(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය විගණනය දුර්වල කිරිමෙන් පාර්ලිමේන්තු මූල්‍ය පාලනය අඩපණ කිරීම සඳහා වන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට සියලු බලවේග වලට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
“විසිවන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර” යන මාතෘකාව යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂනායකවරයා නිකුත් කළ නිවේදනයක මෙසේද සඳහන් වේ.
“20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රාජ්‍ය විගණනයට අගතියක් ඇති නොවන බවත්, එය විපක්ෂයේ පදනම් විරහිත බොරු මතයක් බවත්, අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
සත්‍ය වසන් කරමින් මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර උක්ත මාධ්‍ය නිවේදනය සකස් කර ඇති බව පෙන්වා දෙමු.
උක්ත මාධ්‍ය නිවේදනය තුළින් විගණන කොමිෂන් සභාවේ කාර්යභාරය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යභාරයට සමාන කර ඇති නමුත්, රාජ්‍ය විගණනයේ පරිපාලන ස්වාධීනත්වය ඇති කිරීම, මූල්‍ය ස්වාධීනත්වය ඇති කිරීම හා කාර්ය බද්ධ ස්වාධීනත්වය ඇති කිරීම මෙන්ම රාජ්‍ය විගණනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සංවිධානයන්ගේ සම්මුතීන් අනුව කටයුතු කිරීම සඳහා වන යාන්ත්‍රණය සැකසීම දක්වා පුළුල් විෂය පරාසයක කාර්යභාරයක් විගණන කොමිෂන් සභාව වෙත පැවරී තිබූ බව පෙන්වා දෙමු.
ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා කැබිනට් අමාත්‍යවරුන්ගේ කාර්යාල ඇතුළුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව තුළට ඇතුළත් කර තිබූ ආයතන, 20 වන සංශෝධනය මගින් ඉවත් කිරීම සාධාරණීකරණය කරමින් අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ උක්ත කාර්යාල දෙපාර්තමේන්තු ගණයට ඇතුළත් වන බැවින් විගණනය කිරීමේ බාධාවක් නොමැති බවයි. අගමැතිවරයාගේ අර්ථකතනයට අනුව උක්ත ආයතන විගණනය කිරීමට බාධාවක් නොමැත්තේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) තුළ නම් වශයෙන් පැහැදිලිව සඳහන් කර ඇති උක්ත ආයතන 20 වන සංශෝධනයෙන් ඉවත් කළ යුත්තේ ඇයි ද යන්න අගමැතිවරයාගෙන් විමසිය යුතුව ඇත. අප දන්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පැහැදිලිව සඳහන් කර ඇති කරුණක් ඉවත් කිරීම තුළින් ගම්‍ය වන්නේ එකී ආයතන විගණනය නොකළ යුතුය යන්න බව පෙන්වා දෙමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව තුළින් රාජ්‍ය විගණනයේ විෂයපථයට ඇතුළත් කර තිබූ කෙටස් අයිතිය 50% වඩා වැඩි රාජ්‍ය සමාගම් 20 වන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ විෂයපථයෙන් ඉවත්කර ඇත.
නමුත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ 154(2) ව්‍යවස්ථාවට අනුව මුදල් අමාත්‍යවරයා හා විගණකාධිපතිවරයා විමසා සමාගම් විගණනය සඳහා විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පෞද්ගලික විගණන සමාගමක් වෙත විගණන කටයුතු පැවරීමට විෂයභාර අමාත්‍යවරයා වෙත අවකාශ ඇති බැවින් රාජ්‍ය සමාගම් විගණනය විගණකාධිපතිවරයාගෙන් ඉවත් නොවන බවට කරුණු ඉදිරිපත් කර ඇත.
එහෙත් විගණකාධිපතිවරයාගේ විෂයපථය හා විගණනය කළ යුතු ආයතන සම්බන්ධයෙන් ප්රතිපාදනයන් ඇතුළත් වන්නේ 154(1) ව්‍යවස්ථාව තුළ පමණක් බව පෙන්වා දෙන අතර, විෂයභාර අමාත්‍යවරයාට විෂයගත කරුණක් හෝ අවශ්‍ය ක්ෂේත්රයක් ආවරණය වන පරිදි අතිරේක විගණනයක් සිදුකරවා ගැනීම සඳහා 154(2) හි ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි බව හා උක්ත පරිදි සිදුකරනු ලබන විගණනයක් තුලින් අනාවරණය වන කරුණු 154(1) අනුව විගණකාධිපතිවරයා සිදුකරනු ලබන විගණනයකදී භාවිතයට ගැනීමට විගණකාධිපතිවරයා අදහස් කරන්නේ නම් පමණක් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ එකී විගණනය සිදුකරන ලෙස අදාළ විගණන සමාගමට දැන්වීමට විගණකාධිපතිවරයාට හැකියාව ඇත. ඒ අනුව උක්ත ප්‍රකාශය ද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව පෙන්වා දෙමු.
අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් හා ජනතාව නොමඟ යවමින් ඊනියා 20 වන සංශෝධනය හරහා රාජ්‍ය විගණනය දුර්වල කිරීමට කටයුතු නොකරන ලෙසත්, රාජ්‍ය විගණනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කර ඇති 153 හා 154 ව්‍යවස්ථා සංශෝධනය නොකරන ලෙසත් අගමැතිවරයා ප්රමුඛ රජයට අවධාරණය කරමු. සැබෑ අනතුර නිවේදනයක් තුලින් වසන් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව අපි අතිශයින් කනගාටු වෙමු. රාජ්‍ය විගණනය දුර්වල කිරීම තුළින් පාර්ලිමේන්තු මූල්‍ය පාලනය අඩපණ කිරීම සඳහා වන ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීමට සියලු බලවේග වලට ආරාධනා කරමු.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අග්‍රාමාත්‍ය නිවේදනයට විපක්ෂනායකයාගෙන් ප්‍රතිචාර
Nuwan Tuesday, 06 October 2020 11:02 AM
මහ රජතුමා ඩොලර් බිලියන 15න් එහා වත්කමක් තියාගෙන තවත් රට උලාකන වැඩක් තමයි සැලසුම් කරලා තියෙන්නේ.
Chandima Tuesday, 06 October 2020 11:15 AM
ඔයාගේ මොලේ කොහේද?
සෑම් Tuesday, 06 October 2020 11:43 AM
20 සංශෝධනයට මෙයා කෙලින්ම සම්බන්ධයි. තැටිය රත්වෙලා තියන වෙලාවේ රොටිය පුච්චගන්න බලන්නේ පරලෝකේ ගිහිල්ලා කන්න.
Raveendra Tuesday, 06 October 2020 12:13 PM
අනේ සජි පුතේ අපට නිකං කියන්නකෝ බලන්න එකඳු දේශපාලුවෙක් ඉන්නවද කියලා දියවන්නාව පට්ටියේ "සත්‍ය වසංකරමින් මහජනතාව නොමග නොයවපු" ?
de silva Tuesday, 06 October 2020 12:26 PM
සජිත් කියන්නේ බොරුනම් ඔහුට විරුද්ධව නඩු පවරන්න. ඕක කියන්නේ සජිත් පමණක් නොවේ. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවකයෝ, ගුරු සංගමය, පෙරකදෝරු සංගමය... රජතුමනි, අපව ගොනාට අන්දන්න එන්න එපා.
siri Tuesday, 06 October 2020 12:34 PM
කවුද මන්දා අතේ ලොකු ගලකුත් තියාගෙන කෑගහනවා ඇහුණා. කවුරු ගැනද මන්දා ඒ කිව්වේ...
Perera Tuesday, 06 October 2020 05:22 PM
රාජපක්ෂවරු බොරු කියන්නේ නැහැ කියලා 69 ලක්ෂයක් රටේ ජනතාව දන්නවා.