(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගොවිතැන සදහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍යවරයා එලෙස කළ විට අගෝස්තු 16 වන හදිසි විදුලි මිලදී ගැනීමක් කරන්නට සිදුවන බවද අමාත්‍යවරයා කීය.
විකල්ප විදුලි මිලදී ගැනීමක් නැති නම් මාතර, ගාල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් කරන්නට සිදු වෙන බව අමාත්‍යවරයා කීය.
දවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය දෙකක් වශයෙන් එලෙස විදුලිය කපන්නට සිදුවෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රසම්පාදන ක්‍රමය යටතේ හදිසි විදුලිය මිලදී ගන්නට බලාපොරොත්තු වෙන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ගොවිතැන සදහා වතුර නිදහස් නොකළොත් විදුලි උත්පාදනය සඳහා කිසිම ගැටළුවක් ඇතිවන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’
ravin Tuesday, 08 August 2023 12:41 PM
කෙල පෙරාගෙන නේද හිටියේ කට්ටිය එක්ක කොමිස් ගහන්න .ඕන එකත් හරි එහෙනම්.දෙන දෙවියෝ ගෙට ගෙනාවත් දෙනවා අපිටත් දවසක හඳ පායනවා