තීරයේ දකුණු කොටසට යන ලෙසය. ඒ, සඳහා පැය 24 ක කාලයක් ද ලබා දී තිබුණි.
කෙසේ නමුත්, ඊශ්‍රායල හමුදාව, එම පැය 24 ගෙවී යෑමටත් පෙර සිට ම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කළේ යැයි විදෙස් මාධ්‍ය පැවැසීය.
පලස්තීන පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, ගාසා තීරයේ උතුරු කොටසින් පලා යමින් සිටින පලස්තීන සිවිල් වැසියන්ගේ මොටර් රථවලට පවා ඊශ්‍රායල හමුදා පහර දුන් බවය. ඊශ්‍රායල හමුදා කළ පහරදීම්වලින් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 1,500 පසු කර තිබේ.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් සිදු කරන්නේ හමාස් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබූ ඊශ්‍රායල වැසියන් ද සොයමින්ය. හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායල භූමියට කඩා වැදුණු අවස්ථාවේදීය.
ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන්කාමීන් රදවාගෙන සිටින පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ද සිටින බව වාර්තා වේ. ඊට අමතරව ඇමෙරිකන් ඊශ්‍රායල පුරවැසියන් කීප දෙනකු ද හමාස් ප්‍රාණ ඇපයේ සිටිනවා යැයි ඇමෙරිකාව පවසා තිබේ.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අගමැති නෙදන්යාහු සටන් බිමට
Rata Perata Sunday, 15 October 2023 01:21 PM
ඒකට අපේ හිටපු උන් ,ඒ සී කාමර වල වීරයෝ .කොළඹට වෙලා පපුවට ගහ ගහ මිනිස්සු ආණ්ඩුව ,යුද්ධේ ඇත්තටම කරපු නායකයන් උන සරත් ෆොන්සේකා හිරේ දැම්මා .බයියන් නිසාම හොඳයි මුන්ට තවම ඉන්න