( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නිසි බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අවසර ලබා දෙන ලදී.
ඒ අනුව එම පෙත්සම් විභාගය ලබන ජනවාරි මස 25 දින විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ජනක් ද සිල්වා,කුමුදුනී වික්‍රමසිංහ, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූණි.
එහිදී දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම් විභාගයට අවසර දීමට විනිසුරු මඩුල්ල තීන්දු කලේය .
අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් ට බාර දීමට අදාළ ව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙකු වන හේමන්ත විතානගේ, නීතිඥ සංජය එදිරිසිංහ, සත්ව වේදිනියක වන පංචාලි පනාපිටිය යන මහත්වරුන් මෙම පෙත්සම ගොනු කළහ.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වනජීවී අමාත්‍ය සී බී රත්නායක සහ නීතිපතිවරයා නම් කර සිටිති.
බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමටත් ඊට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම යන කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක යන මහත්වරුන් විසින් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත් කළ බව පෙත්සමෙහි සදහන් වේ.
එම කැබිනට් සංදේශය තුළින් අධිකරණයේ පවතින අලි ඇතුන් සම්බන්ධ නඩු ඉල්ලා අස්කර ගැනීමට යෝජනා කර ඇති අතර එසේ අධිකරණය හමුවේ පවතින නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස තීන්දු ගැනීමට කැබිනට් මණ්ඩලය ට හිමිකමක් නොමැති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් පෙන්වා දෙති.
ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති සහ වනජීවී ඇමතිගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා