(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිත ආකාරයෙන් කටයුතු කිරීම ගැන එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
මැතිවරණ කොමිසම අවසානයක් නැති ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කළා. අපි ඒ අනුව ක්‍රියා ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නැහැ. අධිකරණයට ගියේ අපි නොවේ. මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. මා අමාත්‍යවරයා විදිහට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. කොමිසම අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන සාකච්ඡා කරනවා. කොමිසමට බලපෑමක් කරනවා කියලා සමහරු මේ සභාවේ කිව්වා.කොමිසමේ අය ඒවිද දන්නෙ නැහැ. කොහොම නමුත් මම කැඳවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ආයතන නිල කාලය නීතිය අනුව 19 වැනිදා අවසන් වුණා. ඒ සභාවලින් ජනතාවට අවශ්‍ය සේවාව කරගෙන යනවා.
අධිකරණයට ගිහින් ප්‍රශ්න විසඳගන්න හැදුවේ ඔබතුමාලා. අධිකරණයට ගරු කරනවා. භාණ්ඩාගාරය විදිහට අපි පුළුවන් විදියට අධිකරණයට උත්තර බැඳලා තියනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ නැත්තේ ඇයි කියලා මම මුද්‍රණාලයෙන් ඇහුවා. සල්ලි දුන්නොත් ගහන්න සූදානම් කියලා ඒ අය කිව්වා. මුද්‍රණාලයට මැතිවරණ කොමිසමට වෙන් කරපු මුදල් දෙන්න. අගමැතිතුමනි, මැතිවරණයට මුදල් දෙනවාද නැද්ද . පැහැදිලි උත්තරයක් දෙන්න
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:
මැතිවරණය අද සංසාරේ වගෙයි. මේක දිගටම යනවා. මේ රටේ රාජ්‍ය සේවකයන් තුන් දහසකට වැඩි පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වෙලා පඩි නැතුව ඉන්නවා. ඒ ගොල්ලන් දැන් අපෙන් අහනව මොකද කරන්නේ කියලා. ඡන්දෙත් නෑ. පඩියත් නෑ. කවද්ද මේ අයට පඩි දෙන්නෙ. ඔබතුමා ඒ ගැන තීරණයක් ගන්න.
ගුණවර්ධන මහතා:
මේ ගැන අපි පිළිතුරක් දීලා තියෙනවා. අපේ අපේක්ෂකයෝත් ඒ කණ්ඩායමේ ඉන්නවා. නාමයෝජනා දීලා. නමුත් අපි කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි. මේ ප්‍රශ්නය විසඳාගත යුතුයි. මේ වේදනාව අපිට දැනෙනවා. ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න තියෙනවා. විශ්‍රාම වැටුප් තියෙනවා. ලැබුණු ආධාරයෙන් හරි කොටසක් ඒවට වැය කරනවා.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා:
මේ අය දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන්. පෙබරවාරි මාර්තු වැටුප් හම්බ වුණේ නැහැ. මූල්‍ය ආයතන ඒ අයගේ ණය වාරික අය කර ගනිමින් සිටිනවා. දැන් අසාදු ලේඛනය ටත් ගිහිල්ලා. මේ අයට වැටුප ගෙවලා මැතිවරණයක් පැවැත්වුණාට පස්සේ යම් විසඳුමකට යන්න පුළුවන්. මෙය කැබිනට් පේපරයක් දාලා කරන්න පුළුවන් වැඩක් . මැතිවරණ දාං ඇදිල්ල නිසා මේ පිරිස අසරණ වෙලා. ව්‍යවස්ථානුකූලව නිත්‍යානුකූලව ගෙවීමක් කරන්න පුළුවන්.
සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රේෂ්ඨ කාරණය දුන්න තීන්දුව ක්‍රියාත්මක කරනවද. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවට ගෙන්නලා ඔවුන්ගේ චරිතය ඝාතනය කරන්න උත්සාහ දරනවා. මැතිවරණයට ඉදිරිපත්වූ අයගේ වැටුප් දීමනා ලබා දීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:
අද විධායකය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණ පනත උල්ලංඝනය කරමින් හිතුවක්කාරී ලෙස මැතිවරණය කඩාකප්පල් කරනවා. ඡන්දය පැවැත්වීම අධිකරණයේ කාර්යභාරයක් නොවේ. ඒක මැතිවරණය කොමිසමේ කාර්යභාරයක්. විධායකය බාධා කරන නිසයි මැතිවරණ කොමිසමට අධිකරණයට යන්න වුණේ. මැතිවරණ කොමිසමට කරන බාධා ඉවත් කළොත් ඡන්දය තියන්න පුළුවන්.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:
විපක්ෂ නායකතුමා හැමදාම ඕක ගැන ගිරවා වගේ කියනවා. මොකක්ද මේ කරන විහිලුව. රට හිනස්සවන්න එපා. ඒක තමයි ඔයාගේ කට්ටිය ගැලවි ගැලවි යන්නේ. අගමැතිතුමා පිළිතුරක් දීලා තියෙන්නේ.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති මැතිවරණ කොමිසම කැඳවයි