IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අගමැතිට ප්‍රසිද්ධියක් නොදුන්නැයි වැඩ තහනම්

පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහාබාස් ෂරීෆ්ට ප්‍රමාණවත් අන්දමින් මාධ්‍ය ආවරණයක් ලබා නොදුන්නැයි පාකිස්තානයේ රාජ්‍යය පුවත් නාළිකාවක 17 දෙනකුගේ වැඩ තහනම් කර ඇත.

වැඩ තහනමට ලක් කර ඇත්තේ පාකිස්තානයේ ‘පී.ටීවී.’ පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන්, පුවත් නිවේදකයන්, නිෂ්පාදකවරුන්, කැමරා ශිල්පීන් ඇතුළු 17 දෙනකු යැයි පැවැසෙයි.

නව අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දීමෙන් පසු ෂෙහාබාස් ෂරීෆ්ට ඉකුත් දා ලාහෝර් නුවර සංචාරයක නියැලුණේය. එම සංචාරයේ දී නව අග්‍රාමාත්‍යවරයා ‘කොට් ලක්පාත්’ බන්ධනාගාරයත්, ‘රාමසාන් බසාර්’ වෙළෙඳ සංකීර්ණයත් නැරැඹීමට ගියේය.

පාකිස්තානයේ රජයේ පුවත් නාළිකා පමණක් නොව, පෞද්ගලික නාළිකා ද අග්‍රාමාත්‍යවරයාගේ මෙම ලාහෝර් සංචාරයට පුළුල් ප්‍රචාරයක් ලබා දුන් නමුත් ‘පී.ටීවී.’ පුවත් නාළිකාවෙන් ලැබුණු මාධ්‍ය ආවරණය ප්‍රමාණවත් නොවන බව අග්‍රාමාත්‍ය මධ්‍ය අංශය පෙන්වා දී ඇත.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ‘පී.ටීවී’ නාළිකාවේ ප්‍රධානීන් පිළිතුරු දෙමින් පවසා ඇත්තේ තම කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් ලැප්ටොප් පරිගණක නොමැති වීම නිසා අග්‍රාමාත්‍යවරයා සෑහීමකට පත් වන ආකාරයට මාධ්‍ය ආවරණයක් ලබා දීමට නොහැකි වුණු බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අගමැතිට ප්‍රසිද්ධියක් නොදුන්නැයි වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 244 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 77 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 657 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 630 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1086 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 419 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site